Beauty
ලෙමන් වලින් ලස්සන වෙන හැටි
දන්නවද ලෙමන් වල ගොඩක් health benefits තියෙනවා, ඒ වගේම ලෙමන් කියන්නේ ගොඩක් beauty එකට උදව් වෙන එකක්.
ලස්සන වන්නට ලෙමන් උදව් වෙන අයුරු
01. ලිප් ස්ක්රබ් එකක් විදියට ලෙමන් use කරන්න පුළුවන්
දන්නවනේ සමහර කාලගුණ වෙනස්කම් ඔයාගේ සමට තදින්ම බලපානවා කියල. ඉතින්, cold and windy weather ඔයාගේ තොල්වල ඇති සම වියලි කරන්න පුළුවන්. ඉතින් ඒ වගේ තත්ත්වයක් උඩදී, ඔයාට පුළුවන් ඔයා නිදාගන්න යන්න කලින් ලෙමන් ජූස් ඔයාගේ ලිප්ස් උඩ ගාලා නිදා ගන්න, lip balm එකක් විදියට. ඊට පස්සේ, ඊළග උදේ ඔයාට ලේසියෙන්ම ඔයාගේ ලිප්ස් වල තියෙන මැරුණු සම ඉවත් කර ගන්න පුළුවන්.
02. හිසකෙස් වල තෙල් ස්වභාවය ඉවත් වන්න ලෙමන් උපකාරී වේ
ඔයාගේ හිසකෙස් වල තෙල් ස්වභාවය නැතිවෙන්න කියල එක එක ෂැම්පු ඔයා පාවිච්චි කරනවා නේද? තාම නිසි ප්රතිපලයක් නැද්ද? එහෙනම් ලෙමන් ජූස් ආලේප කරන්න. හිසකෙස් වල තෙල් තට්ටු ඉවත් වීමට මේක හොද solution එකක්.
03. ලෙමන්, සම දීප්තිමත් කරයි
ලෙමන් කියන්නේ විටමින් C හා citric acid බහුල දෙයක්. ඉතින්, ඔයාට දීප්තිමත් සහ පැහැදිලි සමක් ලබා ගන්නටනම් ලෙමන් ජූස් වැඩිපුර ඔබේ ශරීරයට එක්කර ගන්න.
04. ලෙමන්, සමේ ඇති ලප, පැල්ලම් ඉවත් කරයි
ඔයාගේ සමෙත් තිත්, ලප, පැල්ලම් තියෙනවද? එහෙනම් ඒ ස්ථාන වල, ලෙමන් යුෂ ගා විනාඩි 15ක් පමණ තිබෙන්න හරින්න.
05. සිනිදු වැලමිටක් හා දණහිස් ලබා ගැනීමට
ඔයාගේ වැලමිටවල් හා දණහිස් ගොරෝසු වෙලාද? කැමතිද වැලමිටවල් හා දණහිස් සිනිදු කර ගන්න? එහෙනම්, ලෙමන් යුෂ වලට ලුණු හා ඔලිව් ඔයිල් mix කරලා ඒ තැන් වල ආලේප කරන්න. මේක homemade exfoliating scrub විදියට පාවිච්චි කරන්න පුළුවන්.
බලන්න, ලෙමන් කොච්චර ඔයාට උදව් වෙනවද ලස්සන වෙන්න කියල!
yeheliya.com
(under the courtesy of goodhousekeeping.lk web)