SexEducation
ලිංගික හැසිරීම වේදනාකාරී වීමට බලපාන හේතු 6ක්
ලිංගිකව හැසිරීම වේදනාකාරී වීම සෑම කාන්තාවන් තිදෙනෙකුගෙන් එක් අයෙකු පීඩා විඳින තත්වයක් ලෙසයි වෛද්‍යවරුන් පවසන්නේ. මේ ඒ සඳහා හේතු විය හැකි තත්වයන් කිහිපයක් ගැන විස්තර කෙරෙන කෙටි ලිපියක්.
කලාතුරකින් ලිංගිකව එක්වීම
මෙවිට සිදුවන්නේ යෝනි මාර්ගය හා ඒ අවට ඇති පේශි දැඩි වීමයි. එම හේතුව නිසා ලිංගිකව එක්වීම වේදනාකාරී වන බවයි වෛද්‍යවරුන් පවසන්නේ
ආතතිය
මානසික ආතතිය නිසාද ඉහත කිව් ආකාරයට පේශි දැඩි වීමක් වන අතර යෝනි ශ්‍රාවයන් වහනය වීමත් ප්‍රමාණවත් පරිදි සිදුවන්නේ නැහැ. ඉතින් එවිටත් ලිංගිකව එක්වීම අපහසු සහ වේදනා ගෙන දෙන සුළු වනවා.
ආර්තවහරණයට ආසන්නව සිටීම
ඔසප් වීම නවතින වයස් මට්ටමට ආසන්නව සිටින විටත් සිරුරේ හෝර්මෝනවල ඇතිවන වෙනස් වීම නිසාත් ලිංගිකව එක්වීම වේදනාකාරී වන්නට පුළුවන්.
ස්නේහක (lubricants) භාවිතා නොකිරීම
කියවන්න,
වේදනාකාරී ලිංගික එක්වීමට සහනය දෙන කෘතීම ස්නේහක (lubricants) වර්ග 3ක්
බැක්ටීරියා සහ යීස්ට් ආසාදන තත්වයන්
යෝනි ප්‍රදේශය අවට කැසීම සහ වෙනත් අපහසුදායක තත්ත්වවලින් ඇතැම් කාන්තාවන් පෙලෙන්නේ මෙවන් ආසාදන තත්වයන් නිසායි.
අසහනකාරී හැඟීම්
තරහව, දුක, කම්පාව, ලැජ්ජාව ආදී හැඟීම් නිසාත් ලිංගිකව එක්වීම වේදනාකාරී වනවා.
.loveandsex.lk