Life
ලිංගික අපයෝජනයෙන් දරුවන් බේරාගන්නේ කොහොමද?
අම්මා කෙනෙක්, තාත්තා කෙනෙක් දරුවෙක් මේ ලෝකෙට අරගෙන එන්නේ ප්‍රාර්ථනා කන්දක්ම අත දරාගෙන. දරුවත් එක්ක ගෙවෙන හැම තත්පරයකදීම සිහින පොදි බඳිනවා. දරුවා ආරක්ෂා කරගන්න විදිය ගැන කල්පනා කරනවා. අම්මා තාත්තාගේ ඇස් මායිමේ දරුවව රඳවගන්නේ ඇස් මායිමෙන් ගිලිහෙන මොහොතක වුවත් දරුවෙක්ට අනතුරක් වෙයි කියන බයට. පසුගිය කාලේ අම්මගේ තාත්තගේ ඇස් මායිමෙන් ගිලිහුණු දරුවෝ අකාලයේම මිලින වෙලා ගියා. තවත් සමහරු අම්මා තාත්තලගේ වැරැදි ක්‍රියාකලාප නිසා තමන්ගේ ජීවිතෙන් වන්දි ගෙව්වා.
අවුරුදු දහ අටට අඩු හැම කෙනෙක්ම ළමයෙක් විදියට සලකනවා. දරුවකුට තමන්ගේ ආරක්ෂාව තනිවම සලසා ගත නොහැකි නිසා ඒ සඳහා සෑම විටම වැඩිහිටියකුගේ සහාය අවශ්‍යයි.
නමුත් පවුලේ අයකු හැර පිටස්තර අයකු දරුවාට අනවශ්‍ය අයුරින් සමීප වනවානම් ඒ පිළිබඳ සැලකිලිමත් වන්න. ඔහු හෝ ඇය ගැන දරුවාගෙන් බොහෝ සුහදව විමසන්න. පුංචි දරුවකු කිසියම් අයුරකින් ලිංගිකව අපයෝජනයට ලක් වූයේ නම් එහි වරද දරුවා පිට පැටවීමෙන් වළකින්න. තවමත් ජීවිතය සොයන පුංචි දරුවා වැරැදිකාරයකු නොවන බව මතක තබාගන්න. පුංචි දරුවකුට බාහිරින් පෙලඹවීමක් නොමැතිව තනිවම අපයෝජනය වීමේ කිසිදු හැකියාවක් නැති නිසා දරුවාගේ හැසිරීම්, ගමන් බිමන් ගැන සොයා බලන්න.
දරුවකුගේ ශරීරයේ අයිතිය ඇත්තේ දරුවකුට පමණක් බව කියා දෙන්න. දරුවා සිප වැලඳ ගත හැක්කේ සමීපතමයන්ට පමණක් බව පවසන්න. සමීප අයකු වුවත් අනවශ්‍ය අයුරින් දරුවා ස්පර්ශ කරනවා නම් එයට විරුද්ධ විය යුතු
බව දරුවාට කියා දෙන්න. අනවශ්‍ය අයුරින් දරුවා ස්පර්ශ කරන අය ඒ පිළිබඳ කිසිවකුටත් පවසන්නට එපා යැයි බොහෝ විට තර්ජනය කරයි. ඒ නිසා දරුවා අපහසුතාවට පත්වන ඕනෑම අවස්ථාවක මවුපියන්ට පැවැසිය යුතු බව දරුවාට අවධාරණය කරන්න. දරුවාට ඇහුම්කන්දීම සඳහා ඔබ සූදානම් විය යුතුයි. බලහත්කාරයෙන් තර්ජනය කිරීමෙන් වගේම යම් පෙලඹවීමක් කිරීමෙන් පුංචි දරුවකු අපයෝජනයට ලක් කළ හැකියි. ලිංගිකව දරුවන්ට සිදුකරන අපයෝජනය ස්පර්ශයක්ම නොවිය හැකියි. වැඩිහිටියකු විසින් දරුකුගේ ශරීරයේ අනවශ්‍ය ස්ථාන ස්පර්ශ කරනවා සේම, දරුවකු ලවා වැඩිහිටියන්ගේ ලිංගික අවයව ස්පර්ශ කරවා ගැනීමත් ලිංගික අපයෝජනයක්. ස්පර්ශයෙන් තොරව වුවත් අසභ්‍ය ඡායාරූප හෝ වීඩියෝ පට පෙන්වීමත් ලිංගික අපයෝජනය ලෙස හැඳින්වෙයි. පවුලේ සාමාජිකයන් අතින්ද ළමයින්ට ලිංගික අපයෝජන සිදුවිය හැකි බව මතක තබා ගන්න. බොහෝ විට පියා, සුළු පියා, මාමා, වැඩිමහල් සහෝදරයන් හෝ වෙනත් ඥාතීන් අතින්ද දරුවන්ට අපයෝජන සිදුවෙයි. ළමා අපයෝජනවලට ගැහැනු පිරිමි භේදය අදාළ නොවනවා සේම අපයෝජනය සිදුකරන්නේ හොඳින් දන්නා හඳුනන අයම නොවේ. නොදන්නා අය වෙතින්ද දරුවන් අපයෝජනයට ලක් විය හැකිය.
දරුවා වේදනාවට පත්වන අයුරින් කවුරුන් හෝ ස්පර්ශ කරනවා නම් දරුවා අකැමැති ස්ථානයක් කවුරුන් හෝ ස්පර්ශ කරනවා නම් දරුවා අපහසුතාවට පත්වන අයුරින් කවුරුන් හෝ දරුවා ස්පර්ශ කරනවා නම් දරුවා බියට පත්වන අයුරින් කවුරුන් හෝ දරුවාව ස්පර්ශ කරනවා නම් වෙනත් අයකු විසින් ඔහුගේ හෝ ඇයගේ ශරීරයේ යම් තැනක් ස්පර්ශ කිරීමට දරුවාට බලපෑම් කරනවා නම් කවුරුන් හෝ දරුවාව ස්පර්ශ කොට ඒ ගැන කාටවත් කියන්න එපා යැයි පවසනවා නම් එසේ පැවැසුවහොත් දරුවාට කරදරයක් සිදු කරන බවට තර්ජනය කරනවා නම් ඒ ගැන වැඩිහිටියකුට අනිවාර්යයෙන්ම පැවැසිය යුතු බව දරුවාට කියා දෙන්න.
දරුවාට විශ්වාසවන්ත අය සමඟ පමණක් තනිවීමට ඉඩදෙන්න. දරුවා අනාරක්ෂිත ස්ථානවලට යැවීමෙන් හෝ හුදෙකලා කිරීමෙන් වළකින්න. යම් දෙයක් ගැන ඇසීමේදී දරුවාට තරවටු කිරීමෙන් දරුවා තවත් බියට පත්වෙයි. අවශ්‍ය දේ සුහදව තේරුම් කොට දෙන්න. කවුරුන් හෝ අනවශ්‍ය ලෙස දරුවාට සමීප වනවා නම් ඒ ගැන සොයා බලන්න. අනවශ්‍ය ලෙස දරුවා ස්පර්ශ කරනව විට ඊට එරෙහි වීමට දරුවාට උගන්වන්න. හොඳ ස්පර්ශ පිළිබඳවත් නරක ස්පර්ශ පිළිබඳවත් දරුවාට පහදා දෙන්න. හිස අතගෑම, අතින් ඇල්ලීම, නළල හෝ කම්මුල සිප ගැනීම ආදිය හැරුණු කොට අන් සියලු ස්පර්ශයන්වලදී එයට අකැමැත්ත ප්‍රකාශ කළ යුතු බව පහදන්න. අන් අය අනවශ්‍ය අයුරින් ස්පර්ශ කරන විට එය රහසක් ලෙස තබා නොගත යුතු බව දරුවාට කියා දෙන්න. දරුවා කොහේ හෝ තැනකට රැගෙන යෑමට උත්සාහ දරනවා නම් දරුවා සමඟ තනි වීමට උත්සාහ දරනවා නම් දරුවා අපහසුතාවට පත්වන ලෙස කටයුතු කරනවා නම් වහාම එම ස්ථානයෙන් ඉවත් වන ලෙස දරුවාට කියා දෙන්න.
උපදෙස්
ජාතික ළමාරක්ෂක අධිකාරිය
Wmqgd .ekSu u