Beauty
ලස්සන වෙන්න ශාකසාර
අපි හැමෝම කැමැතියි ලස්සන වෙන්න. දිනෙන් දින වෙනස්aවන තාරුණය දිගටම තියා ගන්න පුළුවන් නම් කොයි තරම් වාසනාවක් ද, අද වනවිට ලෝකයේ බොහෝ දේවල් සොයා ගෙන තියෙනවා තරුණකම යම්තාක්දුරට රඳවාගන්න පුළුවන් , එන්නත් වර්ග. සැත්කම්. ටැබ්ලට් වැනි බටහිර වෛද්‍ය විද්‍යාවට අනුව බොහෝ දේ. ඒත් මේ දේවල් හැමෝටම කරන්න අමාරුයි ඒ වගේම බයයි.
කොහොම වුණත් අපේ ආයුර්වේදයේ තියෙනවා අපේ රුව වගේම නිරෝගීකමත් රැක ගත හැකි ශාකසාර ඖෂධ වර්ග. කාන්තාවක් විදියට ඒ පිළිබඳ දැනුවත් වීම හරිම වැදගත්. මේ ඖෂධවල තියෙන ගුණයන්a හා ඒ ඖෂධ මොනවාද යන්න දැනගත්විට ඔබට පුළුවන් ඔබේ රූපේ ඇතිවන ගැටලුවලට ඔබටම කළ හැකි ස්වභාවික ශාකසාර හඳුනාගන්න.
කෝමාරිකා - රුව සඳහා භාවිත කරන ඔසු අතර අග්‍රස්ථානය කෝමාරිකාවලට හිමි වෙනවා. මෙමගින් ශරීරයේ උෂ්ණත්වය පහ වෙනවා. හිසකෙස් දීප්තිමත් වෙනවා. සම පැහැපත් වෙනවා ආමාශාධි රෝග සඳහාත්a ඉතා වැදගත්.
කොහොඹ - මෙය ආයුර්වේදයේ නිම්බ යනුවෙන් හඳුන්වනවා. මෙහි පංචාංගයම ගන්නවා.
ෆ මෙය විෂබීජ නාශකයක්. සමට හා හිසකෙස්වලට වැදගත්. අකලට හිස කෙස් පැසීම, සමේ දද කුෂ්ට වැනි සමේ රෝගවලට හොඳයි.
ෆ කහ - මෙය හරිදා යනුවෙන් හැඳින්වේ.
අල, මල්, පොතු ආහාර හා ඖෂධ පිණිස ගන්නා විෂබීජ නාශකයක්. සමේ ඇතිවන කුඩා බිබිලි හා සමේ වර්ණය ලබාදෙනවා.
සුදුහඳුන්- මෙය චන්දන යනුවෙන් හඳුන්වයි. සම පැහැපත් කරන්න, ශරීයේ දහඩිය නැති කරන්න, ශරීරයේ දාහය නැති කර සම පැහැපත් කිරීම හා උෂ්ණය පාලනය කරයි.
නෙල්ලි - මෙය ආම්ලක යනුවෙන් සඳහන් වේ. මෙහි ඇට, මදය, මල් පොතු සියල්ල ඖෂධ පිණිස ගැනේ. විශේෂයෙන් ශරීරයේ ත්‍රිදොaෂ සමනය කිරීමට. වයං කල්‍යාණ රැක ගැනීමට, විටමින් සී බහුලව ලැබීමට, ශරීරය ආරක්ෂාවට, ලේ පිරිසිදු වන්න, හිසකෙස් වර්ධනය, දත් මුල් දියවීම මුඛයේ තුවාල වැනි දේ සඳහා ගුණදායකයි.
කොකුම් - මෙය කුංකුම යනුවෙන් සැලකේ. සම පැහැපත් කරන රූපලාවන්‍ය ඔසු අතර ප්‍රධාන තැනක් ගනී. රුධිර ශෝධනය සම මතුපිට ඇති අක්‍රීය සෛල ඉවත් වීමට, සම සුසිනිදු වීමට හොඳයි.
ඉරමුසු - මෙය මුල් වර්ගයකි. මෙය සමට ඉතා වැදගත් ඖෂධයකි. ඉරමුසු වර්ග දෙවර්ගයක් ඇත. රුව සඳහා භාවිත කරන්නේ හීං ඉරමුසු ය. මෙය කුරුළෑ, ලප කැලල් සඳහා සේදුම් කාරයක් වන අතර ශරීරයේ සිසිල් බව පැහැපත් බවක් ද ගෙන දේ.
රණවරා - සම පැහැපත්a වීමට. මල් වියළා කුඩු කර ආලේපය ශරීරයේ උෂ්ණය අඩු කිරීමට, මුත්‍රා ආබාධ, දියවැඩියාවට මෙන්ම ශරීරයේ ඉදිමුමට කොළ වණ්aඩුවේ තම්බා තැවීම. රණවරා කොළ තම්බා කට සේදීම තොල් පැලීමට වැදගත් වේ.
කලාඳුරු - මුහුණේ ඇතිවන කුරුළෑ බිබිලි වැනි දේ සඳහාද, ඇස්වල නග්න සඳහා ඇල්දියෙන් අඹරා ගෑම ද සමේ රෝග සඳහා වැදගත් වේ.
වෙනිවැල් - මෙය විශේෂයෙන් රූපලාවන්‍ය නිෂ්පාදන සඳහා භාවිත කෙරේ. ශරීරයේ ඇති අවපැහැය අඩු කිරීමට. සම වර්ණවත් කිරීමටද විෂ බීජ ඉවත් වීමට වෙනිවැල් තැම්බූ වතුරෙන් සේදීම ගුණදායකය.
රුව ගැන
සිතන ඔබට
ආහාරපාන
ඉතා වැදගත්
අපේ කාන්තාවන් බොහෝ දෙනෙක් හිතන්නේ රූපලාවන්‍ය කියන්නේ තමාගේ ශරීරයට බාහිරව භාවිත කරන රූපලාවන්‍ය ආලේපන සත්කාර ප්‍රතිකාර විතරක් කියලා. බාහිර ආලේපන තුළින් පමණක් රූමත් බව රැකීමට උත්සාහ කිරීම ඇත්තටම ප්‍රතිඵල රහිත දෙයක්. ඒ වගේම තමයි නිරෝගීකම පිරිසිදු බව වගේම කෙනකුගේ මානසික සෞඛ්‍යයත් වැදගත් වෙනවා සුන්දර රූසපුවකට.
විශේෂයෙන්ම 75% ක් වැදගත් වන්නේ ඔබ ගන්නා ආහාරපාන බව බොහෝ විට ඔබ නොදන්නවා වෙන්න පුළුවන්. අපේ ශරීරයේ බාහිර සම හැටියට වඩා වැදගත් වන්නේ ඔබ ගන්නා සමබර හා සමබල ආහාර වේලයි. මෙහිදී විශේෂයෙන් රුව ගැන සැලකිලිමත් වන ඔබ අඩුම තරමින් දිනකට වතුර ලීටර් 6 ක් වත් ගැනීම හමට වැදගත්. එහෙත් බොහෝ දෙනා වතුර බොන්නේ ආහාර ගත් පසු පිපාසයක් ඇතිවුණ විට පමණයි. නමුත් අපේ ශරීරයේ අභ්‍යන්තරයේ ඇතිවන පරිවර්තීය ක්‍රියාවලියත් රුධිර සංසරණය පහසු කිරීමටත් ශරීරයේ ඇති අපද්‍රව්‍ය (දහඩිය හා මුත්‍රා) වැනි ද්‍රව්‍ය පිට කිරීමටත් අපි වැඩිපුර වතුර ගැනීම කළ යුතුම වෙනවා.
මේ තුළින් බාහිරව සම පැහැපත් වෙනවා පමණක් නොව සමේ තෙතෙමනය, වගේම නිරෝගී බව දීර්ඝායුෂ වැඩිවීම සිදු වෙනවා. මේ විදියට වතුර වැදගත් වෙනවා වගේම තමයි ඔබ ගන්නා ආහාර, විශේෂයෙන් රුව ගැන සිතන ඔබ උෂ්ණාධික ආහාර වන ඉස්සන්, දැල්ලන් වැනි උෂ්ණාධික ආහාර,තෙල් අධික ආහාර, පැණි රස, ඇඹුල් රස ආහාර වලින්ද වැළැකීම හරි වැදගත්.
විශේෂයෙන් රුව ගැන හිතන ඔබ උදය ආහාරයට හොඳ පෝෂණයෙන් පිරි ආහාර වේලක් ගත යුතුයි. සාමාන්‍යයෙන් කියන්නේ උදේ ආහාරය රජෙක් වගේ ගත යුතු බවයි. මොකද පැය 12 ක් වැනි කාලයක් කිසිම ක්රියාකාරීත්වයක් නොවී හිස්ව තිබූ ඔබේ උදරයට අලුත් ආහාරයක් එකතු වෙන්නේ මේ අවස්ථාවේදීයි. මෙහිදී දිරවීමට පහසු පලතුරු, කොළ කැඳ, ඇට වර්ග වැනි ඉතා සරල දෙයක් තමයි වැදගත් වන්නේ. ඒ වගේම පලතුරු යුෂ වීදුරුවක් පානය කිරීමත් හරි වැදගත්. ඒ වගේම උදෑසන එළකිරි වීදුරුවක් පානය කිරීම ඉතා වැදගත්.
දිවා ආහාරය සඳහා බත් පොල්කටු හැඳි 1 1/2 ක් කොළ වර්ගයක්, කහ පැහැති එළවළු වර්ග දෙකක් මාළු පෙත්තක් වැනි දේ වගේම කෙසෙල් පැපොල් වැනි පළතුරක් ගැනීමත් ආහාරයට පෙර කෑම රුචිය වැඩිවීමට රසම් හොද්දක් වැනි දේද හරි වැදගත්.
රාත්‍රි ආහාරය ලෙස ඉතා සැහැල්ලු සුප් කෝප්පයක්, තැම්බූ එළවළු ටිකක් ඉඳිආප්ප වැනි දෙයක් ගැනීමත් හරි වැදගත්.
විශේෂයෙන් නිතර ඌෂ්ණාධික බව වැඩි කරන ආහාර වන දැල්ලෝ , ඉස්සෝ, අච්චාරු වැනි සැර ආහාරද ඌරුමස් හරක්මස්, චීස් බටර් මීකිරි වැනි තෙල් අධික ආහාර ද මිරිස් අධික තුනපහ යෙදූ ආහාර ද චොක්ලට් අයිස්ක්‍රීම් වැනි පැණිරස ආහාරවලින්ද නිතර භාවිතයෙන් වැළැකිය යුතුයි.
අඩුම තරමින් සතියට දින 3 ක් වත් කොළ කැඳ වීදුරුවක් පානය කිරීම, ඖෂධීය පානයන්aවන බෙලිමල්, රණවරා, රසකිඳ, නෙල්ලි වැනි පානයන් ද ගැනීම ඉතා වැදගත් වේ. ඒවගේම ඔබ ගන්නා ප්‍රධාන ආහාරවේල් 3 ට පසු උණුසුම් වතුර පානය ද වැදගත්වේ.
උපතින් සුන්දර රුවක් හිමි ඔබට එය වැඩි දියුණු කර ගැනීමට එය පවත්වා ගෙන යැමත්, ඔබ ගන්නා ආහාර පාන රසය නොව එහි ගුණාත්මක බවට මුල්තැන දෙමින් ආහාර පාන තෝරා ගැනීමත් ඉතා වැදගත් බව මතක තබාගන්න.
Wmqgd .ekSu Èjhsk mqj;a m; weiqfrks