Beauty
ලස්සන වැඩිවෙන්න මේකප් කරමු
රුව ගැන කතා කරන විට මේකප් ගැනත් කතා නොකරම බැහැ. අද යුවතියන්, කාන්තාවන් කවුරුත් යන්තම් හෝ මේකප් එකක් කරගන්නට උනන්දුවක් දක්වනවා. ඒ නිසා අපි හිතුවා පහසුවෙන් හා ඉක්මනින් සරල මේකප් එකක් කරගන්නේ කොහොමද කියලා ඔබට කියලා දෙන්න.
බොහෝ අය හිතනවා මේකප් කරන්න ගොඩක් දේවල් ඕන කියලා. ඒත් ඔබට පෑන් ස්ටික් එකක්. පෑන්කේක් එකක්, අයි ලයිනර් පෙන්සිල් එකක්, මස්කාරා, ලිප්ස්ටික් හා පවුඩර් එකක් පමණක් තිබීම ප්‍රමාණවත් වෙනවා.
මේකප් කරන්නට පෙර මේ ගැන හිතන්න
මුලින්ම හමේ වර්ණය ගැන හිතන්න ඕන. ප්‍රධානම දෙය තමයි ඒක. ඒ අනුව තමයි අනෙක් හැම දෙයක්ම තීරණය වෙන්නේ. හමේ වර්ණයට ගැලපෙන්න තෝරාගන්නා ආලේප වර්ගවල වර්ණය තීරණය කරන්න ඕන.
දෙවනුව අපි හිතන්න ඕන, අපි මේ මේකප් එක දාගෙන යන්නේ කොතනටද කියලා. විවිධ අවස්ථා අනුව මේකප් වෙනස් වෙනවා. මනාලියට දාන මේකප් එකක්, මංගල උත්සවයට යන කෙනෙකුට ගැලපෙන්නේ නෑ. ඒ වගේමයි අපි ගමන් කරන්නේ බස් එකේ නම් මේකප් වැඩිපුර දාන එක ගැලපෙන්නේ නෑ. ඒ අනුව හිතලා තමයි අවස්ථාවට ගැලපෙන මේකප් එක තෝරාගන්න ඕන. ඒ වගේම වැදගත්, උත්සවය හෝ ඔබ සහභාගී වන අවස්ථාව, පැවැත්වෙන ස්ථානය. එය එළිමහනක් ද, වායුසමීකරණය, කරන ලද ස්ථානයක් ද විදුලි ආලෝකය සහිතද, හිරු එළියට ගැටෙන ස්ථානයක් ද යන දේ ගැනත් හිතන්නම ඕන.
මේවා ගැන හිතන්නේ නැතිව මේකප් දාගෙන ගිය විට තමයි අන් අය අතර හිනාවට ලක්වෙන්නේ.
මේකප් කරන පිළිවෙල
මේකප් කරන්නට පෙර මුහුණ හොඳින් පිරිසිදු වී තිබීම අවශ්‍යයි. පිරිසිදු කරගත් මුහුණ මත තමයි මේකප් කරන්නේ. දැන් ඔබ මුහුණේ වර්ණය අනුව ගැලපෙන වර්ණ තෝරාගෙන අවසන්. දැන් බලමු මේකප් කරන පිළිවෙල.
1. පිරිසිදු කරගත් මුහුණ මත පෑන් ස්ටික් එකෙන් යන්තම් තවරාගන්න. බොහෝ දෙනෙකුගේ ඇස් යට, නාසය මත හා දෙපස කලු වෙනවා. එම ප්‍රදේශ වැසෙන ලෙස ස්ටික් එක තවරන්න ඕන. තෙමාගත් ස්පොන්ඡ් එකකින් මෙය ආලේප කරන්න. ස්ටික් එක කෙලින්ම මුහුණේ තැවරීම එතරම් සුදුසු නැහැ. ඒ වගේම ස්පොන්ඡ් එකෙන් ආලේපය පහසුයි. එයින් අවශ්‍ය ප්‍රමාණය තැවරීමත් පහසුවක්. මුහුණේ වගේම ඛෙල්ල, කන් ආදි නිරාවරණය වී පෙනෙන කොටස්වල ස්ටික් එක ආලේප කරන්න.
2. දැන් සමට ගැලපෙන පෑන් කේක් එකක් ඒ මතින් තවරන්න. එය ද ස්පොන්ඡ් එක ආධාරයෙන් කරන්න. එකවර වැඩි ප්‍රමාණයක් මුහුණේ තවරා ගැනීම මගින් කරදර වන්න පුළුවන්. වැඩිවුනොත් සෝදන්න වෙනවා. ඒ නිසා ටිකෙන් ටික ආලේප කරන්න. මදිනම් නැවත තවරන්න පුළුවන්. ඉතාම සුළු ප්‍රමාණයක් නිතරම භාවිත කරන්න මෙයද ඛෙල්ල, කන් ආදී සෑම තැනකම තවරන්න. ඉන්පසු පවුඩර් කරගන්න.
3 . ඉතාම සාමාන්‍ය ගමනකට මේ බේස් එක යොදා ගන්න පුළුවන්. අයිශැඩෝ තැවරීමෙන් තමයි මේකප් එකක් දාලා තියෙන බව පෙනෙන්නේ. විශේෂ ගමනකට නම් අයි ශැඩෝ තවරාගන්න. එක වර්ණයක් වෙනුවට වර්ණ දෙක තුනක් මිශ්‍රව දමාගත හැකියි.
4. අයි ශැඩෝ දමන්නේ නැතිනම් පවුඩර් කිරීමෙන් පසු අයි ලයිනර් එක පැන්සලක් මගින් අඳින්න. ඇහැ ඉහළ වගේම පහලත් මෙයින් අඳින්න පුළුවන්. ඇහි බැම මතත් දුඹුරු පැන්සලකින් අඳින්න. බොහෝ දෙනෙක් වරද්ද ගන්නේ මෙතනදීයි. ඇහැ වටේ අඳින කළු පැන්සලෙන්ම ඇහි බැම අඳිනවා. එවිට ඇහි බැම කැපිලා, කෘත්‍රිම ලෙස පෙනෙනවා. එය දුඹුරු පැන්සලකින් අඳීන්න.
5. දැන් අවශ්‍ය නම් මස්කාරා ටිකක් ඇහි පිල්ලම්වල තවරන්න පුළුවන්. ඇහි බැම මතත් ටිකක් තවරන්න.
6. ඉන්පසුව ලිප්ස්ටික් ආලේප කරමු. මුලින්ම ලිප් පෙන්සිල් එකකින් ලිප් ලයින් එක අඳීන්න ඕන. තද රෝස හා දුඹුරු පැහැති පැන්සල් දෙකක් මිශ්‍ර කරමින් මේ ලයින් එක ඇඳගන්න. ලා පැහැති ලිප්ස්ටික් එකක් ඒ මැදින් ආලේප කරන්න. මම නම් කියන්නේ වඩාත් දීප්තිමත්, කැපී පෙනන වර්ණ භාවිත කරන්න එපා කියලයි. ඒ වගේම ග්ලොස්, දිලිසෙන වර්ණ පාවිච්චි කරන්න එපා. හැම විටම මැට් වර්ණ තෝරාගන්න. ඒවා අඩු වුනත්, වැඩි වුනත් ලස්සනයි. ලිප්ස්ටික් ආලේප කිරීමත් බුරුසුවක ආධාරයෙන් කරන්න. මෙය ප්‍රමාණවත්. දැන් සාමාන්‍ය ගමනකට බස් එකේ වුවත් මේ මේකප් එකත් එක්ක යන්න පුළුවන්.
Wmqgd .ekSu wo forK fjí wvúh