Beauty
ලස්සනයි බලන්න ඔයාගේ ඇස් දිහා
දිනෙන් දින රූපලාවණ්‍ය ක්ෂේත්රයට නවතම රූපලාවණ්‍ය ක්‍රම එකතුවෙනවා. මේ
නිසාමයි රූපලාවණ්‍ය දිනෙන් දිනම අලුත්වන දෙයක් බව අප පවසන්නේ.
මෙම රූපලාවණ්‍ය යන්නෙහි අන්තර්ගතය වන්නේ සිරුරේ බාහිර අලංකාරය නිර්මාණය
කිරීම හා එය පවත්වාගෙන යාමයි. ඒ සඳහා රූපලාවණ්‍යයේ විවිධ වූ ක්‍රමවේදයන්
දැන් මෙම ක්ෂේත්රයට එක් වී තිබෙනවා. ඉතින් මෙහිදී ඔබේ දෙනෙතට අලංකාරයක්
ආකර්ෂණීය පෙනුමක් ඉස්මතුකරන නවතම ක්‍රමයක් වන අයි ලෑෂ් එක්ස්ටෙන්ෂන්
පිළිබඳවයි අප අද කතා කරන්නට යොමු වන්නේ.
වැඩි දෙනෙකුගේ ඇස්වලට වැඩි අලංකරණයක් ගෙන දෙන්නේ දික් වූ ඇස් පිහාටුයි.
නමුත් බොහෝවිට සමහරුන් තුළින් දක්නට ලැබෙන්නේ කෙටි ඇස් පිහාටුයි.
දිගු ඇස් පිහාටුවලින් හෙබි දෙනෙත මුහුණට ගෙන දෙන්නේ ආකර්ෂණීය පෙනුමක්.
අයි ලෑෂ් එක්ස්ටෙන්ෂන් පිළිබඳ වර්තමානයේ කාන්තාවන් අතර වැඩි අවධානයක් යොමු
වී තිබෙයි.
අපේ රටේ බහුලව යොදා ගැනෙන්නේ ෆේක් ලෑෂ් හෙවත් එක් දිනයක් පමණක් රඳවාගත
හැකි ඇස් පිහාටු බද්ධ කිරීමයි. නමුත් මේ වන විට ජාත්‍යන්තර මට්ටමෙන් පවා
වැඩි අවධානයකට ලක්වී ඇති සෙමි පර්මනන්ට් අයි ලෑෂ් එක්ස්ටෙන්ෂන් දැන් ලංකාවට
ද හඳුන්වාදී ඇත. මේ ආකාරයෙන් ඇස් පිහාටු බද්ධ කළ විට සති හයක් පමණ එය
පවත්වාගත හැකිවීම විශේෂයකි. විදේශීය රටවල මේ සඳහා කාන්තාවන් මෙන්ම
මනාලියන්ද වැඩි නැඹුරුතාවයක් දක්වයි.
එක් දිනක් පමණක් භාවිත කරන ඇස් පිහාටු එනම් ෆේක් ලෑස් යොදාගත් මනාලියකගේ
ඇස් පිහාටු එදිනට පමණක් සීමාකර පසුව ඉවත් කරයි. නමුත් සෙමි පර්මනන්ට් අයි
ලෑෂ් එක්ස්ටෙන්ෂන් යොදාගත් විට මනාලියගේ දෙනෙත්වල ආකර්ෂණීය බව සති කීපයක්
පවත්වාගත හැකියි.
* මෙම ඇස් පිහාටු ඇලවීම කිරීම සිදු කෙරෙන්නේ මොන ආකාරයෙන්ද?
ට්විසර් එකක් මඟින් එක් ඇස් පිහාටුවක් වෙන් වශයෙන් තබා එම ඇස් පිහාටුවට
විශේෂිත වූ ආරක්ෂාකාරී ගම් වර්ගයක් යොදා කෘත්‍රිම ඇස් පිහාටුව ඒ මත අලවනු
ලබයි. මෙහිදී ඉතාමත් ආරක්ෂාකාරී ක්‍රමවේදයකට අනුකූලව මෙම කාර්යය සිදු
කෙරෙයි.
මෙය අතුරු ආබාධ සහිතද යන්න සමහරුන්ට ගැටලුවක් මතුවන්නට පුළුවන්. මෙහි
කිසිදු අතුරු ආබාධයක් ඇති නොවෙයි. නමුත් මෙය නියමාකාර තාක්ෂණය භාවිත කරමින්
මේ සම්බන්ධව පුහුණුවක් සහ පරිපූර්ණ දැනුමක් ලබා ඇති අයෙක් සිදුකිරීම වඩාත්
වැදගත්ය. මෙය පුහුණුවක් දැනුමක් නැති අයකුට කළහැකි කාර්යයක් නොවේ.
මෙය ඇලවීම මෙන්ම නැවත ඉවත් කිරීම ද එම පුහුණු ශිල්පීන් විසින්ම කළ යුත්තකි.
මෙය වඩාත් සුවිශේෂී වන්නේ වයස් භේදයකින් තොරව මැදිවියේ කාන්තාවන් පවා
මෙම ඇස් පිහාටු බද්ධකර ගැන්ම සිදුකර ගැන්මයි. විදෙස් ගත කාන්තාවන් අතර
ජනපි‍්‍රය මෙම ක්‍රමය දැන් ලංකාවේ කාන්තාවන් අතරටද පැමිණ තිබෙයි.
රූපලාවණ්‍යයේ නවීන විලාසිතාවන්ට කැමැත්තක් දක්වන කාන්තාවන් මේ කෙරෙහි වැඩි
නැඹුරුතාවයක් දක්වයි. ඇස් පිහාටු අඩු වශයෙන් ඇති මලානික පෙනුමක් දක්වන ඇස්
ඇති අයට මෙන්ම ඇස්වල ආකර්ෂණීය පෙනුමක් නැති අයට මෙය වඩාත් සාර්ථක ක්රමයකි.
මනාලියක් වන දිනයේ දෙනෙත්වලට ආකර්ෂණීය පෙනුමක් ගෙන දෙන්නට කැමැති නම්අයි
ලෑෂ් එක්ස්ටෙන්ෂන් ඒ සඳහා ඔබට වඩාත් උපකාරී වේවි.
Wmqgd .ekSu oekqu weiqfrks