නිෂ්පාදන තෝරා ගන්නකොට ඔබට සුදුසුම දේ තෝරාගන්න
**කාන්තාවකගෙන් වයස ඇසීමට එපා යයි කීව ද සිරුර කැඩපත වී වයස ගැන බොහෝ දේ
පවසයි. මේ රහස දන්නා නිසාම වයස අවුරුදු හතළිහට පසු බොහෝ කාන්තාවෝ
රූපලාවණ්‍යයේ පිහිට පතති. එහෙත් මේ ඉතා කල්පනාකාරීව ගත පවසන වයස සැඟවිය
යුතු කාලයකි.
සාමාන්‍යයෙන් වයස අවුරුදු හතළිහට පසු සමෙන් නිපදවන ලිපිඩ ප්‍රමාණය
අඩුවෙයි. මේ නිසා සම වඩාත් වියළි හා රළු බවට පත්වෙයි. තාරුණ්‍යයේ සුමුදු
තෙල් පිරි සමකට තවදුරටත් හිමිකාරියක නොවන බව දැන් ඔබට සිතේවි. එහෙත් එසේ
නොසිතන්න. සමෙහි ඇතිවන වියළි බවට, රැලි ගතියට, පැල්ලම්වලට එකී මෙකී, නොකී
වෙනස්කම්වලට දැන් පිළිතුරු ඇත. හැබැයි මේ සඳහා ඔබ රූපලාවණ්‍ය විශේෂඥයාගේ
පමණක් නොව චර්ම රෝග විශේෂඥයාගෙත් පිහිටෙන් ප්‍රතිකාර පැතිය යුතුයි.
වයස්ගත වන සම ඉතා සංවේදීයි. සමට සිදුවන හානියකදී එය යථා තත්ත්වයට පත්වීම
ඉක්මනින් සිදු වන්නේ ද නැත. එහෙත් මේ අඩුපාඩු සැඟවීමට ඔබ නොගන්නා
උත්සාහයක් නැහැ නේද? මෙවන් අවස්ථාවක සම ඔපවත් කරගත යුත්තේ මුහුණ සෝදන දියර
(ෆේස් වොෂර්ස්), ආවරණ (මාස්ක්ස්), හෝ සීරම් වැනි මෘදු ආලේපන භාවිත
කිරීමෙනි.
රුව හැඩ කිරීමට ඇති බොහෝ ටෝනර් වර්ගවල මධ්‍යසාරය අඩංගුය.
මේවා සමේ ස්වාභාවික තෙල් ඉවත් කරයි. ඒ නිසා වයසත් සමඟ වියළි වන සමට සිදු
වන්නේ ගහෙන් වැටුණු මිනිහාට ගොනා ඇන්නාක් බඳු දෙයකි. සම කාන්තාරයක් මෙන්
වියළි බවට පත්වෙයි. මේ තත්ත්වය නැති කිරීමට මොයිෂ්චර්රයිසර් භාවිත කරන්න.
සමෙන් ඉක්මනින් ජලය ඉවත්වීම එමඟින් වළක්වයි. හියලුරොනික් අම්ල, ජෙල් හෝ
සීරම් මඟින් මුහුණ සෝදන්න.
මොයිෂ්චර්රයිසර් ස්වභාවයක් නොමැති සබන් වර්ග සමේ අත්‍යවශ්‍ය පෝෂක ඉවත්කර
සම වියළිව තබයි. වියළි සමේ ඇදෙන සුලු ගතිය ද අඩුය. එනිසා පෙණ නොනගින
ක්ලෙන්සිං, තෙල්, ක්‍රීම්, කිරි හෝ බාම් තෝරා ගන්න. ඒවා සම මෘදුව සජලනයෙන්
(වියළි බවින් තොරව) තබයි.
දෙනෙතෙහි දීප්තිය මෙපමණ කලක් වැඩි කළේ ඇස් වටා ඇති සමයි. එහෙත් දැන් එය
ඔබ වයස්ගතකර පෙන්වන හතුරෙකි. මෙසේ වන්නේ ඇයි? ඇස් වටා ඇත්තේ ඉතාම සංවේදී
සමකි. වයසත් සමඟ මේ තුනී සම වඩාත් තුනී වෙයි. නිදි වැරීම, කැසීම නිසා ඇස්
වටා කළු වීමට ගනී. කළු පැහැ වීමට අමතරව රැලි ඇති වෙයි. ඇස් යට කළු වීම දුරු
කරන ක්‍රීම් හෝ දියරමය නිෂ්පාදන චර්ම රෝග විශේෂඥ වෛද්‍ය උපදෙස් මතම තෝරා
ගන්න. ආලේප ගැල්විය යුත්තේ පුළුන් කැබැල්ලකිනි.
වයසේ පෙරළිය ඇහි පිහාටුවලට ද බලපායි. අවුරුදු හතළිහෙන් පසු ඇහි පිහාටු
වැටී, කෙටි වී, තුනී වෙයි. මේ නිසා ඇස් පිහාටුවල වෙනදා මෙන් වතුර නොරැඳෙන
මස්කාරා නොගල්වන්න. ඒවා ඉවත් කිරීමට අසීරුයි. පහසුවෙන් සෝදා ඉවත් කළ හැකි
මස්කාරා තෝරා ගන්න.
දෙතොලෙහි සම ද දැන් වෙනස් වී ඇත. නා දලු මෙන් පිරුණු දෙතොල් වියැකෙමින්
පවතී. එනිසා තොල් ආලේපනවල වර්ණය ගැන පවා දැන් සිතිය යුතුය. මේ වයස්වලට වඩා
සුදුසු තද රෝස පැහැයයි.
වයස් කල්‍යාණය පවත්වා ගැනීමට කාන්තාවක් වයස අවුරුදු හතළිහේ සිටවත් සම
ගැන අවධානය යොමු කළ යුතුයි. සිරුරේ වන හෝර්මෝන වෙනස නිසා ඇස් වටා, ඇහි බැමි
වටා, නළලේ, මුව වටා රැලි ඇති වෙයි. මේ නිසා දැඩි අවධානයක් එම ස්ථාන ගැන
යොමු කළ යුතුයි.
වයස අවුරුදු තිහට පසු එළඹෙන සෑම දශකයකදීම සමේ ඇති මෙලනොසයිට නම් වර්ණකය
සියයට දහය බැගින් අඩුවන නිසා සමේ පැල්ලම් ඇති වෙයි. මේ නිසා සම පැහැපත්කර
ගැනීමට විටමින්
(under the courtesy of goodhousekeeping.lk web)