ලස්සන දෑතකට Massage Glove
නවතම උපකරණ හා නවීනතම ප්රත්කර්ම හඳුනාගැනීම හරිම වැදගත්
රූපලාවණ්‍ය උපකරණ ගැන දැනුම ලබන්නත් රුව උපකරණ දිනා ගන්නත් ඔබට අවස්ථාව
උදා කර දෙමින් අප ඇරැඹි විශේෂාංගයේ දෙවැනි පියවරයි අද මෙසේ ආරම්භ වන්නේ.
අද අප හඳුන්වා දෙන උපකරණය ඔබගේ දෑතේ නිරෝගී බව මෙන්ම ලස්සන පෙනුම ද රැක
දෙන ප්‍රතිකර්මයකට සම්බන්ධ වූවක්. බොහෝ විට දෑත් ගැන නොසැලකිලිමත් වීම නිසා
දෑත් වියළීම, රැලි වැටීම සිදුවනවා. එවන් තත්ත්වයක් ඇති නොවන්නට සිදුකළ
හැකි මෙම ප්රතිකර්මය ඔබට වඩාත් වැදගත් වේවි.
මේ සඳහා
ක්ලෙන්සර් - ස්ක්‍රබ්
ලෙමන් පැක් හෝ මිල්ක් පැක් - මොයිස්චර් වැක්ස්
වැක්ස් පොට් - ෆින්ගර් බෝල්
මසාජ් ග්ලවූ - මොයිස්චර්රයිසින් ක්‍රීම් අවශ්‍යයි.
පළමුව ෆින්ගර් බෝල් එකට වතුර දමා දෙඅත් එය තුළ දමා ඉන්පසුව දෙඅත්
ක්ලෙන්සර් කරගන්න. ඉන් අනතුරුව හෑන්ඩ් ස්ක්‍රබ් එකකින් හොඳින් දෙඅත්
ස්ක්‍රබ්කර සෝදා ඉවත් කරන්න. හෑන්ඩ් මසාජ් ක්‍රීම් එක තවරා දෙඅත් හොඳින්
සම්බාහනය කරන්න. මෙම සම්බාහනයෙන් පසු මසාජ් ග්ලවූ (ර්චඵඵචඨඥ / ඨතධමඥ) එකක
ආධාරයෙන් නැවත සම්බාහනය ලබාදිය යුතුයි. එය රුධිරය හොඳින් ගමන් කිරීමට ඉඩ
සලස්වන අතර සිරුරට මනා සැහැල්ලු බවක් ද ගෙන දෙයි. දෑතේ සම කුමන ආකාරයේ ද
යන්න හඳුනාගෙන ලෙමන් බ්රයිට්නික් නේල් පැක් එක හෝ මිල්ක් කැල්කුයින් නේල්
පැක් එක දමාගත හැකියි. එය ඇඟිලිවලට දමා මිනිත්තු දහයක පමණ කාලයක් තබන්න.
ඉන්පසු එය ඉවත්කර වැක්ස් පොට් එකෙන් උණුසුම් කරගත් වැක්ස් එක දෙඅත්වල ආලේප
කරන්න. එය ඝන වීමෙන් පසු ගලවා ඉවත් කරන්න. එවිට දෑත්වල ඇති සිනිඳු බව ඔබටම
අත්විඳිය හැකියි. මෙය අත්වලට හොඳ පෝෂණයක් සහ මොයිස්චර් ගතියක් ලබා දෙන අගනා
පැක් එකකි. මෙම පැක් එක විනාඩි 20 ක කාලයක් තබාගත යුතු අතර ඉවත්කර
ගැනීමෙන් පසුව හෑන්ඩ් මොයිස්චර්රයිසර් එකක් දෙඅත්වල ආලේප කරන්න.