Beauty
ලප කැළැල් ඉවත් කරගන්නට සාර්ථක ස්වභාවික ප්‍රතිකාරයක්.
කුඩා කල සිදුවූ තුවාලයකින්, සුළු හදිසි අනතුරකින් හෝ කුරුලෑ නිසාද සම මත ලප කැළැල් ඇතිවෙන්නට ඉඩ තිඛෙන අතර ඔබේ මුහුණේ සම මත එවැනි ලප කැළැල් ඇතිවී තිඛෙනවානම් ඉන් ඔබේ පෙනුම අවලස්සන වෙනවා.
සුවපත් වෙමින් පවතින තුවාලයක් හේතුවෙන් ලප කැළැල් ඇතිවෙන්නට තිඛෙන අවදානම අවම කරගැනීමට අවශ්‍ය නම් කෝමාරිකා, උළුහාල්, ටී ට්‍රී ඔයිල් සහ විටමින් ඊ වැනි ඖෂධයක් භාවිතා කරන්න. තුවාල ඉක්මනට සුවපත් කිරීමේ සහ සම ආලෝකමත් කිරීමේ සුවිශේෂී හැකියාවක් එම ඖෂධ වලට තිඛෙනවා. නමුත් බොහෝ කලකට පෙර ඇතිවූ ලප කැළැල් ඉවත් කරගැනීම නම් තරමක් අපහසුයි. එම නිසා අමුද්‍රව්‍ය කිහිපයක් එකතුකරගෙන බලසම්පන්න ඖෂධයක් සකස් කරගැනීමට සිදුවෙනවා. අද නොදුටු ලෝකයෙන් අපි ඔබව දැනුවත් කරන්නේ ඕනෑම කැළලක් ඉවත් කරගැනීම සඳහා භාවිතා කළහැකි සාර්ථක ස්වභාවික ප්‍රතිකාරයක් පිළිබඳවයි.
ලප කැළැල් ඉවත් කරගැනීම සඳහා නොයෙකුත් රසායනික ද්‍රව්‍ය සහ ලේසර් ප්‍රතිකාර ක්‍රම වෙළඳ පොලේ තිබුනත් එම ප්‍රතිකාරය ක්‍රම ශරීරයට අහිතකරයි. නමුත් මෙම ස්වභාවික ප්‍රතිකාරය භාවිතා කරනවානම් කිසිඳු අතුරු ආබාදයක් නොමැතිව ලප කැළැල් සුවපත් කරගන්නට ඔබට පුළුවන්.ල පැ්ක චක්බල දෙදාිල ිනසබ අයසඑැබසබටල ජ්බජැරල යැ්ර ්එඒජනල ාස්ඉැඑැි
අවශ්‍ය කරන ද්‍රව්‍ය
ලෙමන් යුෂ තේහැඳි 4
මේ පැණි තේහැඳි 4
බිත්තර සුදු මද 1
උපදෙස්
සියලුම අමුද්‍රව්‍ය එක් බඳුනකට එකතු කරගෙන හොඳින් මිශ්‍ර කරගන්න. එලෙස සකසාගත් ආලේපනය ලප කැළැල් ඇති ස්ථානයන් මත ගල්වා මිනිත්තු 15ක් පමණ ගියපසුව සෝදා ඉවත් කරන්න. සතියකට එක් වතාවක් වෙන්න කිහිප වතාවක් ඔබ මෙම ප්‍රතිකාරය භාවිතා කරනවානම් ඔබ අපේක්ෂා කරන ප්‍රතිපලය කෙටි කලක් ඇතුලතදී ඔබට ලබාගන්නට පුළුවන් වේවි.
curtesy :
www.wishmaya.com
(under the courtesy of goodhousekeeping.lk web)