Beauty
රුවැති රුවයි නිරෝගී ගතයි
නෙත පිනවන සිත සනහන සොඳුරු රුවක් දුටු කල සඳක් වැනි යැයි අයෙක් කියති. මලක් සේ තවෙකුට පෙනෙයි. එවන් රුවක් දුටු වන එලෙස උපමා සිහි වීම අරුමයක් නොවේ. රුවෙන් වෑහුණු මුව මඩල වර්ණනා කිරීමට වදන් සොයා ගැනීමට අපහසු වු කල්හී එතෙක් තමන් දැක ඇති සුන්දරවූ දසුන ඒ රුව හා සසඳති. හොඳයි එවන් රුවකට හිමි කම් නැතැයි කියා තවදුරටත් සිතින් වැළපිය යුතු නොවේ.. ඔබේ කනස්සල්ලට සමු දීමට කාලය දැන් එළඹ ඇත.
ඔබ ලස්සන කිරීමේ කර්තව්‍ය මින් කලකට පෙර තම කරට ගත් සැලොන් DeGreens මතකද ඔබට....?
'රුවැති රුව හා නිරෝගී ගත DeGreens සැමදා දුන් සහතිකයයි. නවමු මුහුණුවරකින් හා නව වෙනස්කමින් රැසකින් දැන් කැළණියට ද ඔවුන් පිවිස ඇත.. නැවත ඔබ හා ලෙන්ගතුව ඔබේ රූ ගැටලු වලට ස්ථිර විසඳුම් ලබා දීමට ද සැලොන් DeGreens සූදානම්ය.
ඔවුන් අද කතා බහ කරන්නට යන්නේ බොහො අයට ගැටලුවක් නැතිනම් උරුලෑවක් වී ඇති කුරුලැ පිළිබඳය.
කම්මුල දෙපස, මුහුණ පුරා, පිට හා පපු ප්‍රදේශ කුරුලෑ ඇති වන සුලබ ස්ථානයි. කොතරම් දැනුවත් කළත් කුරුලැ කැඩීමටත් අතපත ගෑමටත් පුරුදු වූ අය සිටිති. නමුත් එසේ කිරීමෙන් සිදු වන්නේ තව තවත් කුරුලැ සහ ලප කැළැල් පැතිරීමයි.
කුරුලෑ ඇති වීම පිළිබඳද තවමත් බොහෝ දෙනා දන්නේ සීමිත හේතූ කිහිපයක් පිළිබඳය. හිරු එළියට අනවශ්‍ය ලෙස නිරාවරණය වීම. අධික මේදය, ආතතිය, අස්වාභාවික හෝමෝන ක්‍රියාකාරීත්වය, සමෙහි පවතින යම් යම් ආසාදන තත්ත්වයන්, ඔසප් චක්‍රය අක්‍රමවත් වීම, විවිධ උපත් පාලන ක්‍රමවේද, ප්‍රමිතියකින් තොර රුපලවණ්ය ආලේපන භාවිතය හෝ අනවශ්‍ය රූපලාවණ්‍ය සත්කර්ම ඇතුළු අපේ දින චර්යාවේ සිදුවන වැරැදි පුරුදු යන කාරණා කුරුලෑ ඇති වීමේ ප්‍රධානම ගැටලුය. නමුත් කුරුලැවට බිය විය යුතු නැත. ඉන් ඔබේ රුවට හෝ ඔබේ පෞරුෂයට යම් හානියක් වේවි යැයි සිතා ළතැවිය යුතුද නැත. නිසි රූපලවණ්‍ය ප්‍රතිකර්ම සඳහා යොමු වීමෙන් මේ ගැටලුව නිට්ටාවට සුව කර ගත හැකිය. නමුත් නිවෙසේදී මේ සඳහා කෙරෙන විවිධ රූපලාවණ්‍ය අත්හදා බැලීම් ඊට සදාකාලික විසදුම් නොවේ. මෙවැනි ගැටලු වලින් පිඩා විදින අය තෙල් අධික සහ උෂ්ණාධික ආහාර පාන ගැනීමෙන් වැළකිය යුතුය. සම පරීක්ෂාවකට ලක් නොකර කිසිදු ආලේපනයක් නොගැල්වීමටත් සම නිරතුරුව පිරිසුදුව තබා ගැනීමටත් වග බලා ගත යුතු වෙයි.. නමුත් මේ සියල්ලෙන් සිදුවන්නේ කුරුලෑ මර්ධනයක් පමණි.
නිසි රූපලාවණ්‍ය ක්‍රමවේද මඟින් මෙමෙ කුරුලෑ ආසාදන නිට්ටාවට සුව කළ හැකි බව අපි පෙර සඳහන් කළ මුත් සාර්ථක ප්‍රතිඵල අත් කර ගත හැක්කේ නිවැරැදි උපදෙස් මත ප්රතිකර්මවලට යොමු වූවොත් පමණි. ඉතින් කිසිඳු අනිසි බියකින් තොරව මෙම ගැටලුවට සාර්ථකව පිළියම් කිරීමට සිටිනා හොඳම රූපලාවණ්‍ය විශේෂඥයන් ලෙස සැලොන් DeGreens නම් කළ හැකිය.. අප එසේ කියන්නේ මේ වන විට එවැනි රූ ගැටලු රැසකට සාර්ථක මෙන්ම අත්දුටු විසඳුම් ලබා දෙමින් ඔවුන් තම සේවාදායකයන්ගේ විශ්වාසය දිනා ගෙන ඇති හෙයිනි.
ඔබේ කුරුලැ ආසාධනය නිට්ටාවට සුව කර ගැනීමේ ප්රතිකර්මය සඳහා සැලොන් DeGreens වෙත යන්නේ නම් පළමුව ඇනලයිසරයෙන් වාර්තාවක් ලබා ගෙන ඔබේ සමෙහි ස්වභාවය පිළිබඳ ඔවුන් ඔබ දැනුවත් කරයි. ඔබේ සමෙහි ස්වභාවය අනුව ඔබ ප්‍රතිකර්ම කළ යුතු කාලය පිළිබඳ ද එහිදි ඔබ දැනුවත් කිරීමට තරම් ඔවුන් ඉතා දක්ෂය. ප්‍රතිකර්ම ඇරඹෙන්නේ ඉන් අනතුරුවයි. ඒ සඳහා විශේෂිත ප්‍රතිකර්ම හා නවීන තාක්ෂණයෙන් යුතු උපකරණ පමණක් යොදා ගැනෙයි. මෙහිදි සිදුවන්නේ බාහිර ප්‍රතිකර්ම පමණක් වන හෙයින් එම ප්‍රතිකර්ම විධි පිළිබඳ අනිසි බියක් ඇති කර ගත යුතු නොවෙයි. සාමන්‍යයෙන් ප්‍රතිකර්මයට පැය දෙක හමාරක හෝ තුනක කාලයක් ගත වේ. එම ප්‍රතිකර්ම කාලය තුළ සහ ඉන් පසු ඔබේ සමෙහි පැහැපත් බව දිගු කාලීනව පවත්වා ගැනීම සඳහා අවශ්‍ය උපදෙස් වලින්ද DeGreens ඔබ පෝෂණය කරයි.
එම නිසා සැලොන් DeGreens වෙත පියමං කර ඔබව සුන්දර තරුණියක කඩවසම් තරුණයකු කිරීමේ අභියෝගය අදම භාර දෙන්න. ඔබට එය අභියෝගයක් වුවද ඔවුන්ට ඔබව ලස්සන කිරීම අභියෝගයක් නොවන බව සහතිකය. වරක් හෝ සැලොන් DeGreens වෙත පැමිණ මේ සුවිශේෂී ප්රතිකර්මය ඔබත් අදම අත් විඳන්න. DeGreens ප්‍රතිකර්ම සියයට සියයක සාර්ථක බව ඔවුන්ගේ සහතිකයයි. ඔවුන් ඔබව ලස්සන කරනවාමයි. ඉතින් තවත් කල් නොයවා නො. 46, නුවර පාර දළුගම කැළණිය හී පිහිටි සැලොන් DeGreens ප්රවිණයන් මුණගැසීමට 0779742039 හෝ 075 - 5005005 යන දුරකථන අංක අමතා හෝ ස්කයිප් හී SalonDeGreens ඔස්සේ කාල වේලාව වෙන් කර ගැනිමටත් ෆේස් බුක් හී www.facebook/SalonDeGreens ඔස්සේ වැඩි විස්තර දැන ගැනිමටත් යුහුලුළු වන්න.
Wmqgd .ekSu �k�K mqj;a m; weiqfrks