Health
රැකියා කරන ස්ථානයේ භයානක රෝගකාරක විෂබීජ තිබිය හැකියි
රැකියා ස්ථානය ද ඔබේ නිවෙස මෙනිග ඒ නිසාම එහි ඇති විසබීජ ගැන ද ඔබ සැලකිලිමත් නොවෙයිග එනමුත් ඔබේ රැකියා ස්ථානයේ ඔබ අවට දහස් ගණන් විසබීජ පවතින අතර ඒ සමහරක් ඉතා භයානක රෝගකාරක විසබීජ වන බැවින් ඔබ කාර්යාලයේ දී ගැවසෙන ස්ථාන හා අල්වන දේ ගැන අතිශයින් සැලකිලිමත් විය යුතුයග
කන්තෝරු මේසය
ඔබ දවස පුරා සුව පහසුව රැඳී සිටින්නට වඩා කැමතිම තැන මෙය විය හැකියග නමුත් අධ්‍යයනයන් පෙන්වා දී ඇත්තේ කන්තෝරු මේසයක් මත මිලියන ගණනක බැක්ටීරියා ජීවත්වන බවයිග තවදුරටත් අනාවරණය කරගෙන ඇත්තේ එය වැසිකිළි පෝච්චියක පවතින බැක්ටීරියා මෙන් හාරසිය ගුණයකටත් වඩා අධික බවයග
වෝටර් කූලරය
වෝටර් කූලරය රැකියා ස්ථානයේ අත්‍යවශ්‍ය අංගයකිග හදිසියකට වතුර ටිකක් බොන්නට කී දෙනෙකු එතැනට යන එනවාදරෑ එනමුත් වෝටර් කූලරය ද අති භයානක බැක්ටීරියා ඇද බැඳගන්නා කාන්දමක් වැනි දෙයකිගවිවිධාකාර පුද්ගලයන් නිරන්තරයෙන් ස්පර්ශ කර ඉවත්වන වෝටර් කූලරයේ ද එක් අඟලක පැතිරී සිටින ඇසට නොපෙනෙන ක්ෂුද්‍ර ජීවි ගහනය දෙදහසකටත් අධිකයග අති භයානක රෝග කාරක බැක්ටීරියා ද ඒ අතර වන බව අධ්‍යයන මඟින් හඳුනාගෙන තිබේග
දෑත්වලට ප්රමුඛ අවධානයක් දෙන්න
මෙවැනි වටපිටාවක නිතර දෑත් පිරිසුදු කිරිමෙන් උණල සෙම්ප්‍රතිශ්‍යාව හෝ උදරාබාධ ඇතිවීම සියයට අසූවකින් පමණම අඩු කරගත හැකි බව පර්යේෂණවල අවසන් අදහසයිග
එකට වැඩ කරන සගයෝ
සැන් ඩියෙගෝ සරසවි අධ්‍යයනයකට අනුව නාසයෙන්ල මුඛයෙන් හා අන්ත්‍රවල කුහර මඟින් පිට කරන බැක්ටීරියා අවට පරිසරයේ වැඩි වශයෙන් පවතින බව සොයාගෙන තිබේග
එයිනුත් පිරිමින්ල කතුන්ට සාපේක්ෂව මීට වැඩි දායකත්වයක් සපයන බව ද වැඩිදුරටත් හෙළි වී තිබේග
එනම්ල කාන්තාවන්ට වඩා 10්‍ර -20්‍ර ක් පමණ වැඩිපුර බැක්ටීරියා ප්‍රමාණයක් පුරුෂයන් මඟින් අවට පරිසරයට මුදා හැරෙන බව අධ්‍යයනයේදී හෙළි වී ඇතග
කළ යුත්තේ කුමක්දරෑ
සෞඛ්‍ය හිතවත් රැකියා පරිසරයක් නිර්මාණය කිරීම පිළිබඳ ඇමරිකානු ව්‍යාපෘතියක ප්‍රධානියකු වූ බ්‍රැඩ් රෙනෝල්ඩ් පවසන්නේල මේ ගැන ඔබ දැන් හිත කරදරයෙන් පසුවනවා නම් ඉන් මිදීමට මූලික පියවර දෙකක් අනුගමනය කරන ලෙසයිග
එනම් රැකියා ස්ථානය අවම වශයෙන් සතියකට වතාවක් විෂබීජ නාශක යොදා පිරිසුදු කරන අතරතුර ඔබට වඩාත් සමීප උපකරණ ද නිතිපතා පිරිසුදු කිරීම අතිශය වැදගත් බවයිග
හදිසියට ඉල්ලා ගන්නා පෑන් - පැන්සල්
කන්තෝරුවේදී නම් පෑන් පැන්සල් යනු බොහෝදුරට පොදු භාණ්ඩයග එහෙත් කාර්යාල සගයන් අතර පෑන් පැන්සල් විකන නරක පුරුද්ද සහිත සගයන් ද ඕනෑතරම් වේග අධ්‍යයනයන්ට අනුව එමඟින් පැතිරිය හැකි හා ශරීරගතවිය හැකි රෝගකාරක විසබීජ ප්‍රමාණය අතිමහත්යග එබැවින් පෑන් පැන්සල් සපන සගයන්ගෙන් ඒවා හුවමාරු නොකිරීමට අවධානය දෙන්නග
අන්තර්ජාලයේ තොරතුරු ඇසුරෙන්
curtesy :dinamina.lk