Life
රාත්‍රියේ නින්දට යද්දී සිවිකාච පැළඳගෙන සිටීම හොඳද?
රාත්‍රී කාලය අපගේ ශරිරයේ දුක්ගිනි නිවන්න දෙවියන් විසින් දෙනලද දායාදයක් බව අතීතයේ සිටි කවීන් පවා පිළිගත් සත්‍යයක්. දිවා කාලයේදී බොහෝ මහන්සි වී කටයුතු කරන බොහෝදෙනෙකුට වැය වූ ශක්තිය වර්ධනය කර ගන්නට රාත්‍රී නින්ද ජීව විද්‍යාත්මක අතින් ඉතා වැදගත් වූවකි. ඒ වගේම රාත්රියේදී නිසි ආකාරව නින්දක් නොලැබීමත් පුද්ගලයාගේ සෞඛ්‍ය කෙරෙහි බලපෑමක් ඇති කරයි. ඒ වගේම නින්දක් ලබන විට එය මුළුමනින්ම නිදහස් අපහසුතාවකින් තොර එකක් වීමද වැදගත්. එය ශරීරයේ සෑම ඉන්ද්රියයකටම එකසේ වැදගත් වූවකි. ඒ අනුව මෙවර ලිපිය තුළින් රාත්‍රී නින්ද හා සිවිකාච පැළඳීම අතර ඇති සම්බන්ධතාව පිළිබඳ විමසා බලමු.
සාමාන්‍ය සමාජයේ බොහෝදුරට පුරුෂයන්ට වඩා කාන්තාවන් විලාසිතා සඳහා වැඩි නැඹුරුවක් දක්වයි. නමුත් ඒ සඳහා යොදා ගන්නා බොහෝ දේ නිසිලෙස භාවිතා කිරීමට අපොහොසත් වන නිසා ඔවුන්ගේ සෞඛ්‍යයට තර්ජන පවා ඇතිවිය හැකියි. ඒ නිසා විලාසිතා සිදු කරනවා මෙන්ම සැමවිටම අවබෝධයකින් කටයුතුව කිරීම ද ඉතා වැදගත් වේ. ඒ අනුව අපි මෙවර විමසා බලන්නේ වර්තමානය වනවිට කා අතරත් ජනපි‍්‍රය විලාසිතාවක් වන සිවිකාච රාත්රියේදී ගලවා තැබිය යුත්තේ ඇයිද යන්නයි.
ඇතැම් අය මේවා භාවිතා කිරීම හුදෙක් විලාසිතාවක් යැයි සිතා සිටියත් ශරීරයේ තරමක් අභ්‍යන්තරයේ පිහිටා ඇති ඉතා වැදගත් ඉන්ද්රියයන් වන ඇසට භාවිතා කරන නිසා ඔබ වඩාත් ප්‍රවේසම් විය යුතුයි. බොහෝදුරට මෙම සිවිකාච දිගින් දිගටම පැළඳ සිටීම එතරම් ගැටලුකාරී නොවන බව පැවසුවත් එය කිසිසේත්ම නිවැරදි අදහසක් වන්නේ නම් නෑ.
එසේ එක දිගට පැළඳ සිටීම ලෙසින් අදහස් වන්නේ රාත්‍රී කාලයේදීත් ඒවා පැළඳ සිටීමයි. නමුත් රාත්‍රී කාලයේදී ශරීරයේ ස්වභාවික ක්‍රියාකාරීත්වයට එය බාධා පමුණුවන බව ඔබ නොදන්නවා විය හැකියි. ඊට හේතුව මෙසේ සිවිකාච පැළඳීම නිසා ඇසට සැපයෙන ඔක්සිජන් ප්‍රමාණය අඩු වීමයි.
එවිට ඇස මත විවිධ ආකාරයේ ආසාදිත තත්ත්වයන් වර්ධනය විය හැකි වේ. මෙසේ කාලයක් රාත්‍රී නින්දේදී සිවිකාච පැළඳීම මඟින් ඔබටත් නොදැනීම ඔබගේ ඇස මත විවිධාකාර ආසාදිත තත්ත්වයන් ඇතිකර විය හැකි වේ. ඒ නිසා ඔබත් සිවිකාච පළඳින අයෙක් නම් ඒවා රාත්‍රී කාලයේදී ගලවා ඉවත් කිරීමෙන් ඔබගේ ඇසේ ආරක්ෂාව සලසා ගන්න.
මීට අමතරව ඇතැම් අය දීර්ඝ කාලීනව ද මේවා භාවිතා කිරීමට පෙළඹී සිටිති. හුදෙක් ඇසේ අලංකාරය පිළිබඳවම පමණක් සිතා කටයුතු කරනවාට වඩා නිතර තමාගේ සෞඛ්‍ය පිළිබඳ සැලකිලිමත් වී කටයුතු කළ යුතු වේ. ඒ නිසා දිගින් දිගටම සිවිකාච භාවිතා කිරීම ද එතරම් නුවණට හුරුදෙයක් නොවන බවද ඔබ මතක තබා ගත යුතු වේ.
ඒ වගේම බොහෝදෙනෙක් නැවත ගලවමින් වරින් වර සිවිකාච වෙනස් කරමින් භාවිතයද එතරම් සුදුසු දෙයක් නොවේ. ඒ නිසා අවශ්‍ය වෙලාවට පමණක් ඒවා භාවිතා කිරීම ප්‍රමාණවත් බව ඔබ අවබෝධ කරගත යුතුයි. එපමණක් නොවේ ඔබ ඒවා භාවිතා නොකරන අවස්ථාවල සිවිකාච තබන ස්ථානය පිළිබඳවද සැලකිලිමත් විය යුතු වේ.
සාමාන්‍යයෙන් නිවැරදි ලෙස සිවිකාචයක් ඔබ තැබිය යුත්තේ ඊට අදාළ දියරයක් තුළ බහායි. එසේ අනිවාර්යෙන්ම එය දියරයක බහා තැබිය යුත්තේ අනාරක්ෂිතව සිවිකාච තැබීමෙන් ඇසට යම් හානියක් ඇතිවිය හැකි නිසයි. ඒ වගේම නිසි උපදෙස්වලට අනුව සැමවිටම ඔබ ඒවා මිලදී ගැනීමේදී ලබාදෙන උපදෙස් ඒ ආකාරයටම අනුගමනය කිරීමටද වගබලා ගත යුතු වේ.
ඒ වගේම ඇතැම් විට විලාසිතාවකට වඩා විවිධ අක්ෂි දුර්වලතා නිසාත් සිවිකාච භාවිතා කරන අවස්ථාද පවතින අතර එහිදී විශේෂයේ ඉහත සඳහන් කරන ලද කරුණු ඔබට අදාළ විය හැකියි. ඒවාට අමතරව සැමවිටම අදාළ අක්ෂි විශේෂඥවරයා හෝ දෘෂ්ඨි විශේෂඥයා සමඟ නිතර සම්බන්ධ වී කටයුතු කිරීමටද වගබලා ගත යුතු වේ.