Life
රාත්‍රි වැඩමුර කරන කාන්තාවන්ට පියයුරු පිළිකා අවදානම...
අපි විසින් සිදු කරන ඇතැම් වැරැදි පුරුදු නිසා අපට බොහෝ දේ අහිමි වෙන්න පුළුවන්. ඒ වගේම විවිධාකාර රෝගාබාධවලටද ගොදුරු වීමට ඉඩකඩ සැලසෙනවා. අපි හිතාමතාම සිදු කරන සමහර වැරැදි පුරුදු නිසා පිළිකා රෝගයට ගොදුරු වෙන බව මෑතකදී හඳුනාගෙන තිබුණා. මේ සිදු නොකළ යුතුම වැරැදි පුරුදු කීපයක්.
1. දුම් පානය කිරීමෙන් පෙණහලු
පිළිකා
දුම් පානය කිරීමේදී එහි තිබෙන බරපතළ තත්ත්වය පිළිබඳ නොසිතීම ඉතාත් වැරැදි ක්‍රියාවක් වෙනවා. දුම් පානය කරන පුද්ගලයා පමණක් නොව ඒ අසල රැඳෙන, එම විස දුම ආශ්වාස කරන අනෙකුත් පුද්ගලයන්ටද පෙණහලු පිළිකාව වැලැඳෙනවා. දුම් පානය කිරීම වැරැදි පුරුද්දක් ලෙස පෙන්වා දීමට හැකියාව තිබෙනවා.
2. උදෑසන ආහාරය මඟහැරීමෙන්
පිත්තාශයේ පිළිකා
යොවුන් පිරිස රැකියාවට යෑම නිසා උදෑසන ආහාරය මඟහරිනවා. මේ හේතුවෙන් පිත්තාශයේ ගල් හටගැනීම මෙන්ම පිත්තාශයෙහි පිළිකා තත්ත්ව හට ගැනීමද සිදුවෙනවා. දිගු නින්දකින් පසුව ආහාර ලබා ගැනීම අනිවාර්යය වෙනවා. අවම වශයෙන් කිරි වීදුරුවක් හා පාන් පෙති කීපයක් ආහාරයට ගැනීම වුවද ප්‍රමාණවත් වෙනවා.
3. පුද්ගලයන් කිහිපදෙනකු සමඟම
ලිංගික සම්බන්ධතා පැවැත්වීමෙන්
ගැබ්ගෙල පිළිකා
තරුණ කාන්තාවන්ට ගැබ්ගෙල පිළිකාව ඇති වීමට ප්‍රධාන හේතුව ලෙස ලිංගිකව එක්වීම දැක්වීමට පුළුවන්. බොහෝ වශයෙන් ගැබ්ගෙල පිළිකාව හටගන්නේ ලිංගික සම්බන්ධතා නිසා හටගනු ලබන ආසාධන මඟිනි. විශ්වාසවන්ත එක් අයකු වෙනුවට පිරිමින් වැඩි පිරිසක් සමඟ ලිංගික එක්වන කාන්තාවන් මෙම අවදානමට ලක්වෙනවා.
4. අඩු ප්‍රමිතියකින් යුතු ඊධඪතඥබ
නචනඥප භාවිතයෙන් පිළිකා
සමහර ගැහැනු ළමයින් තමන්ගේ ඇඳුම් පැලැඳුම් වෙනුවෙන් දහස් ගණනින් මුදල් වියදම් කරනවා. නමුත් ඔවුන් භාවිත කරන ඊධඪතඥබ නචනඥප කෙරෙහි කිසිදු සැලකිල්ලක්වත් දක්වන්නේ නැහැ. අඩුම වියදමකින් ලබා ගත හැකි ඊධඪතඥබ නචනඥප එකක් මිලදී ගැනීමට ඔවුන් පෙලඹෙනවා. අඩු ප්‍රමිතියකින් නිපදවන ඊධඪතඥබ නචනඥපවල තිබෙන සුදු වර්ණයට හේතුව වනුයේ එයට ජ්තභධපඥඵජඥදබ නමැති සුදුපිරියම් වන රසායනික ද්‍රව්‍යයි. ඒවා ශරීරයට ඇතුළු වීමෙන් ලියුකිමියා රෝගී තත්ත්වය හෙවත් ලේ පිළිකාව ඇතිවීමේ අවදානමක් පවතිනවා.
5. සිරුර තරබාරු නම් මහාන්ත්‍රයේ සහ පුරස්ථි ග්‍රන්ථියේ පිළිකා
තරබාරු සිරුරක් සහිත සියලුම පුද්ගලයන් අවධානයෙන් සිටිය යුතු වෙනවා. ඔවුන්ට මහාන්ත්‍රයේ පිළිකා, පුරස්ථි ග්‍රන්ථියේ පිළිකා සහ පියයුරු පිළිකා තත්ත්ව හට ගැනීමට ඉඩ පවතිනවා. ඔවුන් අනිවාර්යයෙන්ම නියමිත ආහාර වේලකට හැඩගැසීම, ශාරීරික ක්‍රියාකාරකම්වල යෙදීම, ශරීරයේ බර පාලනය කිරීම සිදු කළ යුතු වෙනවා.
6. මැදියම් රැය වන තෙක් වැඩ
කිරීමෙන් පියයුරු පිළිකා සහ
පුරස්ථි ග්‍රන්ථියේ පිළිකා
රාත්‍රි කාලයේ වැඩ කරන කාන්තාවන්ට මෙන්ම පුරුෂයන්ටද පිළිකා තත්ත්ව වැලැඳීමට ඉඩ පවතිනවා. එක දිගට රාත්‍රි වැඩ මුර සඳහා වර්ෂ තුනක් යෙදෙන කාන්තාවන්ගේ 40% පියයුරු පිළිකාද, පුරුෂයන්ගෙන් 60%කට වැඩි පිරිසකට පුරස්ථි ග්‍රන්ථියේ පිළිකාව වැලැඳීමට ඉඩක තිබෙනවා.
7. ව්‍යායාම නොමැති වීමෙන්
ආමාංශික පිළිකා
වැඩි වේලාවක් ඉඳගෙන සිටීමෙන් සෑම වසරකම පුද්ගලයන් මිලියන 200ක් පමණ මියයන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා. එක දිගට වැඩි වේලාවක් වාඩි වී සිටීමෙන් ශරීරයට අවශ්‍ය ව්‍යායාම ප්‍රමාණය අවම වෙනවා. ඒ තුළින් ආමාංශික පිළිකාව හටගනු ලබනවා.
Wmqgd .ekSu u