තුන් වේලකටම බත් කන අපි සහල් ගැන මොනවද නොදන්නේ…
නමුත් ඔබ මෙතෙක් කල් දැනන් සිටියාද ජපන් කාන්තාවන් සහල් භාවිතයෙන් තරුණ බව රැකගන්න බව?….
සහල් කියන්නේ ජපානයේ කාන්තාවන් තමන්ගේ තරුණ පෙනුම රැකගන්න භාවිතා කරන එක් උපක්‍රමයක්.
අපි අද ඔබට ඉදිරිපත් කරන්නම් මේ ජපන් රහස කුමක් ද කියලා.
ප්‍රථමයෙන්ම භාජනයක් ලිපේ තියා සහල් මේස හැඳි තුනක් එයට එක්කර හොඳින් ඉදෙනකල් තම්බා ගන්න. ඉන්පසුව මේ භාජනය ගින්නෙන් බාගෙන ඉඳුණු සහල් වෙනම භාජනයකට එක්කර ගෙන සහල් තැම්බූ ජලය එම භාජනයේම තබා ගන්න. (පසුව අවශ්‍ය වන නිසා)
ඊළඟට මේ බත් සෝදා ගෙන එයට උණු කිරි මේස හැන්දක් සහ මීපැණි මේස හැන්දක් එක්කර ගන්න. දැන් මේ භාජනයේ ඇති සියල්ල හොදින් මිශ්‍රකර ආලේපනයක් සකස්කර ගන්න. (පාප්ප තට්ටුවක් ආකාරයට)
ඔබේ මුහුණ හොදින් පිරිසිදු කරගෙන මේ ආලේපනය මුහුණේ ආලේප කර පැය භාගයක් සිටින්න. ඉන්පසුව ඔබ තබාගත් සහල් තැම්බූ ජලයෙන් මුහුණ මෘදුව සෝදා මේ ආලේපනය ඉවත්කර ගන්න.
මෙයින් ඔබට අත්වන වාසි
සහල් තැම්බූ ජලය අපේ සෞඛ්‍යයට විශාල වාසි රැසක් ගෙනෙනවා.
· විශාල ප්‍රතිඔක්සිකාරක බලයක් ඇති නිසා ශරීරයේ තෙතමනය ආරක්ෂා කරදීම
· ශරීරයේ මෙලනින් ප්‍රමාණය පාලනය කර මුහුණේ දුඹුරු පැහැ ලප කැළැල් ආදිය ඇතිවීම වලක්වාලීම
· පාරජම්බුල කිරණින් ආරක්ෂා කරදීම
ඔබට සහල් තැම්බූ ජලය දින හතරක් පමණ ශීතකරණයේ ගබඩාකර තබා ගන්නට පුළුවන්.
මේ සත්කාර ක්‍රමය දිනකට දෙවරක් සිදුකරන්න, උදෑසන සහ සන්ද්‍යා කාලයේදී.
ඒවගේම, මේ සහල් තැම්බූ ජලය ඔබට අයිස් කැට ආකාරයට වුවත් සකස්කරගෙන මුහුණ සම්භාහනය කිරීම සඳහා භාවිතා කරන්නටත් පුළුවන්.
curtesy :minisilu.com