Life
යොවුන් විය කලඹන ඔසප් ගැටළු
අවිවාහක තරුණියකට දරු පිළිසිඳ ගැනීමක් සිදු නොවන බැවින් ඩිමිබ බිඳ වැටීම සිදු වෙයි. එසේ වීමත් සමග ඊස්ට්‍රජන් ශ්‍රාවය අඩුවීමෙන් ගර්භාෂය ඇතුළත බිත්තිය බිඳ වැටීමෙන් ඒවා රුධිරය ලෙස පිට වෙයි.
මෙය මොළය සමග සිදුවන පණිවිඩ හුවමාරුවකි. ඒ හේතුවෙන් මෙය ඇතැම් අවස්ථාවල දී අක්රමවත්වීමේ අවකාශයක් පවතී. එවිට ඔසප් චක්‍රය අක්‍රමවත්වීම, එනම් මාස 06 ක් පමණ ඔසප් නොවීම, එසේ නොමැති නම්, මාස 02 03 කට වරක් ඔසප්වීම වැනි ලක්ෂණ දක්නට ලැබේ. මාසකට වරක් ඩිම්බයක් පිටවිය යුතු වුව ද එලෙස ඩිම්බ පිට නොවන අවස්ථා ඉහත හේතුව නිසා සිදු වෙයි. එවැනි අවස්ථාවල දී අධික වේදනාව සමග රුධිරය වැඩි ප්‍රමාණයක් පිට විය හැකි ය.
බොහෝ දෙනෙක් ඒ සඳහා හෝමොන ලබා ගැනීමට පෙළඹුණ ද එය යෝග්‍ය නොවන බවට විශේෂඥ වෛද්‍යවරු සඳහන් කරති. එවැනි අවස්ථාවල දී කාන්තා රෝග සම්බන්ධ වෛද්‍යවරයෙකු හමු වී උපදෙස් ලබා ගන්න.
නව යොවුන් වියට පැමිණි දියණියක් නම් ඔසප් ගැටළු හේතුවෙන් අධ්‍යාපනයට බාධා ඇති වේ නම්, රක්තහීනතාවය ඇති වේ නම්, පෞද්ගලිකත්වයට ප්‍රශ්න මතු වේ නම්, සම්පූර්ණ රුධිර පරීක්ෂාවක් සිදු කර ගන්න. බොහෝ දෙනෙකුට මෙය සරළ සිදුවීමක් වුව ද ඒ සඳහා වේදනා නාශකයක් ලෙස ඇස්ප්‍රීන් හෝ වේදනා නාශක ඖෂධයක් භාවිතයට ගැනීමෙන් සුව ලබා ගත හැකි ය. එහෙත් අධික වේදනාවක් ඇත්නම් අලට්රා සවුන්ඩ් ස්කෑන් පරීක්ෂණයක් සඳහා යොමුවන්න.
ඇතැම් දරුවෙකුට ඇය වයස අවුරුදු 12 දී පමණ ඔසප්වීම ආරම්භ වෙයි. එහි දී මුල් වසර 02 තුළ දී බොහෝ විට අක්‍රමවත් ලෙස සිදු වූ ඔසප්වීම සිදු වුව ද වසර 02 කින් පමණ ක්‍රමවත් ව ඔසප්වීම ඇරඹෙයි.
Wmqgd .ekSu taIshka