Life
මොළය වර්ධනය කරන ආහාර..
සුවදායිව ජීවත් වීම තරම් දෙයක් මෙලොව තවත් නැති තරම්. නිරෝගී මනසකින් යුතුව කටයුතු කිරීමට අපි හැමෝම කැමැතියි. ඒ සඳහා මෙන්න මේ ආහාර වර්ග ඔබට රුකුලක් වෙයි.
අලිගැටපේර
පෝෂ්‍ය පදාර්ථ බහුලව අඩංගු වන පලතුරක් ලෙස අලිගැටපේර දක්වන්න පුළුවන් වෙනවා. එය තුළ තන්තු, පොටෑසියම්, විටමින් ඒ, ඛ්, ච්, ඡ්, ම් සහ විටමින් ඕ සමූහයම අඩංගු වෙනවා. ඔමේගා ඕ නමින් හඳුන්වන මේද අම්ලයන් වැඩි වශයෙන් අලිගැටපේර තුළ ඇතුළත් වෙනවා. එමඟින් ඔබගේ හදවත මෙන්ම මොළයද නිරෝගීව තබනවා.
කජු
දිනකට කජු අහුරක් ආහාරයට ගැනීමෙන් තන්තු, ප්‍රෝටීන, අම්ල සහ විටමින්, ඛනිජ ලවණ ලැබෙනවා. එමෙන්ම කජුවල තුත්තනාගම්, යකඩ සහ මැග්නීසියම් ඇතුළත් වෙනවා. එමඟින් මතක ශක්තිය වර්ධනය වීම සිදුවෙනවා.
ඩාර්ක් චොකලට්
වෙනත් චොකලට් වර්ග මනස නිරෝගී කිරීමට සමත් වෙන්නේ නැහැ. එය සිදුකිරීමට හැක්කේ ච්චපඬ ජඩධජචතචබඥ වලින් පමණී. මේවා මඟින් මනස නිරෝගීව පැවතීමට අදාළ වාසි ලබා දෙනවා. එමෙන්ම ච්චපඬ ජඩධජචතචබඥ ආහාරයට ගැනීමෙන් රුධිර පරිවහනය වේගවත් කරනවා. ඔබට උද්ගත වී ඇති ප්‍රශ්නවලට පිළිතුරු ද සොයා ගත හැකිවෙනවා. කිසියම් පීඩන තත්ත්වයක සිටින ඕනෑම කෙනකුට ච්චපඬ ජඩධජචතචබඥ ආහාරයට ගැනීමෙන් එම ආතතියෙන් මිදීමට හැකි වෙනවා.
සැමන් මත්ස්‍ය වර්ගය
සැමන් මත්ස්‍ය වර්ගය ආහාරයට ගැනීම තුළින් අපේ ශරීරයට අවශ්‍ය මේද අම්ල, ප්‍රෝටීන ලබා ගත හැකි වෙනවා. මෙම මත්ස්‍ය වර්ගය ඔබගේ ආහාර වේලට අන්තර්ගත වීම ඉතාමත් යෝග්‍ය වෙනවා. තෙල් සහිත මත්ස්‍යයන් වන සැමන්, මිරිදිය මාළු වර්ග, කුම්බලාවා, සාර්ඩින් මසුන් තුළ වැඩි වශයෙන් ඡ්ජ්ඒ සහ ච්ඩ්ඒ අඩංගු වෙනවා. ච්ඩ්ඒ වැඩි වශයෙන් අඩංගු වීම තුළින් මතක ශක්තිය වර්ධනය සිදුවෙනවා.
රතු අල
රතු අල තුළ විටමින් ඛ් තන්තු, මැන්ගනීස් සහ පොටෑසියම් බහුලව අඩංගු නොවුණත් මේවා තුළින් මොළයට සිදුකරන රුධිර පරිවහනය වේගවත් කරනවා. රතු අල ආහාරයට ගැනීම තුළින් මනස ආශ්රිත ආසාදන වැළකීමට පුළුවන්. රතු අල තුළ අඩංගු නයිටි්රක් අම්ලයේ ලවණ, නයිටි්රක් ඔක්සයිඩය බවට පත් කරමින් එය මනස සැහැල්ලු වීමට දායක වෙනවා.
ධාන්‍ය වර්ගවලින් සැකසූ ආහාර
තිරිඟු, ඉරිඟුවලින් සකසන ලද ආහාර ඕට්ස් මඟින් මොළයට අවශ්‍ය ශක්තිය ලැබෙනවා. එමෙන්ම රුධිරයේ සීනි මට්ටම ද පාලනය කරනවා. ශරීරයට අවශ්‍ය ග්ලුකෝස් මට්ටම ද ආරක්ෂා වී මැනවින් පාලනය වෙනවා.
Wmqgd .ekSu u