iranama
මේ වසරේ ප්‍රබලම ග්‍රහ මාරුව ලෝකයට රටට ඔබගේ ලග්නයට කොහොමද?
ෙදාළොස් වසරකට පසු 2015 ජූලි මස 14 වැනි අඟහරුවාදා පෙ.ව. 6.20ට ගුරු ග්‍රහයා මෙතෙක් ගමන් කළ කටක රාශියේ සිට සිය මිත්‍ර රාශියක් වන රවි හිමි සිංහ රාශියට පිවිසීමට නියමිතය. මෙය මෙම වසරේ සිදුවන අසිරිමත්ම ග්‍රහ මාරුවයි.
ෙදාළොස් වසරකට පසු 2015 ජූලි මස 14 වැනි අඟහරුවාදා පෙ.ව. 6.20ට ගුරු ග්‍රහයා මෙතෙක් ගමන් කළ කටක රාශියේ සිට සිය මිත්‍ර රාශියක් වන රවි හිමි සිංහ රාශියට පිවිසීමට නියමිතය. මෙය මෙම වසරේ සිදුවන අසිරිමත්ම ග්‍රහ මාරුවයි. මෙම ලිපිය එම ගුරු ග්‍රහ මාරුවට පෙරවදනකි.
සදෙව් ලොවට අධිපති මහේශාක්‍ය ශක්‍ර දේවේන්ද්රයාගේ අති ශේ්රෂ්ඨ ගුරුවරයා වූ සුරගුරු හෙවත් බ්‍රහස්පති පුෂ්ටිමත්, ස්ථුල, අංගසම්පූර්ණ ශරීරයක් ඇති තේජවන්ත ශක්තිවන්ත වංශවතකු ලෙස ඉපැරැණි ජේයාතිෂ ග්රන්ථයන්හි දක්වා තිබේ. තාරකා විද්‍යාවට අනුවද බ්‍රහස්පති කුඩා වන්නේ සූර්යයාට පමණක් වන අතර අනෙක් සියලුම ග්‍රහයන්ට වඩා විශාලත්වයෙන් යුත් මෙම ග්‍රහයාගේ මැදින් සැතපුම් පන්දහසක පමණ බාහිර නෙරුමක් ඇති බැවින් උසට වඩා මහතින් වැඩි බව කියැවෙයි.
ජේයාතිෂයේ ගුරුට හිමිව ඇති ස්ථානය අතිශයින්ම සුවිශේෂය. ගුරු ග්‍රහ මණ්ඩලයේ බලවත්ම සුබ ග්‍රහයා වෙයි. නවග්‍රහයන් අතරින් ප්‍රධාන තැනක් ගුරුට හිමිය. ඉතාමත්ම යුක්ති සහගත ආධ්‍යාත්මික මෙන්ම ලෝකෝත්තර පැත්තට බර ග්‍රහයාද වෙයි. එසේම ග්‍රහ ලොව ප්‍රධාන උපදේශකයාද වෙයි. දෙවියන්ගේත් ගුරු වන නිසා සුරගුරු ලෙස හඳුන්වයි. බ්‍රහස්පති ග්‍රහයා ග්‍රහලෝක අතර විශාලතම ග්‍රහයාද වන අතරම නැකැත් තරුවලට පිටින් ගමන්කරන ග්‍රහ තාරකාවද වෙයි. විශාලත්වයෙන් දෙවැනි වන්නේ රවි රජුට පමණි. ඔබ අප ජීවත්වන පෘථිවි ග්‍රහ ලොව මෙන් එක්දහස් තුන්සිය වාරයක් විශාල වන අතර ගුරු, සුරගුරු, බ්‍රහස්පති යන නම්වලට අමතරව ගුරු හට අංගීරස, ආර්ය, වාගීශ, ජීව යන නම්ද ව්‍යවහාර වෙයි. පුළුල් නළල් තලයක් හා මිටි මහත වටකුරු ශරීරයකින් හෙබි සුරගුරු විශාල උදරයක්ද ඇති රන්වන් පාට සිරුරකින් යුක්තයි. ගුරු ලග්න භාවයේ සිටින අයගේ ශරීර මහත් වෙයි.
ඔබ ජීවත් වන පෘථිවියට මඳක් අෑතින් ගුරු සිටියද ඔහුගේ බලපෑමේ කිරණ ශක්තිය නිරතුරුවම ඔබට ලබා දෙනු ඇත. අහස පැහැදිලි කාලයේදී කහපාටින් බබළන බ්‍රහස්පති ඔබට පහසුවෙන් හඳුනාගත හැකිය. සුරගුරුට උප ග්‍රහයන් හෙවත් චන්ද්‍රයන් 16 දෙනකු සිටිනා අතර ග්‍රහ මණ්ඩලයේ සුබම සුබ පුරුෂ ග්‍රහ තාරකාව ද වන්නේය. ඉහතින් දක්වන ලද්දේ අපගේ නවග්‍රහ මණ්ඩලයේ සුබම සුබ ග්‍රහ තාරකාව වන ගුරු හෙවත් බ්‍රහස්පති පිළිබඳ කෙටි සටහනකි. එසේ වූ ගුරු ග්‍රහයා තවත් ග්‍රහ ගමනකට හෙවත් ග්‍රහ චලිතයකට මේ දිනවල සූදානම් වෙයි.
උදාවූ 2015 නව වසරේ සිදුවන අසිරිමත්ම එමෙන්ම ප්රබලතම ග්‍රහ මාරුවට තවත් ඇත්තේ හරියටම මාස එකහමාරකට ආසන්න කාලයකි. එනම් එළැඹෙන ජූලි මස 14 වැනිදා සිදුවන බ්‍රහස්පති හෙවත් ගුරු ග්රහමාරුවයි.
පසුගිය වර්ෂයේ එනම් 2014 ජුනි මස 19 වැනි දින ගුරු දින උදෑසන එනම් පෙ.ව. 8.46ට කටක රාශියට පිවිසි ගුරු හෙවත් බ්‍රහස්පති ග්‍රහයා සිය උච්ච භවන වූ කටකයේ පුරා වසරක් ගත කර එළැඹෙන 2015 ජූලි මස 14 වැනිදා අඟහරුවාදා පෙ.ව. 6.20ට මෙතෙක් ගමන් කළ කටක රාශියේ සිට සිය මිත්‍ර රාශියක් වන රවි හිමි සිංහ රාශියට පිවිසීමට නියමිතය. එතැන් සිට ඉදිරි වසරක පමණ කාලයක් ගුරු ග්‍රහයා සිය මිත්‍ර රාශිය වන සිංහ රාශියේ ග්‍රහ චලිතයේ යෙදෙනු ඇත.
රාශි චක්‍රයේ 5 වැනි රාශිය වන සිංහය යනු තිර රාශියකි. ඒ අනුව ගුරු ග්‍රහයා සිංහ රාශි ගතවීම හා සෙනසුරුගේ වෘශ්චික රාශි ගමන හේතුවෙන් අප රටට පමණක් නොව අප රටට ආසන්න රටවලටද භූමිකම්පා අවදානමක් පවතී. ඒ අනුව මෙම ගුරු මාරුවට සතියකට පෙර හා පසු කාලය තුළ අප රට තුළ යම් පමණක ස්වාභාවික විපත් හා ගංවතුර, සුළි සුළං වැනි තත්ත්වයන් ඇතුළු කාලගුණ විපර්යාසයන් ඇති විය හැකිය. 12 වසකට පසු රවි හිමි සිංහ රාශියට පිවිසෙන බ්‍රහස්පති හෙවත් ගුරු ග්‍රහ තාරකාව දැනට වෘශ්චිකයේ සතුරු රාශි ගත සෙනසුරු හෙවත් ශනිගේ 10 වැනි දෘෂ්ටියට ලක්වීම හේතුවෙන් ද එළැඹෙන 2015 සැප්තැම්බර් අග සිට 2016 මුල දක්වා අප රට කෙරෙහිද යම් පමණක භූමිකම්පා අවදානමක් පවතිනු ඇත.
අප රටේ මෙන්ම මුළු මහත් පෘථිවි තලය පුරාම ඉතාම ප්‍රබල දේශගුණ හා කාලගුණ වෙනස්කම් ඇතිවිය හැකි අතර ලෝකය පුරාද අප රට ආශ්‍රිතවද ගංවතුර හා නියං තත්ත්වයන් මෙන්ම සුළි සුළං තත්ත්ව විටින් විට දැක ගත හැකි වනු ඇත. මෙම කාලය අධ්‍යාපනය දියුණු වන අතර දරුවන්ට යහපත් වනු ඇත. මහා පරිමාණ හොරුන් ඇතුළු සියලුම නීති විරෝධී ක්‍රියා කරන්නන්ට නිසි දඬුවම් හිමි වන කාලයකි. පැවිදි උතුමන්ට සුබදායක නැත. මත්ද්‍රව්‍ය හා ඒ ආශ්රිත ව්‍යාපාරවලට දැඩි දඬුවම් හිමිවන කාලයකි. රටේ කීර්තිනාමය දසත පැතිරෙනු ඇත. පවතින රජයට වාසිදායක තත්ත්වයක් ඇති වනු ඇත. ජුනි මාසයේ අග වන විට මහ මැතිවරණයක ලකුණු පහළ වනු ඇත. රජයට ජනතාවගේත් විරුද්ධ පක්ෂයේත් හඬට කන්දෙන්නට සිදු වනු ඇත. මෙම කාලය තුළ ජාතික ආණ්ඩුවක් බිහි වනු ඇත. මහජනතාවට සහන ලැබෙන කාලයකි. කෙසේ වෙතත් දේශගුණ හා කාලගුණ තත්ත්ව නිසා ජනතාවට දැඩි පීඩා ඇති වනු ඇත. රිය අනතුරු වැඩිවීමට ඉඩ ඇත.
විවිධාකාරයේ වසංගත රෝග පැතිරී යා හැකිය. එම හේතු නිසා හදිසි අනතුරුවලින් මිය යන ප්‍රමාණයේ වැඩිවීමක් දක්නට ලැබේ. පසුගිය ග්‍රහ යුද්ධයන්හි බලපෑමද මේ සඳහා මූලික වනු ඇත. රටේ දේශපාලනයේ සුවිශේෂ වෙනස්කම් රාශියක් ඇති වෙයි. ඩෙංගු හා බෝවන රෝග, උණ රෝග යළි හිස ඔසවයි. විදේශයක ප්‍රබල භූ කම්පනයක් සිදුවිය හැකි අතර ප්‍රබල ජල යාත්‍රා අනතුරක් නිසා මිනිස් ජීවිත විශාල ප්‍රමාණයක් අහිමි වනු ඇත.
Wmqgd .ekSu u