Beauty
මේ වගේ ලස්සනක් කොහෙන්වත් ලැබෙන එකක් නෑ
සිරුරේ ඇති (Pressure Point) පීඩන
ස්ථාන නිසි ලෙස සම්බාහනය කිරීමෙන් මුහුණ බලාගෙන ඉන්න කොට ලස්සන කරගන්න
පුළුවන්ලු. මිතුරිය සන්ධ්‍යාගේ අත්දැකීම් ඇය හෙළිකළා... කිසිම ආලේපනයක්
පාවිච්චි කරන්නෙ නැතුව ලස්සන වෙන්න පුළුවන් නම් මොනතරම් වටිනවද?
පීඩන ස්ථාන (Pressure Point) ලෙස අප බටහිර වෛද්‍ය විද්‍යාවේ හඳුන්වන්නේ
අපගේ ස්නායු පේශි හා රුධිරනාල නියම ආකාරයෙන් සම්බාහනය කරන ස්ථානයටයි.
ආයුර්වේදයේ දී මෙය හඳුන්වන්නේ මර්මස්ථාන ලෙසයි.
මෙම මර්මස්ථාන හඳුනා ගනිමින් එය නිසියාකාරව තෙරපීමෙන් ලැබෙන සුව සහනය ඇත්තෙන්ම විස්මිතයි...
1 ශි්රංගාටක මර්ම - නාසය හා උඩුතොල අතර කොටස මාපටැඟිල්ලෙන් තදින් 5-10 වරක් තෙරපීම.
මෙයින් මොළයට ලේ ගමනාගමනය හොඳින් සිදුවන අතර අධික හිසරදයටත් ඔක්කාරයට, ක්ලාන්තයට ද ක්ෂණික විසඳුමකි.
2 ප්‍රාණ මර්ම - නාසය දෙපස වූ කොටස ඇඟිලි දෙකෙන් වාර 5-10 බැගින් සුළඟිල්ලෙන් තෙරපීම
මෙසේ තෙරපීමෙන් ස්වසන පද්ධතියේ ක්‍රියාකාරිත්වය දියුණුවන අතර සෙම
සෙම්ප්රතිශාවට ද සුවය ගෙන දෙයි. එක් ඇඟිල්ලකින් තෙරපන විට මොළයේ විරුද්ධ
පැත්ත ක්‍රියාකාරී වීම දියුණුවන අතර මනසට දැනෙන සැහැල්ලුව ද අති මහත්ය.
3. අවර්ත මර්ම - ඇහි බැම වටා
පිහිටි ස්ථාන තුනක් අවර්ත මර්ම ලෙස හඳුන්වයි. මෙම ස්ථාන තෙරපීමේදී ඇස්වල
වෙහෙසකර බව දුරුවීම, ඇස් පෙනීම දියුණුවීම, ඇස් වටා මාංස පේශී උත්තේජනය
කිරීමත් සිදුවේ. හිසරදය හා අක්මාවේ පවතින විස නැසීමට කදිම ප්‍රතිකර්මයකි.
4. දුර මර්ම - මෙය කන පිටුපස
දෙපසින් පිහිටි ස්ථානයයි. මෙම ස්ථාන තෙරපීමේදී කර්න රෝග සුවය ලබන අතර කනේ
ඇති විවිධ අතුරු ආබාධ සුවයට ද කදිම වූ සම්බාහනයකි.
5. අපංග මර්ම - මෙය ඇස් දෙක දෙපස පිහිටි ස්ථානයයි. මෙයින් ඇස් පෙනීම දියුණුවන අතර ඇස්වල වෙහෙසකර බව අඩුකර පෙනීම වැඩිකර ගැනීමට කදිම සම්බාහනයකි.
රූප සටහන් මඟින් පෙන්වා ඇති මෙම (Pressure Point) නිසි ලෙස හඳුනාගෙන සම්බාහනය කිරීමෙන් පැහැපත් මුහුණක හිමිකාරියක වීමට ඔබට පුළුවනි.
උපදෙස් - ආයුර්වේද වෛද්‍ය භූෂන් මහේෂ් අතුරලිය
(under the courtesy of goodhousekeeping.lk web)