Beauty
මුහුණේ සම දීප්තිමත් සහ නිරෝගී ලෙස තබා ගැනීම සඳහා උපදෙස්
ඔබේ වයස කුමක් වුවත් , නිසි ලෙස සත්කාර නොකරිමෙන් මුහුණේ සම රැලි වැටීම, දුර්වර්ණ වීම සිදු විය හැකි. මේ සදහා ඔබට කිරීමට ඇත්තේ එදිනෙදා කල යුතු සරල සත්කාර ගැන දැනගැනීමයි. එමගින් සෞඛ්‍ය සම්පන්න ලෙස මුහුණේ සම පවත්වා ගැනීමට ඉතා පහසු වේ.
වැඩි වශෙයන් ජලය පානය කරන්න. පැණි රස කෑම සහ බීම වර්ග ගන්නා ප්‍රමාණය අඩුකර ගන්න. පළතුරු සහ එළවළු වර්ග වැඩි වශයෙන් ආහාරයට ගන්න.
දිනකට තෙවරක් මුහුණ පිරිසිදු කරගන්න. රාත්‍රී කාලයේදී පමණක් cleanser බාවිතා කරන්න. රාත්‍රී කාලයේදී cleanser යොදා හොඳින් මුහුණ පිරිසුදු කර ගන්නා නිසා, උදෑසන cleanser කිරීම අනවශ්‍යයි.
ඔබේ මුහුණේ සමට ගැලපෙන cleanser /scrub වර්ගය තොරා ගන්න. සමට නොගැලපෙන cleanser/scrub වර්ගය භාවිතයෙන් සමට හානි විය හැකි. (Link)
රූපලාවන්‍ය සත්කාර සඳහා වැඩි වශයෙන් ස්වභාවික දේ භාවිතා කරන්න. (Link 1)(Link 2)
අපිරිසිදු දෑතින් මුහුණ ඇල්ලීමෙන් වැලකී සිටින්න මතක තබා ගන්න. විශේෂයෙන් මුහුණේ කුරුලෑ ඇතිනම් මුහුණ නිතර ඇල්ලීමෙන් වළකින්න.
මුහුණ පිරිසිදු කිරීම සඳහා සබන් වර්ග යොදානොගන්න. ඒ සඳහා ස්වභාවික දියර වර්ග භාවිතා කරන්න.
ඔබ මහුණ පිස දැමීමට පමණක් වෙනම තුවායක් බාවිතා කිරීම මුහුණෙහි සෞඛ්යාරක්ෂිත බවට වැදගත් වේ.
සතියට දෙවරක් scrub එක්ක භාවිතා කරන්න. Scrub එකකින් මැරුණු සම ඉවත් කර සම අලුත් කරනවා. එහෙත් නිතර සම ස්ක්‍රබ් කිරීමෙන් සමේ ස්වාභාවික තෙල් ඉවත් වී සම් වියළි යා හැකි බව මතක තබා ගන්න.
මුහුණට ආලේප කරන රූපලාවන්‍ය නිෂ්පාදන වර්ග ගැන සැලකිලිමත් වන්න. Cleanser/Scrub/Cream මිලදී ගැනීමට පෙර ඒවායේ අඩංගු දේවල් සහ වෙළද නාමය ගැන හොදින් දැනගන්න.
Makeup සමඟ නින්දට යෑමෙන් ඔබේ සමට හානි සිදුවන බව දැනගැනීම වැදගත් වේ. රාත්රියේදී නිදා ගැනීමට පෙර හොඳින් මුහුණ පිරිසුදු කර ගන්න.සම මතුපිට makeup තබා නිදා ගැනීමෙන් සමේ රෝග සහ සම රැලි වැටීම ඉක්මන් වීමත් විය හැකියි.
curtesy :beautycare.lk
(under the courtesy of goodhousekeeping.lk web)
Related