Beauty
මුහුණේ මේකප් එක සමග නින්දට නොයෑමට හේතු 5ක්
මුහුණේ මේකප් එක සමග ගණුදෙණු කිරීම තරමක් පරිස්සමෙන් කළ යුතු දෙයක්. ඔබේ සමට හා මුහුණට හරියටම ගැලපෙන මේකප් එක ඔබ තෝරාගත යුතුයි. නමුත්, ඒ මේකප් එක සෝදාහැරීම ගැන නම් අපට පැහැදිලි මතයක් නෑ. ඔබේ මුහුණේ ඇති සම, මුලු ශරීරයේම සම හා සසදන විට ඉතා සංවේදියි බව පැවසිය හැකියි. ඉතින් ඔබ, ඔබේ මුහුණේ සම හොඳින් ආරක්ෂා කළ යුතුයි. ඒ කියන්නේ, නින්දට පෙර මේකප් එක නොසේදීම ගැන නම් කිසිම නිදහසට කාරණාවක් නෑ කියන එකයි. නින්දට යාමට පෙර ඔබේ මුහුණ පිරිසිදු කළ යුත්තේ ඇයි දැයි ඔබ දන්නේ නැතිද? එහෙනම් මේ ලිපිය අනිවාර්යෙන්ම කියවන්න.
1) සිදුරු අවහිරවීම
ඔබේ මුහුණේ ඇති කුඩා සිදුරු ඉතා පහසුවෙන් අවහිරවෙනවා. ඉතින් ඔබ නින්දට යාමට පෙර මේකප් එක පිරිසිදුකර ඉවත් කලේ නැතිනම්, ඒ ක්‍රීම් තට්ටුවම අර සිදුරු තුලට කිඳා බහිනවා. දවස පුරාවටම ඇතිවෙන දාඩිය හා කුණු දූවිලිත් මේ සිදුරු අවහිරවීම උග්‍ර කරනවා. එමනිසා දවස අවසාන වීමට පෙර මේකප් එක සම්පූර්ණයෙන්ම සෝදාහරින්න වගබලාගන්න.
2) සම වියලීම
මේකප් එක මඟින් ඔබේ ස්වාභාවික ලස්සන තරමක් වැඩි කරත් ඉන් ඔබේ සමට අවශ්‍ය වාතාශ්‍රය නැතිවෙනවා. ඝනකම් ෆෞන්ඩේෂන් ක්රීම තට්ටුව හා පවුඩර් තට්ටුව සමේ සිදුරු අවහිර කරමින් සමට හුස්ම ගැනීමට ඇති හැකියාව අවමකරනවා. සමට හුස්ම ගැනීමට හා විවේකයක් ගැනීමට දවසේ වෙලාවක් ලබාදීම ඉතා වැදගත්. රාත්‍රී නින්දේදී සම අළුත්වැඩියාවෙන නිසා එය තමයි සමට විවේකයක් ලබාදීමට හොඳම වේලාව. ඉතින් මේකප් එක සමග නින්දට ගොස් ඒ ක්‍රියාවලියට බාදාවක් ඇතිකරන්න එපා. සතියකට වතාවක් හරි දවස පුරාවටම මේකප් භාවිතා නොකර සමට විවේකයක් ලබාදීමට පුළුවන් නම් ගොඩක් හොඳයි.
3) සම වයසට යාම
සිවුමැලි ඔබේ මුහුණේ සමට ඉතා ප්‍රවේසමෙන් සැලකිය යුතුයි. සුලඟේ අංශු, කුණු, දූවිලි, හා ඉතිරි වූ මේකප් මඟින් ඔබේ සමට හානිවෙනවා. මේකප් එක සමග නින්දට යාමේ පුරුද්ද, මුහුණේ සමේ ආතතිය වැඩිකරමින් අකලට වයසට යවනවා. කළු ලප, පැල්ලම්, අකලට සම රැලිවැටීම් තමයි මෙහි ප්රථිඵලයන් වන්නේ. වයසට වඩා වැඩි පෙනුමක් ඇතිවෙනවාට ඔබ කැමතියිද?
4) කුරුළෑ
රාත්‍රිය පුරාවටම මේකප් එක මුහුණේ තැබීම මඟින් කුරුළෑ ඇතිවීමට හිතකර පරිසරය ගොඩනැගෙනවා. ඔබ නින්දට යන්නේ මුහුණේ මේකප් එක ඇතිව නම්, ඔබේ නොසැලිකිළිමත්කම නිසාම කුරුළෑ ඇතිවීමට අවශ්‍ය වටපිටාව ගොඩනැගෙනවා කියල කියන්න පුළුවන්. ඔබේ මුහුණ කුරුළෑ වලින් පිරී තිබෙනවාට ඔබ කැමති නෑ නේද?
5) උද්දීපනය (Irritation)
පෙර සඳහන් කළ පරිදි, ඔබේ මුහුණේ සම ඉතා සංවේදියි. ස්වාභාවික වශයෙන්ම ඔබේ සම එහි සුවවීමේ හැකියාවට බාදා ඇතිකරන යමකට ප්‍රතිචාර දක්වනවා. මේකප් එක නිසා ඔබේ ශරීරය මඟින් මුහුණේ සම අලුත්වැඩියා කිරීම සඳහා හේතුවෙන අංශු නිපදවීම අඩපණවෙනවා. ඉතින් මුහුණේ මේකප් එක තබා නිදා ගැනීම මඟින් සම මත ඉදිමීම්, කුෂ්ඨ, හා වියළි කොටස් ඇතිවෙනවා.
දැන් ඔබට තේරෙනවා නේද? දිනපතාම නින්දට යාමට පෙර මුහුණේ මේකප් එක සෝදා ඉවත්කළ යුතුබව. දවස කොතරම් දීර්ඝ හා වෙහෙසකාරී වුණත්, මේකප් එක ඉවත් නොකිරීමට ඒවා නිදහසට කාරණා කරගන්න එපා. ඔබ, ඔබේ සමට ආදරය කළ යුතුයි. සම ආරක්ෂා කරගත යුතුයි. අකලට වයසට යන්න කැමති නැතිනම්, සැමදා මේකප් එක පිරිසිදු කර, හොඳ තෙතමනය වැඩිකරන යමක් ගල්වා තරුණ බව නැවත ලබාගන්න.
Wmqgd .ekSu /�K mqj;am; weiqfrks