Beauty
මුහුණේ අඳුරු ලප වලට ගෙදරදීම ප්රතිකාර
මුහුණේ ඇති වන අඳුරු ලප නිසා ගැහැණු පිරිමි දෙපාර්ශවයම ඉන්නේ විශාල
පිඩනයකින්.අපි අද ඔබට කියන්නට යන්නේ එවැනි අඳුරු ලප සඳහා නිවසේදීම කරගන්නට
පුළුවන් ප්රතිකර්මයක් ගැනයි.
අර්තාපල් ඉස්ම සමඟ මීපැණි මිශ්රකොට මුහුණේ ආලේප කොට පැයක් පමණ තබා
ඇල්වතුරෙන් සෝදා හරින්න. (මෙහිදී අමු අර්තාපල්වලට වතුර නොදා යුෂ පමණක්
ගන්න.)
ආමන්ඩ් සමඟ එළකිරි මිශ්රකර ආලේපකර පැයකට පසු සෝදා හරින්න. ආමන්ඩ් සහ
කිරිවල ඇති ස්වාභාවික මේදය සහ පෝෂණ සංඝටක නිසා සමට සුවයක් නිරෝගී බවක්
ලබාදෙයි.
තවද තක්කාලි යුෂ, ගස්ලබුවල ඇති එන්සයිමය මැරුණු සම ඉවත්වීමටත් කළු ලප
කැළැල් ඉවත්වීමටත් ඉවහල් වෙයි. මේවා දීර්ඝ කාලීනව කළයුතු වේ. නමුත් සමට
අහිතකර නොවේ.
සමට මෙසේ පිටතින් ආලේප යෙදුවත් ශරීරය තුළට ද පෝෂණය ඉතාමත් වැදගත් බව
අමතක නොකළ යුතුයි. මේ දෙකම නිසියාකාරව එක් වූ කල ඔබට ඉතා පහසුවෙන්ම පැහැපත්
සමකට හිමිකම් කීමට හැකිවනු ඇත.
Wmqgd .ekSu taIshka