Beauty
මුහුණ එකම සුදක් දෙන විශ්මිත දේශීය රහස් සත්කාරය
අපට එදිනෙදා දකින්නට ලැඛෙන කාන්තාවන් බොහෝ දෙනෙකුගේ මුහුණේ තැනින් තැන කළු පැහැති පැල්ලම් ඇති වී තිඛෙනු දැකිය හැකියි.ඒ කියන්නේ මුහුණ පුරා එකම පාටක් නෑ. මුහුණ පුරා එකම සුදක් තියෙනවා නම් කොයි තරම් ලස්සනද ? මුහුණ නිසි පරිදි පිිරිසිදු නොකිරීමෙන්, අව් රශ්මියට හසුවීමෙන් සහ කෘත්රිම ආලේපන මගින් තමයි මෙම තැන තැන දුර්වර්ණ පැල්ලම් ඇති වෙන්නේ .
මේ මුහුණේ තැනින් තැන අවලස්සන දුර්වර්ණ වීම් වලක්වා ගන්න නම් ක්ලෙන්සර් හෝ ඩීප් ක්ලෙන්සර් භාවිත කර මුහුණ පිරිසිදු කිරීම, සමට ගැලපෙන ස්වාභාවික ආලේපන වර්ගයක් තෝරාගෙන භාවිත කිරීම, අව්වේ යන විට හිරු ආවරණ ආලේපනයක් භාවිත කිරීම වගේ දේවල් කලහැකියි. තවද අද විශ්ම ලෝකයෙන් ඔබට නිවසේදී ම මුහුණේ කළු පැල්ලම් ඉවත් කර ගැනීමට හැකි විශ්මිත ප්රතිකර්මයක් කියන්නම්
මුලින්ම කෝමාරිකා හොයා ගන්න ඕනේ
ඊටපස්සේ කෝමාරිකා මදය සූරා ගන්න
දෙහි යුෂ බිංදු කීපයක් එකතු කරන්න
මුදවාපු කිරි මේස හැන්දක් එකතු කරන්න
දැන් සියල්ල හොදින් කලවම් කර විශ්මිත ආලේපනය හදා ගන්න.
මෙය මුහුනේ ආලේප කරන්න.
විනාඩි 20ක් පමණ තබා මද උණුසුම් ජලයෙන් සෝදා හරින්න
තවද මෙය ක්ලෙන්ස්ර එකක් ලෙස දිනපතා පාවිච්චි කරන්නත් ඔබට පුළුවන්
curtesy by :- www.wishmalokaya.com
(under the courtesy of goodhousekeeping.lk web)
Related