Health
මුත්රාවල ගල් පිත්තාශයේ ගල් වළක්වා ගන්නේ කොහොමද?
වර්තමානය වනවිට මුත්‍රාගල් ඇතිවීම මෙන්ම පිත්තාශය ආශි‍්‍රත ගල් ඇතිවීම ඉතාමත් සුලබව දැකගත හැකි රෝගී තත්ත්වයක් එසේ වුවත් ආයුර්වේද වෛද්‍ය විද්‍යානුකූලව ඒ සඳහා ඉදිරිපත් කර ඇති සාර්ථක විසඳුම් නිසා බොහෝ රෝගීන් තමාගේ ජීවිත නිරෝගීව ගත කරනු ලැබේග එවැනි ප්‍රතිකාරවල පවතින විස්මිත බව නිසාම ආයුර්වේද වෛද්‍ය විද්‍යානුකූලව මුත්‍රා මෙන්ම පිත්තාශය ආශි‍්‍රත ගල් ඇතිවීමේ රෝග හේතු පිළිබඳ දැනුමක් අවබෝධයක් ලබා ගැනීම ඉතා වැදගත් වේවිග මේ ඒ පිළිබඳව ආයුර්වේද වෛද්‍ය රන්පත රුවන් රත්නායක දැක්වූ අදහස්ග
මිනිසාගේ මෞත්‍රලිංගික පද්ධතිය ආශි‍්‍රත රෝගී තත්ත්ව ගණනාවක් වර්තමානය වනවිට දැක ගැනීමට හැකි අතර මුත්‍රා දැවිල්ලල මුත්‍රා මාර්ගයෙන් රුධිරය පිටවීමල මුත්‍රාශය ආශි‍්‍රත කලාපවල ඇතිවන වේදනාව මෙන්ම මුත්‍රා ගල් ද ඒ අතර ප්‍රධාන තැනක් හිමි කරගනු ලැබේග ආයුර්වේද වෛද්‍ය විද්‍යානුකූලව මෙසේ ඇතිවන ගල්ල අශ්මරී ලෙසින් හැඳින්වීම වඩාත් නිවැරදි වේග මීට අමතරව ශුක්‍ර අශ්මරී ලෙස ශුක්‍රාණු ඝන වීම නිසා ඇතිවන රෝගී තත්ත්ව මෙන්ම පිත්තාශය ආශි‍්‍රතව ඇතිවන ගල් ද තිබෙන අතර ඒවා පිත්ත අශ්මරී ලෙසින් හැඳින්වේග
මෞත්‍රලිංගික පද්ධතිය ආශි‍්‍රතව මෙවැනි ගල් ඇතිවීමට බලපාන හේතු මොනවාදරෑ
අධික වශයෙන් මාංශ ආහාරයට ගැනීම මීට බලපාන ප්‍රධාන හේතුවක් වශයෙන් හඳුන්වාදිය හැකි අතර හරක් මස් එහිදී ප්‍රධාන තැනක් ගනු ලැබේග තවද උෂ්ණ අධික ආහාර අධිකව ගැනීමල අධිකව දහඩිය පිටවන ක්‍රියාවල නිරතවීම සමඟම ප්‍රමාණවත් පරදි ජලය පානය නොකිරීම මීට බලපාන හේතූන් ලෙස කථාබහ කළ හැකියිග තවද මුත්‍රා සහ ශුක්‍රවේග ධාරණයත් මීට බලපාන තවත් හේතුවකිග
මුත්‍රා ගල් ඇති වූ විටදී රෝගියා මුහුණදෙන අපහසුතා මොනවාදරෑ
මුත්‍රා ගල් ඇති වූ විට මුත්‍රා කිරීම ඉතාම අපහසු විය හැකියිග එවිට තුනටියෙන් පටන්ගෙන කලවා සහ ඉකිලි ප්‍රදේශ දක්වා ගමන් කරන වේදනාවක් හටගත හැකියිග විශේෂයෙන් මෙම ගල් ඇතිවීමේ වැඩි ප්‍රවණතාවක් ඇත්තේ පිරිමි පාර්ශවයේ අයටයිග තවද ඔවුන්ගේ අණ්ඩ කෝෂ එල්ලා වැටීම මෙන්ම තුනටිය ප්‍රදේශයේ එක් පැත්තකට වන්නට තද කැක්කුම් ද ඇති වේග ඒ වගේම බඩදැවිල්ලල උගුරට එන ස්වභාවයල කලවාවල සිට පාදයේ පහළ ප්‍රදේශය දක්වා හිරිවැටෙන ස්වභාවයක් ද බොහෝදුරට දැකගත හැකි වේග මෙවැනි ලක්ෂණ මෞත්‍රලිංගික පද්ධතියෙන් පිටතට විහිදෙන වේදනාවල් වශයෙන් ද හඳුන්වාදිය හැකියිග
මීට අමතරව මුත්‍රා පිට කිරීම් ආශි‍්‍රතව ද රෝග ලක්ෂණ පිළිබඳ පැහැදිලි කළ හැකියිග එහිදී තද කහ පැහැයෙන් මුත්‍රා පිටවීම හෝ රුධිරය සමඟ මුත්‍රා පිටවීම ද දැකගත හැකි වේග මෙවන් රෝගීන්ට කෑම ගැනීමේ අපහසුතාවල ශරීරය වෙව්ලන ස්වභාවයක් ද දැකගත හැකි වේග
තවද මුත්‍රා ගල් ඇතිවීමට ශුක්‍ර නාල අවහිරවීමෙන් බලපෑම් ඇති කරනු ලැබේග මෙහිදී ශුක්‍රාණු ඝනවීම නිසා ඇතිවන ස්ඵටික ශුක්‍රාණුවල සිරීවීම නිසා ශුක්‍රාණු පිට කිරීමේ අපහසුතා ඇති වී මෞත්‍රලිංගික පද්ධතිය ආශි‍්‍රතව ඇති කරනු ලැබේග තවත් රෝගීන්ගේ මුත්‍රා මාර්ගයෙන් ඉතා කුඩා ප්‍රමාණයේ මුත්‍රාගල් මුත්‍රා මාර්ගය හරහා පිටවන අවස්ථා ද දැකගත හැකි වේග
මුත්‍රා මාර්ගය හරහා එවැනි ගල් පිටවීම නිසා රෝගියාට මුහුණ දීමට සිදුවන අපහසුතා මොනවාදරෑ
මෙසේ මුත්‍රා මාර්ගය හරහා පිටවන ගල්වල තියුණු ස්වභාවය නිසා මුත්‍රා මාර්ගය සීරිමකට ලක්විය හැකියිග මෙය ඉතා අධික වේදනාවක් ඇතිවන අවස්ථාවකිග මෙසේ මුත්‍රා මාර්ගය තුවාල වීම නිසා ඇතැම් අයට මුත්‍රා සමඟ රුධිරය පිටවිය හැකියිග ඊට අමතරව මුත්‍රා මාර්ගය ඉදිමිම මෙන්ම ලිංගය ආශි‍්‍රතව තද වේදනාවක් ද ඇතිවිය හැකියිග ඇතැම් පිරිසකට මුත්‍රා කිරීමෙන් අනතුරුව රුධිර බිඳිති කිහිපයක් ද පිටවිය හැකියිග මුත්‍රා කිරීමේ අවශ්‍යතාවක් ඇති වුවත් මුත්රාපිට නොවීම මෙන්ම ස්වල්ප වශයෙන් පිටවීමද බොහෝදුරට දැකගත හැකි වේග
පිත්තාශයේ ගල් ඇතිවීම පිළිබඳ පැහැදිලි කළොත්රෑ
මෙහිදී උදරයේ දකුණු පැත්තෙන් ඇතිවන වේදනාවන් පිටකොන්ද ප්‍රදේශය දක්වා විහිදී යනු ලැබේග එවැනි රෝගීන්ට තුනටිය ආශ්රිත කැක්කුම් ඇති නොවේග බොහෝදුරට මෙම රෝගී තත්ත්වය කාන්තාවන්ට සුලබව දැකගත හැකි වේග ඇතැම් විට පිත්තාශය තුළ හටගන්නා මෙම පිත්ගල් පිත්තනාලය ඔස්සේ පහළ බඩවැල දක්වා ගමන් කරනු ලැබේග ඇතැම්විට එසේ පැමිණෙන ගල් අවහිර වුණොත් රෝගියාට විවිධාකාර පීඩාකාරී තත්ත්ව සඳහා මුහුණ දීමට සිදු වේග ශරීරය සීත කිරීමල වමනයල වෙව්ලීමල පිත උගුරට පැමිණීමල ඒ පීඩාකාරී තත්ත්ව වේග තවත් පිරිසකට පිත්තාශයේ හටගන්නා ඇතැම් ආසාදන නිසා සෙංගමාල තත්ත්ව ඇතිවී ශරීරය කහපාට වීම වැනි රෝග ලක්ෂණ ඇතිවිය හැකියිග
පිත්තාශයේ ලේ ඇති වීමට හේතුරෑ
ආහාර ජීර්ණයේදී ඇතිවන විෂමතාවන් සහ වැරදි ආහාර ක්‍රම පිත්තාශයේ ගල් ඇතිවීමට හේතු වේග විශේෂයෙන් විරුද්ධ ආහාර ගැනීමෙන් මේ තත්ත්වය උග්‍ර අතට පත් වේග තවද වැරදි ආහාර ගැනීමෙන් ඇතිවන රසායනික සංයෝගයන්ගේ ප්‍රතිඵලයක් ලෙසින් හටගන්නා ඔක්සලේට් පදාර්ථ ද මීට හේතු වේග උදාහරණ ලෙස තක්කාලි සමඟ හාල්මැස්සන් ආහාරයට ගැනීම නිසා ඔක්සලේට් පදාර්ථ ඇති වේග
මෙවැනි රෝග සඳහා පවතින පිළියම්
ආයුර්වේද වෛද්‍ය ක්‍රමය අනුව නැවත එම ගල් ඇතිවීමට බලපාන තවත් හේතුවක් වන්නේ ආහාර ජීර්ණයේ ඇතිවන යම් යම් දුර්වලතාවන්යග ආහාර ජීර්ණයේ විෂමතාවන් බැහැර කර ඉතා හොඳින් ආහාර ජීර්ණය පහසුවන පරිදි ජීර්ණ පද්ධතිය සැකසීම ආයුර්වේද ප්‍රතිකාර ක්‍රමය යටතේ සිදු වේග එවැනි වෛද්‍ය ක්‍රමයක් භාවිතා කිරීමෙන් නැවත මුත්‍රා ගල් ඇතිවීමල මෙන්ම අතුරු ආබාධ ඇති වීම ද සිදු නොවේග වකුගඩු මඟින් ඉතා හොඳින් මුත්‍රා පෙරීමේ කටයුතු මෙන්ම පිත්තාශයේ පවතින සියලු අසාත්මිකතා ද දුරු වී යනු ලැබේග
ඒ වගේම සාමාන්‍ය නිරෝගී පුද්ගලයන් ද නීරමුල්ලියල කොත්තමල්ලිල ඉරමුසුල රණවරාලපොල්පලා වැනි මුත්‍රා කාරක පාන වර්ග මාරුවෙන් මාරුවට දිනපතා භාවිතා කිරීම මඟින් මෙවැනි රෝග වළක්වා ගත හැකියිග ප්‍රමාණවත් පරිදි ජලය පානය මෙන්ම හැකි තරම් ස්වභාවික ආහාර ද්‍රව්‍ය භාවිතය මෙන්ම මුත්‍රා කාරක ස්වභාවික ආහාරපාන මඟින් ශරීරයේ පවතින විෂ පදාර්ථ පිටතට බැහැර කිරීමට ද හැකියාව ලැබීමෙන් මෙවන් ලෙඩ රෝගවලින් ආරක්ෂා විය හැකියිග
Wmqgd .ekSu