Health
මුත්රාවල ගල් පිත්තාශයේ ගල් වලක්වා ගන්නේ කෙසේද?
මුත්‍රා ගල් පිත්තාශයේ ගල් නිට්ටාවටම සුවකළ හැකියි.
වර්තමානය වන වටි මුත්‍රා ගල් ඇතිවීම මෙන්ම පිත්තාශය ආශ්‍රිතව ගල් ඇතිවීම ඉතාමත් සුලබව දැක ගත හැකි රෝගී තත්ත්වයක්. එසේ වුවත් ආයුර්වේද වෛද්‍ය විද්‍යානුකූලව ඒ සඳහා ඉදිරිපත් කර ඇති සාර්ථක විසඳුම් නිසා බොහෝ රෝගීන් තමාගේ ජීවිත නිරෝගීව ගත කරනු ලැබේ. එවැනි ප්‍රතිකාර වල පවතින විස්මිත බව නිසාම අයුර්වේද වෛද්‍ය විද්‍යානුකූලව මුත්‍රා මෙන්ම පිත්තාශය ආශ්රිත ගල් ඇති වීමේ රෝග හේතු පිළිබඳ දැනුමක් අවබෝධයක් ලබා ගැනීම ඉතා වැදගත් වේ. මේ ඒ පිළිබඳ ආයුර්වේද වෛද්‍ය රන්පත රුවන් රත්නායක දැක්වූ අදහස්.
මිනිසාගේ මෞත්‍රලිංගික පද්ධතිය ආශ්රිත රෝගී තත්ත්ව ගණනාවක් වර්තමානය වන විට දැක ගැනීමට හැකි අතර මුත්‍රා දැවිල්ල, මුත්‍රා මාර්ගයෙන් රුධිරය පිටවීම, මුත්‍රාශය ආශි‍්‍රත කලාපවල ඇතිවන වේදනාව මෙන්ම මුත්‍රා ගල් ද ඒ අතර ප්‍රධාන තැනක් හිමිකර ගනු ලැබේ. ආයුර්වේද වෛද්‍ය විද්‍යානුකූලව මෙසේ ඇති වන ගල් අශ්මරී ලෙසින් හැඳින්වීම වඩාත් නිවැරදි වේ. මීට අමතරව ශුක්‍ර අශ්මරී ලෙස ශුක්‍රාණු ගණ වීම නිසා ඇති වන රෝගී තත්ත්ව මෙන්ම පිත්තාශය ආශ්‍රිතව ඇතිවන ගල් ද තිබෙන අතර ඒවා පිත්ත අශ්මරී ලෙසින් ද හැඳින්වේ.
වෛද්‍යතුමනි, මෞත්‍රලිංගික පද්ධතිය ආශ්‍රිතව මෙවැනි ගල් ඇතිවීමට බලපාන හේතු මොනවාද?
අධික වශයෙන් මාංශ ආහාරයට ගැනීම මීට බලපාන ප්‍රධාාන හේතුවක් වශයෙන් හඳුන්වා දිය හැකි අතර හරක් මස් එහිදී ප්‍රධාන තැනක් ගනු ලැබේ. තවද උෂ්ණාධික ආහාර අධිකව ගැනීම, අධිකව දහදිය පිටවන ක්‍රියාවල නිරතවීම සමඟම ප්‍රමානවත් පරිදි ජලය පානය නොකිරීම මීට බලපාන හේතූන් ලෙස කථාබහ කළ හැකිය. තවද මුත්‍රා සහ ශුක්‍රවේග ධාරණයත් මීට බලපාන තවත් හේතුවකි.
මුත්‍රා ගල් ඇති වූ විට දී රෝගියා මුහුණ දෙන අපහසුතා මොනවාද?
මුත්‍රා ගල් ඇති වූ විට මුත්‍රා කිරීම ඉතාම අපහසු විය හැකිය. එවිට තුනටියෙන් පටන්ගෙන කලවා සහ ඉකිලි ප්‍රදේශය දක්වා ගමන් කරන වේදනාවක් හටගත හැකිය. විශේෂයෙන්ම මෙම ගල් ඇති වීමේ වැඩි ප්‍රවණතාවයක් ඇත්තේ පිරිමි පාර්ශවයේ අයටයි. තවද ඔවුන්ගේ අණ්ඩ කෝෂ එල්ලා වැටීම මෙන්ම තුනටිය ප්‍රදේශයේ එක් පැත්තකට වන්නට ද තද කැක්කුම් ද ඇති වේ. ඒ වගේම බඩ දැවිල්ල, උගුරට එන ස්වභාවය, කලවා වල සිට පාදයේ පහල ප්‍රදේශය දක්වා හිරි වැටෙන ස්වභාවයක් ද බොහෝ විට දැකගත හැකි වේ. මෙවැනි ලක්ෂණ මෞත්‍රලිංගික පද්ධතියෙන් පිටතට විහිදෙන වේදනාවල් වශයෙන් ද හඳුන්වා දිය හැකිය.
මීට අමතරව මුත්‍රා පිටකිරීම් ආශ්‍රිතව ද රෝග ලක්ෂණ පිළිබඳ පැහැදිලි කළ හැකියි. එහිදී තද කහ පැහැයෙන් මුත්‍රා පිටවීම හෝ මුත්‍රා සමඟ රුධිරය පිටවීම දැකගත හැකි වේ. මෙවැනි රෝගීන්ට කෑම ගැනීමේ අපහසුතාව, ශරීරය වෙව්ලන ස්වභාවයක් ද දැකගත හැකි වේ.
තවද ශුක්‍ර නාල අවහිර වීමෙන් විවිධ පීඩාවන් ඇතිකරනු ලැබේ. මෙහිදී ශුක්‍රාණු ගණ වීම නිසා ඇති වන ස්ඵටික ශුක්රානාල වල සිරිවී ශුක්‍රාණු පිට කිරීමේ අපහසුතා ඇතිවීමෙන් මෞත්‍ර ලිංගික පද්ධතිය පීඩාවට පත්කරයි. තවත් රෝගීන්ගේ මුත්‍රා මාර්ගය හරහා පිටවන අවස්ථා ද දැකගත හැකිවේ.
මුත්‍රා මාර්ගය හරහා එවැනි ගල් පිටවීම නිසා රෝගියාට මුහුණ දීමට සිදුවන අපහසුතා මොනවාද?
මෙසේ මුත්‍රා මාර්ග හරහා පිටවන ගල්වල තියුණු ස්වභාවය නිසා මුත්‍රා මාර්ගය සීරීමකට ලක්විය හැකිය. මෙය ඉතා අධික වේදනාවක් ඇතිවන අවස්ථාවකි. මෙසේ මුත්‍රා මාර්ගය තුවාල වීම නිසා ඇතැම් අයට මුත්‍රා සමග රුධිරය පිටවිය හැකිය. ඊට අමතරව මුත්‍රා මාර්ගය ඉදිමීම මෙන්ම ලිංගය ආශ්‍රිතව තද වේදනාවක් ද ඇති විය හැකිය. ඇතැම් පිරිසකට මුත්‍රා කිරීමෙන් අනතුරුව රුධිර බිඳිති් කිහිපයක් ද පිටවිය හැකිය. මුත්‍රා කිරීමේ අවශ්‍යතාවයක් ඇති වුවත් මුත්‍රා පිට නොවීම මෙන්ම ස්වල්ප වශයෙන් පිටවීම ද බොහෝ දුරට දැකගත හැකි වේ.
පිත්තාශයේ ගල් ඇතිවීම පිළිබඳ පැහැදිලි කළොත් මෙහිදී උදරයේ දකුණු පැත්තේ ඇතිවන වේදනාවන් පිටකොන්ද ප්‍රදේශය දක්වා විහිදී යනු ලැබේ. එවැනි රෝගීන්ට තුනටිය ආශ්රිත කැක්කුම් ඇති නොවේ. බොහෝ දුරට මෙම රෝගී තත්ත්වය කාන්තාවන්ට සුලබව දැකගත හැකිවේ. ඇතැම් විට පිත්තාශය තුළ හට ගන්නා මෙම පිත්ගල් පිත්තනාලය ඔස්සේ පහල බඩවැල දක්වා ගමන් කරනු ලැබේ. ඇතැම්විට එමේ පැමිණෙන ගල් අවහිර වුනොත් රෝගියාට විවිධාකාර පිඩාකාරී තත්ත්ව සඳහා මුහුණ දිමට සිදුවේ. ශරීරය සීත කිරීම, වමනය, වෙව්ලීම, පිත උගුරට පැමිණීම, ඒ පිඩාකාරී තත්ත්ව වේ. තවත් පිරිසකට පිත්තාශයේ හට ගන්නා ඇතැම් ආසාදන නිසා සෙංගමාල තත්ත්ව ඇති වී ශරීරය කහපාට වීම වැනි රෝග ලක්ෂණ ඇතිවිය හැකිය.
එතකොට වෛද්‍යතුමනි පිත්තාශයේ ගල් ඇති වීමට හේතු?
ආහාර ජීර්ණයේ දී ඇති වන විෂමතාවන් හා වැරදි ආහාර ක්‍රම පිත්තාශයේ ගල් ඇතිවීමට හේතු වේ. විශේෂයෙන් විරුද්ධ ආහාර ගැනීමෙන් ෙමේ තත්ත්වය උග්‍ර අතට පත් වේ. තවද වැරදි ආහාර ගැනීමෙන් ඇති වන රසායනික සංයෝගයන් ගේ ප්‍රතිඵලයක් ලෙසින් හටගන්නා ඔක්සලේට් පදාර්ථ ද මීට හේතු වේ. උදාහරණ ලෙස තක්කාලි සමග හාල්මැස්සන් ආහාරයට ගැනීම නිසා ඔක්සලේට් පදාර්ථ ඇති වේ.
මෙවැනි රෝග සඳහා පවතින පිළියම් ලෙස ඔබතුමන් දක්වන අදහස?
ආයුර්වේද වෛද්‍ය ක්‍රමය අනුව නැවත එම ගල් ඇතිවීමට බලපාන තවත් හේතුවක් වන්නේ ආහාර ජීර්ණයේ ඇතිවන යම් යම් දුර්වලතාවයන් ය. ආහාර ජීර්ණයේ විෂමාතාවන් බැහැර කර ඉතා හොඳින් ආහාර ජීර්ණය පහසුවන පරිදි ජිර්ණ පද්ධතිය සැකසීම ආයුර්වේද ප්‍රතිකාර ක්‍රමය යටතේ සිදුවේ. එවැනි වෛද්‍ය ක්‍රමයක් භාවිතා කිරීමෙන් නැවත මුත්‍රා ගල් ඇති වීම, මෙන්ම අතුරු ආබාධ ඇති වීම ද සිදු නොවේ. වකුගඩු මගින් ඉතා හොඳින් මුත්‍රා පෙරීමේ කටයුතු මෙන්ම පිත්තාශයේ පවතින සියලූ අසාත්මිකතා ද දුරු වී යනු ලැබේ.
මුත්රාශ්මරී, පිත්තාශ්මරී රෝගයන්ට සමගාමීව පවතින අනෙකුක් රෝග තත්ත්වයන් සහ ඒවාට ඔබතුමන් ඉදිරිපත් කරන නව ප්‍රතිකාර ගැන සඳහන් කළොත් ?
මෙවැනි රෝග ඇති වන බොහෝ අවස්ථාවලදී එම රෝග වලට සමගාමීව ඇතිවන විවිධ වූ වෙනත් කායික රෝල ද හටගනී. ඇදුම, පීනස, අර්ශස්, බඩ පුරවා දැමීම, මළ බද්ධය, බඩගින්න ඇති වීම හෝ අධික බඩගින් ආශි‍්‍රත ජීර්ණ පද්ධතියේ දෝෂ (ගැස්ට්‍රයිටීස් මේ අතුරින් ප්‍රධාන තැනක් ගනී. හිසේ කැක්කුම, නින්ද නොයාම, අධික නිදිමත, අධික ලෙස කේන්ති යාම, ඇස් කන් කැසීම, උගුරේ සෙම පැටලීම, සෙම්ගෙඩි, නිතර සෙම ඇවිස්සීම, අත් පා ඇඟපත දැවිල්ල, අත් කකුල් ඇඟිල් හිරිවැටීම් ආදී බොහෝ රෝග ලක්ෂණ අවස්ථානුකූලව ඒ ඒ පුද්ගලයන්ට ආවේණික ලෙස ප්රමුඛ වේ. මේ අතර බොහෝ අය දියවැඩියා රෝගයෙන් ද පෙළේ.
විමර්ශනශීලීව ආයුර්වේද වෙවද විද්‍යාත්මක රීතීන්ට අනුව රෝග සුවපත් කිරීමේ නියැළෙන්නන්ට ඒක විට එක රෝග තත්ත්වයක් හෝ ලක්ෂණයක් පිළිබඳ පමණක් සලකා බැලීමකින් තොරව ඉහත සියළු ලක්ෂණයන් හෝ රෝග තත්ත්වයන් පිළිබඳව පුළුල්ව සොයා බලා සැලසුම්සහගතව ප්‍රතිකාර කිරීමෙන් එවන් වූ සියළු රෝග නිට්ටාවටම සුවකරගත හැකිය.
වත්මන් සමාජයේ බුද්ධිමත් විමර්ශනශීලී සියල්ලන්ම පාහේ ආයුර්වේද වෛද ක්‍රමය පිළිබඳව තිරසාර විශ්වාසයක් ගොඩනගාගෙන තිබුණ ද මෙම වෛද්‍ය කර්මයන්හි දී අමද්‍රව්‍ය සොයා කපා කොටා සකස් කරගෙන කෂාය තැම්බීම සහ වෙනත් ඖෂධ පිළියෙල කරගැනීම නිසියාකාරයෙන් සිදුකර ගැනීමට අපහසු වීම නිසා මෙම විශිෂ්ට වූ වෛදය ක්‍රමයට අවතීර්ණ නොවේ.
නමුත් ඉපැරනි ප්‍රෞඪ ඉතිහාසයකට උරුමකම් කියන අපගේ හෙල වෙදකමෙහි ශශ්‍රීක මූලාශ්රයන්ගෙන් පෝෂණය වූ රන්පත වෙද පරපුරෙහි විස්මිත වෙදකම් නිර්මාණශීලීව යාවත්කාලීන කර ඇත්තේ රෝග නිට්ටාවටම සුවපත් කර ගැනීමට නව මඟක් විවර විවිර කරමිනි.
ඕනෑම කාර්යබහුල අවස්ථාවන්හීදී රැුකියාවක් කරන අතර තුර පහසුවෙන් භාවිතයට ගත හැකි ලෙස නියමිත ප්‍රමිතීන්ට අනුකූලව උත්කෘෂ්ට වූ ඖෂධීය ගුණයෙන් යුතු බෝතල් ලෙස පිලියෙල කළ කෂාය වර්ග, ගුලි වර්ග, කල්ක, චූර්ණ නිෂ්පාදනය කර ඇත්තේ විවිධ පීඩාවන්ගෙන් පෙලෙන සුවහසකගේ රෝග පහසුවෙන් නිට්ටාවටම සුවපත් කිරීම උදෙසාය.
Wmqgd .ekSu ,la�u mqj;a m; weiqfrks