Kitchen
මික්ස් වෙජිටබල් කරිය
අවශ්‍ය ද්‍රව්‍ය:
දම්පාට ගෝවා කොටු කපා ග්‍රෑම් 100
සුදු පාට ගෝවා ලොකු කොටු ග්‍රෑම් 100
රතු රාබු ලොකු කොටු ග්‍රෑම් 100
කහපාට සුකිනි කුඩා කොටු කපා ග්‍රෑම් 100
කොළ පාට සුකිනි කොටු කපා ග්‍රෑම් 100
අන්නාසි කොටුකපා කෝප්ප 1
රතු ළුණු ගෙඩි 10 පමණ
කොටු කපා ගත් තක්කාලි ගෙඩි 2
කුරුඳු පවුඩර් තේ හැඳි 1
කරි කුඩු තේ හැඳි 1
දෙහි ඇඹුල් මේස හැඳි 1
උකු පොල්කිරි කෝප්ප 2
තලා ගත් සුදු ළුණුතේ හැඳි 1/2
රම්පෙ කරපිංචා ස්වල්පයක්
සාදන ක්‍රමය:
බඳුනකට බටර් දමා රත්වන්නට හැර සුදු ළුණු,රම්පෙ, කරපිංචා, කුරුඳු පවුඩර් එකතු කර කරි පවුඩර් කහ කුඩු ඇතුළු සියල්ල එකතු කර තරමක් තෙම්පරාදු කරන්න. එයට එළවලු, රතු ළුණු සමඟ තක්කාලි සහ ලුණු එකතු කර හොඳින් මිශ්‍ර කර මද ගින්නේ විනාඩි 2 වසා තබන්න. වතුර හොඳින් හිදෙන තුරු හැන්දෙන් සෙමෙන් මිශ්‍ර කර පිසින්න. කිරි උතුරුවා ලිපෙන් ඉවතට ගන්න. අවසානයට අන්නාසි සහ දෙහි ඇඹුල් එකතු කරන්න.