Life
මළ මගින් ලේ පිටවන සෑම අවස්ථාවක්ම අර්ශස් නොවේ
වත්මන් සමාජයේ මූලග්ගාය ඇති පුද්ගලයන් ගැන කතා එමටය. එ මූලග්ගින්නෙන් පීඩා විඳින පුද්ගලයන් බොහෝය. මූලමේ අමාරුවලින් පීඩා විඳින බොහෝ දෙනාත්, එසේ මූලග්ගින්න ඇති අයගේ සමහර නොසන්සුන්තාවයන් හේතුවෙන් ඔවුන් වටා සිටින අය සමග අඬදබරවීම්, කේන්ති ගොස් බැනවැදීම්, එකිනෙකා නුරුස්සනා ගති පහළවීම් වැනි හේතු නිසා ඔවුන්ට අමතරව තවත් බොහෝ දෙනෙක් පීඩා විඳිනවා. එA නිසා අප මේ ගැන අද කතා කරන්න සිතුවා.
එA ගැන කතා කරන්න සර්වාංග හා ගෙඩි වණ වෙදපරපුරක් ලෙස නමක් උසුලන මල්වානේ වල්ගම වෙද පරපුරේ දැනට බියගම වෙදකම් කරන වෛද්‍ය රුවන්සාගර දහනායක මහතා සමග කතා කරන්න මුලපිරුවේ මූලග්ගාය ඇතිවෙන්න තියෙන විශේෂ හේතු මොනවාද කියලා අසමින්.
එතුමාගේ පිළිතුර වුණේ,
විශේෂ හේතු විදිහට දකින්න තියෙන්නේ මිනිසුන් අතරේ පවතින උග්‍ර මළ බද්ධය නිසා මිනිසුන්ට දැඩි මානසික පීඩනයක් ඇති කරනවා. එA විතරක් නෙවේ. මළ මග නිතර පවතින තෙතමනය හා කැසීම් ස්වරූපය නිසාත් නොසන්සුන් කරනවා. සමහරුන්ට නිතර නිතර මළපහ කිරීමේ උවමනාව ඇති වෙනවා. එA නිසා දැඩි අසහනකාරී බවක් මිනිස් සිතට දැනෙනවා. එA අසහනය නිසා ඇතිවන මානසික පීඩනය පිටවන්නේ සමහර වේලාවට ළගම ඉන්න යාළුවා හෝ සේවකයාගේ පිටින්. අන්න එතකොට තමයි කට වහරේ කියන්නේ එයා හරි මූලග්ගිනිකාරයා කියලා.
ඇත්තටම මේ අමාරුකම් තියෙන පුද්ගලයන්ගේ රෝගී තත්ව නිසා දැඩි මානසික පීඩනයකින් තෙරපෙනවා. ඔවුන් විතරක් නොව ඔවුන් ඇසුරු කරන අන් හැමෝමත් එA පීඩාව විදවනවා. එA නිසා මේ රෝගී තත්වයන් සමාජයේ කැපී පෙනෙන්න පටන් අරන් තියෙනවා.
ඇත්තටම මෙම රෝගී තත්වයන්, ගුදය වැනි රහස්‍ය ප්‍රදේශයක හැදීම නිසා සමාජයේ පවතින ලැඡ්ජාශීලි තත්වයන් මත රෝගී තත්වය වෛද්‍යවරයාත් සමඟ කතා කිරීමට නොපෙළබේ. එහෙම වුණත් ඔවුන්ගේ අර මුලින් කිව්ව වගේ හැසිරීම් රටා අනුව ඔවුන්ව පැහැදිලිව මිනිසුන් අතරේ පෙනෙන්නට පටන්ගන්නවා. කොහිල ටිකක් කෑවොත් එහෙම නරකද කියලා මිනිස්සුන්ගෙන් අහන තරමට මේ ලෙඩ්ඩු ජනප්‍රිය වෙලා.
එA කියන්නේ ඔබ ඔය කියන විදිහට මේ රෝගයට වැඩිහරියක් මුල්වෙන්නේ ගුද මගද?
ඔව්. හරියටම හරි. ගුදය කියලා අපි කතා කරන්නේ අපේ ආහාර මාර්ගයේ පහළ අවසන් කොටසටයි. ඔය අවසන් කොටසේ ඇතිවන ලෙඩ බොහොමයක් තියෙනවා. හැබැයි එAවා එකිනෙක වෙන්කර හඳුනා ගන්න අපට මූලික වශයෙන් වෛද්‍යවරයෙකුගේ පිහිට ඕනේ. එහෙම නැතිව අර මම මුලින් කියුව ලැඡ්ජාශීලි තත්වය නිසා කාටවත් කියන්නේ පෙන්නන්නේ නැතිව අමාරුවේ වැටුන ලෙඩ්ඩු ගොඩක් ඉන්නවා.
ඇත්තටම මොනවද ඔයතරමටම හඳුනාගන්න තියෙන ගුදය ආශ්රිත ලෙඩ රෝග?
අර්ශස්, ගුද පිඩකා, භගන්දරා, ගුද ඉන්නන්, ගුදබ්‍රංශ, ගුදාර්බුද, ගුද පිළිකා, ගුද මඟ පැළීම්, ගුද මඟ කැසීම්, ගුද කපාට ලිහිල් වීම්, අසංවෘත ගුද ආදී වශයෙන් ගුදය ගැන තියෙන ලෙඩ රෝග ගොඩක්.
විශේෂයෙන් ආයුර්වේදයේ තියෙන මහා රෝග අටෙන් දෙකක්ම ගුදය ආශ්‍රිතව තිබීම විශේෂත්වයක්. එAවායින් එකක් අර්ශස් අනෙක භගන්දරා ඉතින් එහෙම තියෙනකොටම මේ රෝග වැදගත් බව දැනෙනවනේ.
හුඟක් වෙලාවට රෝගී තත්වය හඳුනගන්න වෛද්‍යවරයෙකුට පෙන්වීමට ඇති අකමැත්ත හා ලැඡ්ජාව නිසා සමහර ලක්ෂණ කියලා වෛද්‍යවරයාගෙන් බෙහෙත් අරන් යනවා. නිශ්චිත නිශ්චය කිරීමක් නොමැතිව කරන සමහර එAවාගේ ප්‍රතිකාර විධි නිසා රෝගී තත්වය උත්සන්න වෙලා දුක් විදිනවා.
උදාහරණයක් විදිහට ඔය ගුදමග ආශ්‍රිතව එන සමහර ගෙඩි සුළු ප්‍රතිකාරයකින් ඉහිරවා ගන්න පුළුවන්. නමුත් නොපෙන්වා කරන ඔය ප්‍රතිකාර නිසා භගන්දරා රෝගී තත්වයට පෙරළුනු අවස්ථා එමටයි.
එA වුණාට වැඩිහරියක් මිනිස්සු කතාකරන්නේ අර්ශස් ගැනනේ. ඔබ එA ගැන දකින්නේ කොහොමද?
එAකටත් අර මුලින්ම දුන්න උත්තරයම තමයි දෙන්න තියෙන්නේ. ඔය ගුද මාර්ගය ආශ්‍රිතව ගෙඩියක්, ගෙඩි කිහිපයක්, ලේ යාමක් ආවොත්, මළ පිටනොවන තත්වයක් ආවොත් එA හැම එකක්ම මිනිස්සු කියන්නේ අර්ශස් කියලා. නෑ. එහෙම නෑ. අර මම මුලින් කියුව වෙනත් රෝගී තත්වයක් වෙන්නත් බැරි නෑ. එA නිසා වෛද්‍යවරයෙකුට කියලා බෙහෙත් ගන්නවාට වඩා පෙන්වා බෙහෙත් ගැනීම වඩාත් සුදුසුයි.
එතකොට ඔය අර්ශස් කියන රෝගී තත්වය ඇතිවෙන්නේ කොහොමද?
ආහාර මාර්ගයේ අවසන් කොටස මත ගුද මාර්ගයේ තියෙන රුධිර නාල තුළ රුධිරය එක් රැස්ව එAවා ඉදිමී එම නාල පිටතට නෙරා එAම නිසා එම මග ඇහිරෙනවා. එහෙම ඇහිරෙනකොට අර රුධිර නාල තුළ පීඩනය වැඩි වෙනවා. ආහාර මාර්ගය තුළ වූ ආහාර රසය රුධිරගත කිරීමට බඩවැල් වල සිට අක්මාව කරා ආහාර රසය ගෙන යන ප්‍රතිහා
Wmqgd .ekSu