iranama
මරණය ගැන කියන ග්‍රහයෝග
ජන්ම පත්‍ර පරීක්ෂාවේදී ඉතාමත්ම සුපරීක්ෂාකාරීව කළ යුතු වන්නේ ආයුෂ පිළිබඳව සලකා බැලීමයි. කොතෙක් රූප සම්පත්තිය ඇතත්, වස්තුව ඇතත්, ආයුෂ හීන පුද්ගලයාගෙන් කවර නම් ඵලයක්ද? මේ පිළිබඳව ජ්‍යෝතිෂයෙහි ඉමහත් කරුණු රාශියක් දැක්වෙතත් මා මෙම ලිපියෙන් ඉදිරිපත් කිරීමට අදහස් කරන්නේ මරණය සිදු කරන ග්‍රහයෝග කිහිපයක් පිළිබඳව ඔබගේ අවධානය යොමු කිරීමටයි. 10 වැන්නේ රවි ග්‍රහයාද 4 වැන්නේ කුජ ග්‍රහයාද සිටියදී උපන් ජන්මියා උසකින් වැටී මරණයට පත්වෙයි. බලහීන අව සඳු කුජ ග්‍රහයාගේ දෘෂ්ටියට ලක්වීමද, ශනි හෙවත් සෙනසුරු ග්‍රහයා අට වැන්නේ වීමද, ගුද මාර්ගයේ රෝගයකින් හෝ අවි ආයුධයකින් මරණ බිය ගෙන දීමට හේතුවේ. රවි - කිවි හත් වැන්නෙහිද, අට වැන්නෙහි සෙනසුරුද බලහීන සඳු සිව්වැන්නෙහිද සිටියදී යමෙක් උපන්නොත් පක්ෂීන් කරණ කොට මරණ බිය ගෙන දෙන බැව් ජ්‍යෝතිෂයෙහි සඳහන් වෙයි. සිව්වැන්නේ සඳු - ශනි ග්‍රහයින්ද, හත්වැන්නේ "කුජ" ග්‍රහයාද ඇතොත් ළිඳක වැටීමකින් මරණ බිය ගෙන දෙන බව ආචාර්ය මතයයි. රවි - සඳු දෙදෙනා කන්‍යා රාශිගතව ලග්නය වීද, පාප ග්‍රහ වීක්ෂණයට ලක්වීද, එම ජන්මියා නෑයන් කරණ කොටගෙන ඇති වන අරගලයකදී මරණයට පත්වන්නේ යෑයි සඳහන් වෙයි. උභය රාශියක් (මිථුන - කන්‍යා - ධනු- මීන) ලග්නය වී රවි - සඳු ලග්න ගතව ඇතොත් දියේ ගිලීමෙන් මරණය සිදුවනු ඇත. සඳු ග්‍රහයා පාපග්රහයින්ට මැදිව ශනිගේ රැසක සිටියදී උපන්නේ නම් ගින්නකට ගොදුරු වීමෙන් හෝ උසකින් වැටීමකින් මරණයට පත්වේ. මීන රාශිය ලග්නය වී 7 වැන්නේ සඳු, 12 වැන්නේ සිකුරුද ලග්නයේ රවි ද සිsටියදී උපන් ජන්මියා හට ස්ත්‍රියක් කරණ කොට ගෙන මරණ බිය ගෙනදේ. ලග්න රාශියේ සඳුද, පස්වැන්නේ කුජ හා අට වැන්නේ ශනිද ක්ෂීණ චන්ද්‍රයා සිව්වැන්නේ ද සිටියදී උපන් ජන්මියා බිත්තියකට යට වීමකින් හෝ කඳු මුදුනකින් ගලක් පෙරළීමෙන් මරණයට පත්වනු ඇතැයි පැවසේ.
ලග්නයේ රවි ග්‍රහයාද පස් වැන්නේ ශනි හා අට වැන්නේ කුජ ග්‍රහයාද, 9 වැන්නේ සඳුද සිටියේ නම්, හෙතෙම අකුණු සැර වැදී මරණයට පත්වෙයි. 10 වැන්නේ ක්ෂීණ චන්ද්‍රයාද, 4වැන්නේ කුජ ග්‍රහයාද 7 වැන්නේ රවි ග්‍රහයාද සිටියේ නම් මඩවළක එරී මරණයට පත්වේ යෑයි සෘෂි මතය වේ. ක්ෂීණ චන්ද්‍රයා 8 වැන්නේද, රවි - සිකුරු 4 වැන්නේද, කුජ 10 යේද, ශනි ලග්නයේද සිටියේ නම් ගිනි මූලිකව මරණය බිය ගෙනදේ. 4 වැන්නේ රවි හෝ කුජ ද, 10 වැන්නේ ශනිද සිටී නම්, ලග්නය දුර්වල පාප ග්‍රහ වීක්ෂණයට ලක් වී ඇත්නම් හිසට උලකින් ඇනීමක් කරණ කොට ගෙන මරණ බිය ගෙන දෙනු ඇත. කුජ - ශනි - සඳු ක්‍රමයෙන් තුලා මේෂ මකර හෝ කුම්භ රාශිගත වේද, නැතහොත් මකරයේ ක්ෂීණ චන්ද්‍රයාද, හතේ රවිද, කටකයේ කුජ ග්‍රහයාද සිටියදී උපන් ජන්මියා කසළ ගොඩකදී මරණයට පත් වේ යෑයි දක්වා ඇත.
ක්ෂීණ චන්ද්‍රයා 8 වැන්නේද කුජ 10 වැන්නේද, සෙනසුරු ලග්නයේද රවි හා සිකුරු සිව්වැන්නේද සිටියේ නම් දඬු මුගුරු ආදියෙන් පහර ලැබ මරණයට පත්වේ. මේ ආදී ග්‍රහයෝගයන් ජ්‍යෝතිෂයෙහි කොතෙකුත් ඇතත්, ඔබගේ කේන්ද්රරයෙහිත් මෙබඳු යෝග ඇත්දැයි විමසිලිමත් වීම ජ්‍යෝතිෂයට ගරු කරන ඔබට රැකවරණයක් සලසා ගැනීමට ඉවහල් වනු ඇත.
Wmqgd .ekSu