iranama
මංගල සීනු හැඬවෙන්නේ කුමන පළාතෙන්ද?
තම පෙම්වතා හෝ පෙම්වතිය කවදා කෙසේ හමුවේදැයි තරුණ තරුණියන් නිතර අසන ප්රශ්නයකි. එසේම තම සහකරු හෝ සහකාරිය කුමන දිසාවේ හෝ පළාතේ සිටී දැයි අසයි. අතීතයේ විවාහ වී ඇත්තේ තම ගමෙන් හෝ අල්ලපු ගමෙන් හෝ ඉතා නුදුරු පළාතකින්. අද එසේ නෙවේ. ජාතිය, කුලය, ආගම, වයස ආදියෙන් වෙනස් අයද සැතපුම් සිය ගණන් දුර අයද, විදේශවල අය සමඟද විවාහ වනු ඇත. එම නිසා මෙම ප්රශ්නය ඉතා සංකීර්ණය.
ජේයාතිෂ න්‍යායන් ඉගෙන ගත් පමණින්ම මේ ප්‍රශ්නයට උත්තර දීමට ඉක්මන් නොවී දහස් ගණනක් විවාහක ස්ත්‍රී, පුරුෂයන්ගේ කේන්දර සමඟ ඒ අය විවාහ වූ දිනයත් සහකරු හෝ සහකාරිය මුණගැසුණු ආකාරයත්, දිසාවත් පිරික්සීමි. මෙසේ පරීක්ෂණ තුළි න්හෙළි වූ කරුණු ස්වල්පයක් ඔබ හමුවේ විස්තර කරනුයේ ඔබේ කේන්දරය ඔබටම බලා තේරුම් ගැනීම පිණිසය. ඇතැම් අයට උත්සව අවස්ථාවකදී අනාගත තම සහකරු සහකාරිය හමුවනු ඇත. තවත් අයට ආගමික ස්ථානයකදීද, තවත් අයට මරණ වැනි ශෝක අවස්ථාවකදීද තම අනාගත ඉරණම්කරු - කාරිය හමුවිය හැකිය. රැකියා කරන ස්ථානයකදී හෝ පාසල් අවධියේදී ඇති කර ගන්නා ප්‍රේම සම්බන්ධතාද යුග දිවිය දක්වා වර්ධනය වන අවස්ථාද ඇත.
මේ අතර විවාහ වන කාලය නික්ම යනතුරුද තම සහකරු හෝ සහකාරිය කොයි දිසාවේ හෝ කොයි ඉසව්වේ සිටීද යන ප්රශ්නය වී ඇති අයද සෑහෙන සංඛ්‍යාවක් අප අතර සිටිති.
අපි පළමුව ඇය හෝ ඔහු සිටින දිශාව සොයමු. ඊට පෙර මෙම කරුණු දැන ගනිමු. අට දිශාව මෙසේ දැක්වෙන අතර ඒ ඒ ග්‍රහයන්ට ඒ ඒ දිසාවන්ට අයත් වන හැටි මෙසේ තේරුම් ගනිමු.
රවි - හිරු - නැඟෙනහිර
ශුක්‍ර - සිකුරු - ගිනිකොන
කුජ - අඟහරු - දකුණ
රාහු - නිරිත
ශනි - සෙනසුරු - බස්නාහිර
චන්ද්‍ර - සඳු - වයඹ
බුධ - උතුර
ගුරු - බ්‍රහස්පති - ඊසාන
මේ අනුව ඔබගේ සහකරු හෝ සහකාරිය කොයි දිශාවේ සිටිනුයේ දැයි දැන ගැනීමට ඔබේ කේන්දරය පරීක්ෂා කර බලන්න. විවාහය ගැන කතා කරනුයේ කේන්දරයේ හත් වැන්නෙන්. හත අධිපතියා සිටින භාවය බලා සහකරු හෝ සහකාරිය සිටින දිශාව තේරුම් ගත යුතුය.
අපි උදාහරණ කේන්දරයක් ගෙන එයින් කියැවෙන කරුණු පරීක්ෂා කර බලමු.
මෙම කේන්දර හිමියාගේ තොරතුරු පළමුව පරීක්ෂා කර බලමු. ෙදාළොස් වැන්නේ චතුර් ග්‍රහ යෝගයක් ඇත. එය පැවිදි යෝගයකි. මොහු කුඩා කලම පැවිදි වී සිට තරුණ කාලයේදී උපැවිදි වී ඇත. දහයේ පිහිටි කුජ, ශුක්‍ර, අති ධාවන කාලයෝගය එයට හේතු වී ඇත.
හත හා අට අධිපති සෙනසුරු විසි දෙවැනි දෙර්කාණාධිපතියා වී ෙදාළොස් වැන්නේ සිටියි. හතේ සඳු සිටී. එයින් කරුණු දෙකක් කිව හැකිය. ඔහු උපන් නිවෙසට ඉතාම නුදුරුව විශාල ජලාශයක් ඇති බවය. අනෙක ඔහුගේ භාර්යාව ඉතා ලස්සන තැනැත්තියක් බවය.
ශනි ෙදාළොස් වැන්නේ බැවින් ඔහුට දායාද ලැබෙන්නේ නැත. හත අධිපති වී විසි දෙවැනි දෙර්කාණාධිපතියා වූ නිසා ඇය කුලයෙන් හෝ ආගමෙන් හෝ වයසින් හෝ වෙනස් තැනැත්තියක් විය යුතුය.
හත අධිපති ෙදාළොස් වැන්නේ බැවින් දෙදෙනා අතර පරතරය සැතපුම් 100ක් පමණ වෙනස්ය. සෙනසුරුට බස්නාහිර අයත් බැවින් ඔහුගේ සහකාරිය කොළඹ ප්රදේශයේය. ඔහු වයඹ පළාතේ අයෙකි.
ඔහුගේ කේන්දරයෙන් ඇයගේ තොරතුරු පරීක්ෂා කරමු. හතේ සඳු සිටිය නිසා ඇය රූමත්ය. හතෙන් නතර වූ දහයේ කුජ, ශුක්‍ර යෝගයක් ඇති නිසා ඇගේ මවද ඉතා ලස්සන බවත් මවට විවාහ දෙකක් සිදුවී ඇති බවත් දැක්විය හැකිය.
එසේම ඔහුගේ පියාටද විවාහ කීපයක් සිදුවී ඇත. ගුරුගේ නව වැනි දෘෂ්ටිය දහයට වැටීම නිසා ඇගේ නිවෙසට නුදුරුව විශාල පාසලක් තිබිය යුතුය. ඇගේ නිවෙසට නුදුරුව කොළඹ ආනන්ද මහා විද්‍යාලය ඇත.
අප වෙතට පොරොන්දමක් බලවා ගැනීමට යම් අයෙක් පැමිණි විට ඒ අයගේ දුවගේ හෝ පුතාගේ හෝ කේන්දරය පමණක් ගෙන අනෙක් වෙන අයගේ සියලු විස්තර එම කේන්දරයෙන් විමසන්නෙමු. ඊට පසුවය පොරොන්දම බලනුයේ.
ඉහත සඳහන් ක්‍රමය ප්‍රගුණ කිරීමෙන් ඔබේ කේන්දරය ඔබම බලා සහකරු හෝ සහකාරිය සිටින දිශාව ඇතුළු තොරතුරු රැසක් දැන ගත හැකිය.
Wmqgd .ekSu u