Life
බොඳවූ දරුඵල සිහින සැබෑ කරන නළ දරු තාක්ෂණය...
ලෝකයේ අති නවීන වෛද්‍ය පහසුකම් සහ වෛද්‍ය සේවාවන් මේ වන විට අප රට තුළද ක්‍රියාත්මක වේ. ඊට ආසන්නතම උදාහරණය ලෙස පසුගියදා පේරාදෙණිය රෝහලේ සිදුකළ හදවත් බද්ධ කිරීමේ සැත්කම හැඳින්විය හැකිය.
එලෙසම නළදරු තාක්ෂණයද ශ්‍රී ලංකාව තුළ සාර්ථක අයුරින් ක්‍රියාත්මක වන බව දකින්නට ඇත. එම නවීන පහසුකම් සහිත නළ දරු තාක්ෂණය ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන අයුරු අපි විමසා බලමු.
වෛද්‍යතුමියනි, ශ්‍රී ලංකාව තුළ නළ දරු තාක්ෂණය ක්‍රියාත්මක වන්නේ කෙසේද?
සාමාන්‍යයෙන් අප නළ දරු තාක්ෂණය කියා පවසන්නේ කාන්තාවකගේ ඩිම්බයක් සහ පිරිමියකුගේ ශුක්‍රාණුවක් පිටතට ගෙන එය විද්‍යාගාරයක් තුළ සංසේචනය කර කලලයක් සාදා කාන්තාවකගේ ගර්භාෂයේ තැන්පත් කිරීමයි.
මෙය අපි IVF (In Vitro Fertilization) තාක්ෂණය ලෙස පවසනවා.
මෙම IVF තාක්ෂණය කාන්තාවන් සඳහා භාවිත කරන්නේ ඇයගේ පැලෝපීය නාළවල අවහිරතාවක් ඇතිවිට එන්ෙඩ්‍රාමෙටි්‍රයෝසිස් රෝගයෙන් පීඩා විඳින විට, පොලිසිස්ටික් (PCOD) රෝගය මතුවී ඇති විට ආදී අවස්ථාවලදීය. මෙවැනි රෝග නිසා ඇයගේ ඩිම්බ කෝෂයෙන් පැලෝපීය නාළ වෙත ඩිම්බයක් මුදා හැරීමට බාධා මතුවේ. එහිදී ඇයට දරු සම්පතක් ලබා ගැනීම සඳහා ඇති පහසුම ක්‍රමය IVF ප්‍රතිකාරය සඳහා යොමුවීමයි.
පිරිමි පුද්ගලයකුට මෙම තාක්ෂණය භාවිත කරනු ලබන්නේ ඔහුගේ ශුක්‍රාණුවල දුර්වලතාවක් ඇතිවිටදීය.
එවිට ස්වාභාවික අයුරින් ඔහුගේ ශුක්‍රාණුවක් ඩිම්බයක් සමඟ සංසේචනය වීම සඳහා ගමන් කරන්නේ නැහැ.
මෙම තාක්ෂණය මගින් සිදු කරන්නේ කාන්තාවකගේ ඩිම්බයක් හොඳින් වර්ධනය වීමට අවශ්‍ය පහසුකම් සපයා එම ඩිම්බයක් පිටතට ගෙන පිරිමියාගේ ශුක්‍රාණුවක් සමඟ විද්‍යාගාරයක් තුළ සංසේචනය කිරීමයි.
මෙය රෝහල්ගතව සිට ලබාගත යුතු ප්‍රතිකාර ක්‍රමයක් නෙවෙයි. තමාගේ එදිනෙදා ජීවිතයේ කටයුතු සිදු කරන ගමන් මෙම ප්‍රතිකාර ක්‍රමය සඳහා යොමුවී ගැබ් ගැනීමක් සිදු කරගත හැකියි.
වෛද්‍යතුමියනි, මෙම ප්‍රතිකාරය ලබා ගැනීම සඳහා ලංකාවේ ඇති පහසුකම් කෙසේද?
ලෝකයේ ඇති IVF සම්බන්ධ ඉහළම තාක්ෂණික පහසුකම් ශ්‍රී ලංකාවේත් දැන් තිබෙනවා. එනිසා මෙම ප්‍රතිකාර ලබා ගැනීමට විදේශ ගතවීමට අවශ්‍යතාවක් නැහැ.
මෙම තාක්ෂණික ප්‍රතිකාර සිදු කිරීම සම්බන්ධව විශේෂඥ දැනුමක් සහිත වෛද්‍යවරුද ලංකාවේ සිටිනවා. ඩිම්බයක් වෙත සක්‍රීයව ගමන් කළ නොහැකි දුර්වල ශුක්‍රාණු ඩිම්බ වෙත එන්නත් කිරීමේ (ICSI) අධි තාක්ෂණයත් අප රටේ තිබෙනවා.
අනෙක් වැදගත්ම කරුණ තමයි මෙම ප්‍රතිකාරය සඳහා යොමු වීමේදී අදාළ කාන්තාවත්, පිරිමියාත් හොඳ මානසික මට්ටමකින් සිටිය යුතුයි. විදේශ ගතවූ විට එම රටේ සංස්කෘතිය, ආහාරපාන, පරිසරය, ආගන්තුක නිසා ඊට හුරු වීමට නොහැකිව මානසික පීඩාවන්ට පත් වෙනවා. විදේශයකදී IVF ප්‍රතිකාර ලබා ගැනීමට ගොස් එය අසාර්ථක වූ බොහෝ දෙනකුට ඊට ප්‍රධානම හේතුව වී ඇත්තේ නුහුරු පරිසරයක ජීවත් වීමේදී ඇතිවූ මානසික පීඩාව නිසා ඇතිවූ හෝමෝන අසමතුලිත තාවයයි.
වෛද්‍යතුමියනි, මෙවැනි ප්‍රතිකාරයක් සඳහා යොමුවිය යුත්තේ කුමන වයස් සීමාවේදීද?
මා ඉහතින් සඳහන් කළ දුර්වලතා ඇති අය කුමන වයසක සිටියත් ඔවුනට ස්වාභාවික සංසේචනයක් සිදු වන්නේ නැහැ. එනිසා ඔවුනට තමාගේ ගැබ් ගැනීමක් මගින් දරු සම්පතක් අවශ්‍ය නම් මෙම ප්‍රතිකාර ක්‍රමයට යොමුවන්න සිදු වෙනවා.
සාමාන්‍යයෙන් වයස අවුරුදු 35 ට පෙර මෙවැනි ප්‍රතිකාර ක්‍රමයකට යොමු වීමෙන් සාර්ථක ප්‍රතිඵල ලබාගත හැකියි. එය නිරෝගී කාන්තාවකට වුව පොදු දෙයකි. වයස අවුරුදු 40 පමණ වන විට කාන්තාවකගේ ඩිම්බවල සරු බව දුර්වල වන්නට පටන් ගන්නවා. එවිට ඇයගේ ඩිම්බ කෝෂයෙන් නිපදවන ඩිම්බ මේරීමේ ගැටලු දරු කලලයක් වර්ධනය වීමේ හැකියාව දුර්වලවීම ආදිය සිදු වෙනවා.
වෛද්‍යතුමියනි, මෙවැනි ප්‍රතිකාරයකට යොමුවීමේදී වෙනත් කාන්තාවකගේ ඩිම්බ හෝ වෙනත් පිරිමියෙකුගේ ශුක්‍රාණු ලබාගෙන කලලයක් සකස් කිරීම වැනි වංචාවන් සිදුවිය හැකියි නේද?
අන්න ඒ නිසා තමයි මෙවැනි ප්‍රතිකාරයකට යොමු වීමේදී විශ්වසනීය පිළිගත් වෛද්‍ය ආයතනයකින් ප්‍රතිකාර ලබාගත යුතු වන්නෙ. නළදරු තාක්ෂණය සඳහා ලොව පිළිගත් සාරධර්ම අනුව කටයුතු කරන ආයතනයකින් ප්‍රතිකාර ලබා ගැනීමේදී වංචා සහගත ක්‍රියාවන් සිදු වන්නේ නැහැ.
වෛද්‍යතුමියනි මෙවැනි ප්‍රතිකාර ක්‍රමයක් සඳහා විශාල මුදලක් වැය කළ යුතුද?
එය තීරණය වන්නේ අදාළ පුද්ගලයන්ට පවතින දුර්වලතා අනුවයි. එසේම මැදි වයසට පත්ව මෙම ප්‍රතිකාර සඳහා යොමුවන විටත් ඔවුනට මතුව ඇති දියවැඩියාව, අධි රුධිර පීඩනය වැනි රෝග පාලනය කිරීම කළ යුතු වෙනවා. ඇතැම් දෙනා මේ ප්‍රතිකාර සියල්ලටම වැයවන මුදල අනුව මෙම ප්‍රතිකාරය සඳහා විශාල මුදලක් වැය වෙනවා කියා සිතනවා.
මෙම ප්‍රතිකාර පිළිබඳව වැඩිදුර තොරතුරු ලබා ගැනීම සඳහා දුරකථන අංක 011-4897897 ඇමතිය හැකිය.
Wmqgd .ekSu Èjhsk mqj;a m; weiqfrks