මුහුණ කෙතරම්
පැහැපත් වුවත් ඇතැම් කාන්තාවන්ගේ බෙල්ල අවපැහැ බවක් පෙන්වයි. ඔබටත් මේ
ගැටලුව පවතියි නම් නිවෙසේදීම කළ හැකි මෙවැනි පහසු සත්කාර ක්‍රම අත්හදා
බලන්න.
ලෙමන්
සමේ අව පැහැ ගතිය මකා දමා සමට පැහැපත් බවක් මින් ලබාදිය
හැකියි. දෙහි ලෙල්ලක් බෙල්ලෙ අතුල්ලා ගැනීමෙන් හෝ කැමැති නම් රෝස වතුර
මුසුකර ආලේප කළ හැකියි.
පොල් තෙල්
පොල් තෙල් සමේ නිරෝගී බවට පමණක් නොව පැහැපත් බවටද භාවිත කළ හැකි සත්කාරයක්. බෙල්ලෙ අවපැහැ ගැන්වීම්වලට මෙයද කදිම සත්කාරයක්.
පිපිඤ්ඤා
පිපිඤ්ඤා යුෂ ආලේප කිරීමෙන්ද සමේ අවපැහැ ගතිය ඉවත් කළ හැකිය.
රෝස වතුර
අවපැහැ වූ බෙල්ල රෝස වතුරින් සෝදන්න. රෝස වතුර සමඟ කහ කුඩු ස්වල්පයක් මිශ්‍රකර බෙල්ලේ ආලේප කර හොඳින් අතුල්ලා සෝදා හැරීමත් කළ හැකිය.
පැණි
සම පැහැපත් කිරීමට මෙයත් කදිම සත්කාරයක්.
කෝමාරිකා යුෂ
කෝමාරිකා යුෂද සමට සිසිල හා පැහැපත් බව ගෙනෙන ඔෟෂධීය සත්කාරයකි.
ස්ක්‍රබ් ආලේපයක්
ලෙමන් යුෂ, සීනි හා තෙල් ස්වල්පයක් මුසුකර
ස්ක්‍රබ් ආලේපයක් සාදා ගන්න. අවපැහැ වූ බෙල්ලට මෙය සුදුසුම ස්ක්‍රබ්
ආලේපයකි. මෙය ශරීරයටම වුවත් ආලේප කළ හැකියි.
ලෙමන් හා පිපිඤ්ඤා
ලෙමන් හා පිපිඤ්ඤා යන්න ස්වාභාවික පිරිසුදු කාරකයන්ය. මේවා තලෙළු සමට ගැල්වීමෙන් පැහැපත් බවක් ලබාගත හැකියි.
ආමන්ඩ් තෙල් සහ විටමින් ඡ්
ආමන්ඩ් තෙල් හා විටමින් ඡ් එක් කරලක්
සමඟ මිශ්‍රකර අඳුරු පැහැ බෙල්ලෙ ආලේප කරන්න. සතියකින් පමණ පසු ඔබට එහි වෙනස
අත්දකින්නට හැකිවේවි.
මී පැණි හා ලෙමන්
මේවා මිශ්‍රකර බෙල්ලෙ ආලේප කර පැහැපත් බවක් ලබා ගන්න.
හාල් සේදූ ජලය
හාල් සෝදාගත් ජලය ඉවත් නොකර බෙල්ලෙ ආලේප කර අවපැහැ වූ සමට සත්කාරයක් ලෙස භාවිත කරන්න.
අල යුෂ
අල යුෂ, බටර් හා ලෙමන් බින්දු කිහිපයක් මුසුකර සාදා ගන්නා ආලේපය, අවපැහැ බෙල්ලට කදිම සත්කාරයක්.
ස්ට්‍රෝබෙරි හා ගස්ලබු
මෙම මිශ්‍රණයද බෙල්ලට සුදුසු සත්කාරයක්.
විනාකිරි
විනාකිරි කොටස් 1ට ජලය කොටස් 2ක් මිශ්‍රකර එම ජලයෙන් සෝදා හැරීමෙන් වඩා සාර්ථක ප්‍රතිඵල ලබා ගන්න.
අන්නාසි හා කෙසෙල්
සමේ මෘදු හා පැහැපත් බවට අන්නාසි හා කෙසෙල් කදිම ආලේපයක්.
ඔලිව් තෙල්
ඔලිව් තෙල්වල අඩංගු පෝෂණය නිසා සම පැහැපත් කිරීමේ ගුණයද එය සතුයි.
සැලකිලිමත් වන්න
ඉර්ථීඡ් සහිත හිරු ආවරණ ආලේපනයක් පිටතට යන විට ගල්වන්න. සතියකට වරක්වත් සුදුසු ස්ක්‍රබ් එකක් ආලේප කිරීමටත් සිහි තබා ගන්න.
ශාලිකා රංගනී සමරදිවාකර