ග්‍රහ මණ්ඩලයේ කුඩාම ග්‍රහයා ලෙස සැලකෙන බුධ ග්‍රහයා ජෝතිෂ ශාස්ත්රයේදී ඥානයට අධිපති ග්‍රහයා ලෙස හඳුන්වයි. රවි සඳු දෙදෙනා මව පියා ලෙස සලකන අතර බුධ ඔවුන්ගේ හුරුබුහුටි පොඩි දරුවකු වන්නේය. බුධට එක රාශියක ගමන් කිරීමට මසකට අඩු කාලයක් ගතවෙයි. රාශියේ කෙළවරට ගොස් වක්‍ර වූ විට එම රාශියේ එහාට මෙහාට ගමන් කිරීමට මාස දෙකකට දින කීපයක් අඩු හෝ වැඩි විය හැකිය. වර්ෂයකට තෙරවක් හෝ සිව් වරක් වක්‍ර විය හැකිය.
මිථුන රාශිය බුධට අයත් රාශියකි. කන්‍යා රාශියද බුධගේ රාශියකි. මිථුනයට බුධ ස්වක්ෂේත්ර වන අතර කන්‍යාවට උච්ච බලයත් ස්වක්ෂේත්ර බලයත් දෙකම පවතී. බුධ කටක සිංහ රාශි, 02 සතුරු වන අතර මීනයට නීච වෙයි. වෘෂභ, තුලා, මකර, කුම්භ යන රාශි හතරට මිත්‍රවෙයි. මේෂ, වෘශ්චික, ධනු රාශි තුනට සම වෙයි.
ඉගනීම් කටයුතුවලට පොත්පත් කියවීම ලිවීම, ග්රන්ථකරණය, කථාවට, සංගීත කලා කටයුතුවලට ගණිත මිනිත කාර්යයන්ට බුධගේ බලය ක්‍රියාත්මක වෙයි. බුධ රවි ග්‍රහයට කිට්ටුව ගමන් කරන නිසා හැම කාර්යයක්ම බුද්ධිමත්ව කරගෙන යැමට හැකිවේ. එහෙත් රවිගෙන් දුරස් වී කුජ - සිකුරු සමග සංයෝග වූ විට බුධගෙන් යහපත් ප්‍රතිඵල අපේක්ෂා කළ නොහැකිය. ජන්මියා නොමගට යවයි.
බුධ ග්‍රහයා මිථුන රාශියේ සිටීමෙන් ලෞකික සැප සම්පත් ලබාදෙයි. ශාස්ත්‍රීය අංශයෙන් උසස් තැනක් ජන්මියාට හිමිවෙයි. පොත් පත් ලිපි ලේඛන කලාත්මක කටයුතු, චිත්‍ර කර්මය, ආදී දේවලට දක්ෂතා දක්වයි. කථාවෙන් ප්‍රයෝජන ගනී. දක්ෂ කථිකයෙකු වන්නේය. තමාගේ බලවත් උත්සාහයෙන්ම දියුණුව සලසා ගනී. ඉඩ කඩම් දේපළ ලැබීමේ භාග්‍ය ඇත. බුධ සමග රවි මිථුන රාශිගතව සිටීමෙන් ගෞරවයට හා කීර්තියට පත්වෙයි.
මිථුන රාශියට වඩා බුධ කන්‍යා රාශියේදී වැඩි තැන්පත් ගතියකින් යුතුව කටයුතු කරයි. අහංකාර ආඩම්බර ගතියක් නොපෙන්වයි. ආගම දහමට ඉතාමත් ලැදිවේ. රටේ නොවේ උගත් අයකු ලෙස පිළිගැනීමක් ඇති කරගනී. එහෙත් බුධ සමග සිකුරු සංයෝග වී නම් අභ්‍යන්තර හැඟ
Wmqgd .ekSu