Kitchen
බිත්තර තම්බද්දී ලුණු එකතු කරන්න හේතුව දන්නවද?
කෑම උයද්දී අනිවාර්යෙන් එකතු කරන ලුණු ගැන කතන්දර ගොඩයි.
ලුණු කියන්නේ කෑම හදනකොට නැතුවම බැරි දෙයක්. ලුණු ආහාරයකට එකතු කරන්නේ කාරණා කීපයකට. ලුණු වලින් ආහාරයට රසයක් ලැබෙනවා. ඒ වගේම ආහාරයේ ඉන්න ක්ෂුද්රජීවීන් විනාශ කරලා ආහාර කල්තබා ගන්නත් ලුණු උදව් වෙනවා. මීට අමතරව ලුණු කියන්නෙ අපේ ශරීරයට අත්‍යවශ්‍ය ඛණිජ ලවණ ලබා දෙන වැදගත් ප්‍රභවයක්.
ලුණු පාවිච්චි කරද්දි අපි අතින් වෙන වැරදි කීපයක් තියනවා. වැඩිපුර ලුණු කන එක නම් එච්චර හොද පුරුද්දක් නෙමෙයි.
මේ කාරණය අධිරුධිර පීඩනය තියන අයට බොහෝම නරකයි වගේම කොයි කටත් ලුණු අඩුවෙන් පාවිච්චි කරනව නම් ගොඩාක් ලෙඩ රෝග වලින් ආරක්ෂා වෙන්න පුලුවන්.
ලංකාවේ ආහාර සඳහා ගන්නා ලුණු වලට අයඩීන් කියන සංඝටකය එකතු කරලා තියන බවත් ඒ නිසා තයිරොයිඩ් ග්‍රන්ථිය ආශ්රිත රෝග වැලැක්වෙන බව නම් අපි හැමෝම දන්නවා. ඒත් අපි කරන පොඩි පොඩි වැරදි නිසා අයඩීන් ගොඩක් වෙලාවට විනාශවෙලා යනවා.
අයඩීන් අඩංගු ලුණු ඉර එලිය හා උෂ්ණත්වය නිසා ලේසියෙන්ම ඉවත් වෙනවා. හැම වෙලාවෙම ලුණු දුඹුරු පාට බෝතලයක අසුරලා සිසිල් තැනක තියන්න.
ළිප ගාව එහෙම නම් තියන්නම එපා