iranama
බාධක ග්රහයාගේ අපලයට පිළියම්
ජන්ම පත්රය අනුව කෙනකුගේ ජීවිතයේ එදිනෙදා කටයුතු සඳහා බාධා, කරදර, මෙන්ම අපල ගෙනදෙන ග්රහයා ලෙස තමයි බාධක ග්රහයා ජේයාතිෂයේදී පුරාණ ඉසිවරු විසින් හඳුන්වා දී තිබෙන්නේ. තමන්ගේ කේන්දරේ එම ග්රහයා පිහිටි ස්ථානය අනුව ඔහු හා සබැඳි භාව පල, ස්ථාන පල මෙන්ම ග්රහ පල විනාශ කිරීම තමයි බාධක ග්රහයාගේ කාර්යය වෙන්නේ.
සෑම කෙනකුටම ලග්නයක් තිබෙනවා. ලග්නයේ පෘථිවිය මැදි කොට ගෙන කොටු 12ක් තුළ නවග්රහයන් ප්රධාන ග්රහයන් 12 දෙනකු සිටිනවා. මේ ග්රහයන් කෙනකු උප්පත්තිය ලබන අවස්ථාවේ හැටියට හඳහනේ කොටු කීපයක් තුළ විසිරී සිටිනවා. ඉතින් මේ ප්රධාන නවග්රහයන් අතරින් රාහු කේතු හැර අන් ග්රහයන් 7 දෙනාගෙන් එක් ග්රහයකු ඕනෑම කෙනකුගේ ජන්ම පත්රයේ ලග්නයට අනුව බාධක ග්රහයා වීමේ හැකියාව තිබෙනවා. ඕනෑම ලග්නයකට බාධක ග්රහයකු සිටින අතර ලග්න 12ටම බාධක ග්රහයන් 12 දෙනකු සිටිනවා.
අප සෞරග්රහ මණ්ඩලයේ ග්රහයන් 12 දෙනකු සිටියත් ග්රහ බලපෑම මත අප විසින් ජේයාතිෂයේදී මූලිකවම අවධානය යොමු කරන්නේ නවග්රහයන් වන රවි, සඳු, කුජ, බුධ, ගුරු, සිකුරු, සෙනසුරු හා රාහු, කේතු යන ග්රහයන් ගැන පමණයි. මේ අතරින් රාහු හා කේතු කියන්නේ ජේයාතිෂයේදී පමණක් අප යොදා ගන්නා ග්රහයන් නොව ඡායා ග්රහයන් නිසාත් ප්ලූටෝ, නෙප්චූන් හා යුරේනස් යන ග්රහ ත්රිත්වය පෘථිවියට ඉතා අෑතින් පිහිටා ඇති නිසා අපට එල්ල වන බලපෑම අඩු නිසාත් මා ඉහත සඳහන් කළ බලපෑමක් සහිත රවි, සඳු ඇතුළු ග්රහයන් 7 දෙනා මෙම කාරණාවේ දී යොදා ගනු ලබනවා. එය ජේයාතිෂ සිද්ධාන්තයක්.
ලග්න අනුව බාධක ග්රහයන්
Wmqgd .ekSu u