Life
බලාපොරොත්තු ඉටු කර ගැනීමට ඔබට අවශ්‍ය කරුණු 6ක්
ඔබට බලාපොරොත්තු ඉෂ්ට කරගන්න අවශ්‍ය නම් ඒ සඳහා හොඳ ක්‍රමවේද ඕන තරම් තිබෙනවා. ඒ වගේම තවමත් බලාපොරොත්තු ඉටු කර ගන්න බැරි වුණා නම් මේ කරුණු 6 පිළිබඳ සලකා බලන්න ඔබට පුළුවන්.
1. නිදහසේ පහසු තැනක වාඩිවෙන්න. ඉන්පසුව ඔබේ, අරමුණු සහ බලාපොරොත්තු ලැයිස්තුගත කරන්න. එහිදී ඉක්මනින්ම සැබෑ කරගත යුතු අත්‍යවශ්‍යම තොරතුරු ලැයිස්තු ගත කිරීම ඉතාම වැදගත්.
2.සෑම දිනකම උදෑසන සහ සවසට ඉක්මනින් ඉටුකරගත යුතු බලාපොරොත්තු පිළිබඳ මෙනෙහි කරන්න. මෙම බලාපොරොත්තු ඉටුකර දිය යුතු බවට මොළයට අණ කරන්න.
3. ඔබේ ළඟම හිතවතුන්, පවුලේ අය සමඟ සමීප හොඳ සබඳතා පවත්වා ගන්න. ඔබේ අරමුණ ජයගත හැකි බවත් ඒ සඳහා කෙතරම් කාලයක් ගත වුවත්, ඒ සඳහා අවශ්‍ය ශක්තිය තිබෙන බවත් ඔවුන්ට ඒත්තු ගන්වන්න.
4.සෑම විටම සියල්ල නිදහසේ තබන්න. ලියන මේසය, නිදන ඇඳ, කාමරය, නිවෙස පිළිවෙළට තබා ගැනීම ඉතාම වැදගත් අනවශ්‍ය සියල්ල ඉවත් කරන්න. එසේම නිතර අවශ්‍ය නොවන ද්‍රව්‍ය අවශ්‍ය විට ගැනීමට වෙනම අසුරා තබන්න.
5.කාලය කළමනාකරණය කරගන්න. වේලාවට අනුව දවසේ කටයුතු සමබර කර ගැනීම එහිදී ඉතාම වැදගත්. අත්‍යවශ්‍ය කටයුත්තක් නොවේ නම්, අඩියක්වත් අනවශ්‍ය දුරක් යා යුතු නැහැ.
6.ඔබ ගැන සිතන්නත් කාලය වෙන්කර ගන්න. අනාගතය පිළිබඳ සිතමින් අලුත්ම අරමුණු සකස් කර ගන්න.
Wmqgd .ekSu u