Life
බබාලාට බෙහෙත් මනින්න හැඳි ගන්න එපා
පුංචි දරුවෝ ලෙඩ වුණාම ඒ ගැන ගොඩක් හිතන්න ඕනේ. ඒ වගේම පොඩි දරුවන්ට බෙහෙත් දෙනකොට හරි පරෙස්සම් වෙන්න වෙනවා.
මොකද දරුවන්ට දෙන ඖෂධ මාත්‍රා වැඩිහිටියන්ට වඩා වෙනස් වගේම පුංචි වරදකින් වුනත් ලොකු හානියක් වෙන්න පුළුවන්.
දරුවන්ට ඖෂධ විෂ වීමේ හැකියාව ඉතාම වැඩියි. මොකද දරුවන්ට දෙන බෙහෙත් බොහොමයක් හදලා තියෙන්නේ දියර වශයෙන් හෙහෙමත් නැත්නම් ඖෂධ ශාලාවකින් මිලදී ගන්න පෙත්තෙන් කොටසක් තමා ඔවුන්ට දෙන්න නියම කරලා තිබෙන්නේ.
මේ නිසාම අම්මලා අතිඔන් මාත්‍රාව වැරදෙන්න තිබෙන ඉඩ බොහෝම වැඩියි. මාත්‍රාව වැඩි වුනොත් ඖෂධ විෂ වෙනවා.
ගොඩක් වෙලාවට අම්මලා දරුවන්ගේ බෙහෙත් මනින්න භාවිතා කරන්නේ ගෙදර කුස්සියෙන් හොයාගන්න හැන්දක්.
නමුත් මේ හැඳි වල ප්‍රමාන සටහන් කරලා නැහැ. මේ නිසා වැඩි මාත්‍රාවක් ලැබීමේ අවදානම වැඩියි.
මේ නිසා වෛද්‍ය වරුන් නියම කරන්නේ දරුවන්ට බෙහෙත් මැනීම සඳහා මිනුම් සටහන් කරන ලද කුඩා කප් එකක් හෝ සිරින්ජයක් භාවිතා කරන්න කියලයි.
Wmqgd .ekSu taIshka