Life
පොහොසත් වෙන්න ඕනෑ නම් සුරතල් සතෙක් තියා ගන්න
බල්ලෙක් එහෙමත් නැත්නම් පූසෙක් හුරතලේට ඇති කරන අය අනිත් අයට වඩා සතුටින් සිටින බවත්, පොහොසත් වන බවත්, සෞඛ්‍ය සම්පන්නව ජිවත් වන බවත් මෑතකදී කරන ලද සමීක්ෂණයකින් ඔප්පු වුණා.
එසේ සුරතල් සතුන්ට ආදරය කරන පුද්ගලයින් තම රැකියාව සතුටින් කරන බවත් එසේ නොවන පුද්ගලයින්ට වඩා වැඩි කාලයක් තම රැකියාවේ කැමැත්තෙන්ම නිරත වන බවත් සොයා ගෙන තිබෙනවා.
මේ නිසාම ඔවුන්ගේ ආදායම් තත්වය ඉහල වන අතරම ඔවුන් තම පවුලේ අය සමගත් ඉතා සතුටින් ඉන්නා බවයි කියවෙන්නේ.
සුරතල් සතුන් ඇති කරන අයගේ නිරෝගී කමත් අනෙක් අයට වඩා ඉහල බව මේ සමීක්ෂණයෙන් තහවුරු වී තිබෙනවා.
මේ සමීක්ෂණයේ මුල් තැන ගෙන කටයුතු කල ඇලිසන් ජෝන්ස් කියා සිටින්නේ සුරතල් සතුන් නිසා ඇති වාසි හිතනවාට වඩා වැඩි වන බවයි.
ඔවුන් නිසා විවිධ රෝගාබාධ ඇති වන බවට තිබූ බිය දැන් මිනිසුන් අතරින් පහව යමින් තිබෙන අතර ඒ සඳහා තමාගේ අසනිපයකටත් වඩා උනන්දුවෙන් ප්‍රතිකාර සඳහා යොමු වෙන්නට සුරතල් සතුන්ට ආදරය කරන අය යොමු වන බවත් ඔහු කියා සිටිනවා.
මේ නිසාම නිරෝගී කම සම්බන්ධවත් මානසික යහපැවැත්ම සඳහාත් සුරතල් සතෙක් ඇති කරන්නට හුරු වීම හොඳ බවයි ඔවුන් පවසන්නේ.
Wmqgd .ekSu taIshka