Kitchen
පොල් කිරි නැතිව ඉදෙන කරවල හොද්ද
ඕන කරන දේ :-
කට්ට කරවල ග්‍රෑම් 250 ක්
මී කිරි මේස හැන්දක්
සුදු කැකුළු හාල් කෝප්පයක් දියේ දමා අඹරාගත්
බිලිං ගෙඩියක්
තක්කාලි අවශ්‍යනම්
සුදු ළුණු
ලොකු ළුණු
මිරිස් කුඩු
රස අනුව ලුණු
කහ කුඩු ටිකක්
හදන්නේ මෙහෙමයි :-
සාමාන්‍ය කරවල හොද්දක් හදන විදිහමයි.
කරවල සෝදලා, කපලා මීකිරි සහ ඇඹරූ හාල් ටික ඇරෙන්න අනෙක් අඩුවැඩිය එක්ක ලිප තියන්න.
වතුර අඬු කෝප්ප බාගයක් ඒකට එකතු කරන්න.
දැන් මීකිරි සහ සුදු කැකුළු හාල් ටික හොඳින් මිශ්‍ර කර, කරවල බඳුනට දමන්න.
නොනවත්වා හැඳිගාන්න.
මේ කරවල හොද්ද, පොල් කිරෙන් උයන කරවල හොද්දට වඩා කැටි ගැහෙන්න ඉඩ තියෙනවා.