SexEducation
පීඩාකාරී candidiasis ආසාදනය ගැන දැනගත යුතු කරුණු 3ක්
අපේ සම මත බැක්ටීරියා සහ දිලීර වර්ග විශාල ප්‍රමාණයක් තිබෙන බව හැමෝම දන්න කරුණක්. Candida කියන්නෙත් ඒ වගේ දිලීර වර්ගයක්. අපේ සම මත සුළු ප්‍රමාණයකින් තිබෙන මේ දිලීරය යම් යම් හේතු, පරිසර සාධක මතා විශාල වශයෙන් පැතිරිලා ආසාදන තත්වයන් ඇති කරන පුළුවන්.
මූලික වශයෙන් අවධානය යොමු කරන්නේ ලිංගික අධ්‍යාපනය පිළිබඳව වන නිසා මෙම ලිපියෙන් කතා කරන්නේ ලිංගේන්ද්‍රිය ආශ්‍රිතව ඇති විය හැකි candida දිලීරයේ ආසාදන තත්වය පිළිබඳවයි මෙම රෝගය candidiasis ලෙසින් හැඳින්වෙනවා.
රෝගය වැළඳිය හැකි පුද්ගලයන්
ක්‍රීඩක ක්‍රීඩිකාවන් – ඒ ඔවුන් අඳින යට ඇඳුම්වල දහදිය සමඟ තෙතමනය රැඳෙන නිසායි
ඇදුම සඳහා ඖෂධ භාවිතා කරන පුද්ගලයන්
ඒඩ්ස් රෝගය වැළඳුන අය
පිළිකා නාශක ලෙස එන්නත් ශරීර ගත කළ අය
ඉහත කී ඖෂධ භාවිතා කරන අයට මෙම අවදානම ඇතිවන්නේ ඒම ඖෂධ මගින් සමේ ඇති ශරීරයට හිතකර ක්ෂුද්‍ර ජීවින්ද විනාශ වන නිසායි.
රෝග ලක්ෂණ
ලිංගේන්ද්‍රිය ආශ්රිත ප්‍රදේශයේ ඇතිවන කැසීමේ ස්වභාවය
ලිංගික සංසර්ගයේදී පෙර නොවූ ලෙස අධික වේදනාවක් ඇති වීම
මුත්‍ර පිට කිරීමේදී ඇතිවන වේදනාව
ලිංගේන්ද්‍රිය හා ඒ අවට ප්‍රදේශය සුදු දැලක් වැනි දෙයක් දක්නට ලැබීම හා රතු වීම.
ඉහත කී රෝග ලක්ෂණ ඇති විට ලැජ්ජාව සඟවාගෙන වහාම වෛද්‍යවරයෙක් හමුවී ප්‍රතිකාර ගැනීමයි ඔබ විසින් කළ යුතු වන්නේ.
.loveandsex.lk