Life
පියයුරු පරීක්ෂාව තනියම කර ගන්න
01. මෙය සඳහා ආවරණ ස්ථානයක්
යොදා ගන්න.
02. ඔබගේ උඩුකය සම්පූර්ණයෙන් නිරාවරණය කොට කැඩපතක් ඉදිරිපස සිට ගන්න.
03. අත් දෙක දෙපස තබා සෘජුව සිට ගන්න අත් දෙක හිසට උඩින් ඔසවන්න/ අත් දෙක ඉඟ මත තබා තද කරගන්න.
04. අතේ ඇඟිලි එක්කොට ඇඟිලිවල ඇතුළු පැත්තෙන් පියයුරු හොඳින් පරීක්ෂා කරමින් පියයුරෙහි ගැටිති, සමට යටින් ගන වීමක් හෝ එහාට මෙහාට නොයන තද ගතියක් ඇත්දැයි පරීක්ෂා කරන්න.
05. වම් අතින් දකුණු පියයුරු සහ දකුණු කිහිල්ලද දකුණු අතින් වම් පියයුරු සහ වම් කිහිල්ලද පරීක්ෂා කරන්න.
06. පියයුරෙන් සෑම කොටසක්ම ආවරණය වන පරිදි පිටපැත්තේ සිට ඔරලෝසුවේ කටු යන අතට අත තද කරමින් පියයුරෙන් ගැටිත්තක්, වේදනාවක් හෝ ගන වීමක් ඇත්දැයි බලන්න.
07. මහපට ඇඟිල්ල හා දබර ඇඟිල්ලෙන් ඇරියෝලාව (තන පුඬුව) වටා ඇති තද පැහැති කොටස මිරිකා තන පුඬුවෙන් කිරි නොවන ශ්රාවයක් පිටවන්නේ දැයි බලන්න.
Wmqgd .ekSu u