Life
පියකුට තම දරුවාට දිය හැකි හොඳම දේ දරුවාගේ මවට ආදරය කිරීමයි
නිවෙසක සියලු වගකීම් හිසමත දරා සිටින කාන්තාවන් දරුවකු බිහි කළායින් පසු තමන්ගේ ශාරීරික සහ මානසික සුවතාව පිළිබඳව දක්වන්නේ ඉතා අඩු සැලකිල්ලක්. විශේෂයෙන් ම අප රටේ කාන්තාවන් අතර මෙම තත්ත්වය බහුලයි. විවාහ ජීවිතය තුළ ප්‍රශ්න රැසකට ම මෙය හේතුවක්. මෙම තත්ත්වයෙන් මිදී දරුවකු බිහි කළායින් පසුවත් කාන්තාවක් සුන්දරව ශාරීරික සහ මානසික ස්ථාවර බවකින් යුතුව සිටින්නේ කෙසේද කියා අද අපි විමසා බලමු.
විවාහ දිවියට එළඹෙන නව යුවළකගේ බොහෝවිට ඊළඟ බලාපොරොත්තුව වන්නේ දරුවෙක්. දෙදෙනෙක් සිටි තැනට තවත් කෙනෙක් පැමිණීම එම පවුල තුළ සිදුවන වෙනසක්. ඒ වගේ ම පවුලට දරුවකු එකතු වීම සාමාජීය වශයෙනුත්, පවුලේ ආර්ථිකය අතිනුත් සැමියා සහ බිරිය අතර තිබෙන බැඳීම් අතිනුත් බොහෝ වෙනස්වීම් ඇතිවීමට හේතුවක්. ඊටත් අමතරව දරුවකු ලැබීම කාන්තාවක් තුළ ශාරීරික සහ මානසික වෙනස්කම් රැසකටමත් හේතුවක් බව පැහැදිලියි. අප මෙහිදී වැඩි වශයෙන් කතා කරන්නේ කාන්තාවකට ලැබෙන පළමු දරුවා පිළිබඳවයි.
දරුවකු ලැබීමෙන් පසුව කාන්තාවකගේ ශරීරයේ සිදුවන වෙනස්වීම් යථා තත්ත්වයට පත්වීමට අවම වශයෙන් සති හයක පමණ කාලයක් ගත වෙනවා. මෙම කාලය තුළ කාන්තාවගේ ශරීරය තුළ සිදුවන වෙනස්කම් ගණනාවක් ම තිබෙනවා. විශේෂයෙන් ම ශරීරයේ හෝමෝනවල සිදුවන වෙනස්වීම්. ඒ වගේ ම අලුත උපන් බිලිඳා වෙනුවෙන් දවසේ වැඩිම කාලයක් වෙන් කිරීමට මවට සිදුවෙනවා. මෙම අවදියේදී ඊස්ට්‍රජන් හෝමෝන ප්‍රමාණය අඩුවීම ලිංගිකත්වයට ඇති කැමැත්ත අඩුවීමට හේතුවක්.
බොහෝවිට වර්තමානයේ කාන්තාවන් තමන්ට අලුත උපන් බිලිඳා රැකබලා ගැනීමට සිදුවන්නේ දරුවාගේ වැඩකටයුතු, සැමියාගේ වැඩකටයුතු, ගෙදර දොරේ කටයුතු වගේ ම තමන්ගේ රැකියාවේ වැඩකටයුතුත් පිළිබඳව සොයා බලන අතරේ විය හැකියි. මෙවන් අවස්ථාවක සැමියා බිරියගේ තත්ත්වය පිළිබඳව හොඳ අවබෝධයකින් සිටිය යුතු වෙනවා; බිරියට අවශ්‍ය පූර්ණ සහයෝගය ලබාදීම සැමියාගේ යුතුකමක්. ඊට අමතරව මෙම කාන්තාවට පෙර ප්‍රසූතියේදී හෝ පසු ප්‍රසූතියේදී සංකූලතා ඇතිවී තිබෙන්නට පුලුවන්. එම සංකූලතා එම කාන්තාවට ශරීරිකව සහ මානසිකව මුල් තත්ත්වයට පැමිණීමට කාලයක් ගත වීමට හේතු වෙනවා.
මෙවැනි අවස්ථාවක සැමියාගේ සහයෝගය සහ අවබෝධය ඉතාම අවශ්‍යයි. ඉතා හොඳ කියමනක් තිබෙනවා ඒ පිළිබඳව පැහැදිලි වෙන. එය තමයි,
Wmqgd .ekSu is