Health
පිටතට නොපෙනෙන ශ්‍රවණාධාරක තාක්ෂණයේ නව පෙරළිය
ලෝකය කෙතරම් සුන්දරදරෑ නමුත් අපට ඒ සුන්දරත්වය විඳින්නට උපකාරී වන පෙනීමල ඇසීම වැනි සංසිද්ධීන් නොතිබුණා නම් සුන්දරත්වයල මියුරු බව ආදී දේවල් හුදෙක්ම වචනයටම පමණක් සීමා වූ අර්ථය සුන් දේවල් බවට පත් වේවිග මේ අතුරින් ශ්‍රවණයට නොඑසේ නම් ඇසීම සඳහා හිමිවන්නේ වඩාත් වැදගත් ස්ථානයක්ග මන්ද යත් යම් පුද්ගලයෙකුට ඉතා හොඳ මට්ටමේ ශ්‍රවණයක් නොමැතිව ලෝකයේ සුන්දරත්වය අත් විඳිනවා තබා තමාගේ දෛනික කටයුතුවත් නිසි ආකාරව සිදු කර ගැනීමට නොහැකි වන නිසාවෙනිග
කෙසේ වෙතත් ශ්‍රවණය පිළිබඳ කථාබහ කිරීමේදී එක් එක් පුද්ගලයාට අනන්‍ය වූ වෙන් වශයෙන් පවතින ශ්‍රවණය ආශි‍්‍රතව පවතින ගැටලු හා ඒවා සඳහා නවීන තාක්ෂණික විප්ලවය කෙතරම් දුරට සාධාරණයක් ඉටු කර තිබේදැයි විමසා බලමුග
ශ්‍රවණ ඌනතා යනු මොනවාදරෑ
විවිධ පුද්ගලයන්ගේ ශ්‍රවණය පිළිබඳ කථාබහ කිරිමේදී මූලික වශයෙන් දැකගත හැකි ආබාධිත තත්ත්වයක් වන්නේ ශ්‍රවණ ඌනතාවයිග ශ්‍රවණ ඌනතාව යනු ඇසීමේ අඩු කමයිග ඇසීම මුළුමනින්ම නොමැති වීමට වඩා ඌනතාවක් සහිත ශ්‍රවණයක් හිමි වීම පුද්ගලයෙකුගේ අසහනයට බොහෝදුරට හේතුවිය හැකියිග එසේ වුවත් ඔවුන්ට එම අපහසුතාවට තවදුරටත් මුහුණ දීමට සිදු නොවෙනු ඇතග ඊට හේතුව එවැනි ශ්‍රවණ ඌනතා මඟහරවා ගැනීම සඳහා තාක්ෂණික දියුණුව හරහා ඕනෑතරම් පිළියම් තිබෙන නිසාවෙනිග
එසේ නිපදවා ඇති තාක්ෂණික උපකරණ මොනවාදරෑ
ශ්‍රවණාධාරක යනු එසේ නිපදවූ එක් විප්ලවකාරී ශ්‍රවණ උපකරණයක් වන අතර ශ්‍රවණාබාධිත පුද්ගලයාට ඇසීමේ ඌනතාවක් පවතින විටදී ඇසීම තවදුරටත් වැඩි දියුණු කර ගැනීම සඳහා මෙම උපකරණ භාවිතා කරනු ලැබේග
එසේ වුවත් ඒවා පැළඳ සිටින පුද්ගලයන්ට මේ වනවිට තවත් ගැටලුවකට මුහුණ දීමට සිදු වී තිබේග යම් අයෙක් තුළ කුමන හෝ ආබාධයක් ඇති වුවද ඒ බව වෙනත් අයට නොහැඟෙන පරිදි ජීවත් වීමට ඔවුන් උත්සාහ ගත්තත් ශ්‍රවණ ඌනතා සඳහා පළඳින ශ්‍රවණ ආධාරක පිටතට පෙනීම ඔවුන්ට විශාල ගැටලුවක්ග
මේ හේතුව නිසා ශ්‍රවණාධාරක පළඳින බොහෝදෙනා ඒවා පැළඳීමට එතරම් කැමැත්තක් නොදැක්විය හැකියිග
නමුත් මෙම අපහසුතාව මඟහරවා ගත හැකි පරිදි නිපදවා ඇතිල ඇසට නොපෙනෙන මට්ටමේ ශ්‍රවණාධාරක නිපදවා ඇති අතර ඒවා පිළිබඳව ද මෙම ලිපිය යටතේ තවදුරටත් විමසා බලමුග
විවිධාකාර වූ ශ්‍රවණ දුර්වලතා මොනවාදරෑ
ශ්‍රවණය එසේත් නැත්නම් ඇසීම යනු පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් තත්ත්වයකිග ඒ අතුරින් ශ්‍රවණාබාධිත පුද්ගලයන් ලෙස හඳුන්වන්නේ අඩු ශ්‍රවණ මට්ටමක් සහිත පුද්ගලයන්යග එවැනි අඩු ශ්‍රවණ මට්ටමක් සහිත පුද්ගලයන් ද පහත ආකාරයට කොටස් කිහිපයක් යටතට වර්ග කළ හැකියිග
ඒ අනුව ශ්‍රවණ ආබාධිත පුද්ගලයන් අතුරින් ඇතැම් පුද්ගලයන්ට අපි කථා කරන හඬ ඇසෙන නමුත් ප්‍රකාශ කරන කරුණ පිළිබඳ නිවැරදිව අවබෝධ නොවේග මේ නිසා එම පුද්ගලයන් අප යමක් ප්‍රකාශ කළ පසු අපි පැවසුවේ කුමක් ද යන්න පිළිබඳව නැවත නැවතත් අපෙන් විමසනු ලැබේග එසේත් නොමැති නම් අදාළ කරුණ තමාට තේරුම් ගිය බව අඟවා ඒ වචන ඇසුණු ලෙස සිටිනු ලැබේග
මීට අමතරව ඇතැම් පිරිසකට අවට පරිසරයේ හඬ අධික ස්ථානවලදී එනම් අපනශාලාල බස් රථ ආදියේදී යමෙක් පවසන දේවල් නිසිලෙස නොඇසිය හැකියග තවද මෙවැනි ශ්‍රවණ ඌනතාවක් ඇති අයට ඔවුන්ට පිටුපසින් සිට පවසන දේවල් ද පැහැදිලිව නොඇසේග එසේ වුවත් කථා කරන තැනැත්තාගේ මුහුණ පෙනෙන ලෙස කථාබහේ නිරත වන විට ඒ වචන හොඳින් තේරුම් ගනු ලැබේග
මෙවැනි ශ්‍රවණාබාධිත තැනැත්තන් අතුරින් තවත් පිරිසකට ඔවුන් අවටින් ඇසෙන විශාල ශබ්ද පමණක් ග්‍රහණය වේග නමුත් යම් පුද්ගලයෙකු කථා කළහොත් ඒ හඬ ශ්‍රවණ ආබාධිත තැනැත්තාට නොඇසී යා හැකියිග එසේ ඔවුන්ට ඇසෙන ශබ්ද සඳහා උදාහරණ ලෙස මෝටර් රථ නලා හඬල රතිඤ්ඤා හඬ ආදිය පිළිබඳ හඳුන්වා දිය හැකියිග
කෙසේ වෙතත් ඉහත පැහැදිලි කළ විවිධ ශ්‍රවණ ඌනතා අනුව පෙනී යන්නේ පුද්ගලයාගෙන් පුද්ගලයාට ශ්‍රවණ මට්ටමේ වෙනස් වන බවත්ල ඇසීමේ ප්‍රමාණය ක්‍රමයෙන් අඩු වන විට ප්‍රකාශ කරන වචන අවබෝධ කරන ප්‍රමාණය අඩු බවත්යග
Wmqgd .ekSu