Beauty
පැෂන් පෘට් වලින් ලස්සන වෙන හැටි
අපි ගොඩක් අය දන්නවා පැෂන් පෘට් කියන්නේ ගොඩක් රසවත් පළතුරක්. මෙය පලතුර විදියටම කන්නත් පුළුවන්, ජූස් එකක් වගේ හදන් බොන්නත් පුළුවන්. කොහොම නමුත්, අද අපි කියන්න යන්නේ මේකේ ඇති රස ගැනම විතරක් නෙමේ, මේ පැෂන් පෘට් ඔයාගේ ආහාරයට එක් කර ගැනීමෙන් ඔයාගේ ලස්සන වැඩි කර ගන්න මොනවද ඔයාට මෙයින් ලැබෙන වාසි ගැනයි.
01. පැෂන් පෘට් වල විටමින් A තියෙන නිසා, එමගින් ඔයාට නිරෝගිමත් පැහැපත් සමක් ලබා ගන්න පුළුවන් (සමේ සෛල වර්ධනයත් උපකාරී වෙනවා).
02. මෙහි විටමින් C අඩංගු වෙන නිසා, එමගින් ඔයා "ඉක්මනින් වයසට යෑම" වලක්වන අතර ඔයාගේ ඇඟේ හොද ප්‍රතිශක්තිකරණ තත්වයක් ඇති කරයි.
03. නිරෝගී කෙස් කලබක් පවත්වා ගන්නත් පැෂන් පෘට් උදව් වෙනවා.
04. පැෂන් පෘට් වල විටමින් A, C, B2, B6 සහ කොපර්, පොටෑසියම් වැනි ඛනිජ වර්ග තිබෙන නිසා, හිසකෙස් සම්බන්ධ රෝග ඇතිවීමට ඇති අවධානම ගොඩක් අඩු කරනවා.
05. පැෂන් පෘට් වලට ඔබව "සන්සුන්" කිරීමේ හැකියාවක් තියෙනවා කියල මිට කලින් දැනන් හිටියද? ඔයා නින්දට යන්න කලින්, පැෂන් පෘට් ජූස් වීදුරුවක් බොනවා නම්, ඔයාට සුව නින්දක් ලැබෙනවා. එමගින් ඔයාගේ ආතතිය(stress) අඩු කර ගන්න පුළුවන්. මොකද ආතතිය ඔබව අවලස්සන කරන්න හේතු වෙනවා.
06. පැෂන් පෘට් වල කැලරි, සෝඩියම් සහ මේදය අඩු නිසා, මෙය ඔයාගේ අනවශ්‍ය බර අවම කර ගන්නත් උදව් වෙනවා. ලස්සන හැඩකාර සිරුරක් ලබා ගන්නත් පුළුවන්!
පේනවා නේද පැෂන් පෘට් කෑවොත්, බීවොත් ඔයාට ලැබෙන වාසි! මේ පලතුරු ලංකාවේ වැඩිය මිල අධිකත් නැති නිසා, ඔයාලට අඩු මුදලක් ගෙවා, ස්වභාවික විදියට ලස්සන වෙන්න පුළුවන්. Try කරලා බලන්නකෝ....
yeheliya.lk
(under the courtesy of goodhousekeeping.lk web)