Life
පැය භාගයකට වඩා ඇවිදීම හොඳ නෑ
නිරෝගී අස්ථි පද්ධතියක් තිබීම නිරෝගිමත් ජීවිතයකට අත්‍යාවශ්‍ය කරුණක්. විශේෂයෙන් ම ගෙදර දොරේ විශාල වැඩ කොටසක් කරන ගෘහණිය තම අස්ථි පද්ධතිය පිළිබඳව විශේෂ සැලකිල්ලක් දැක්විය යුතුයි. ඒ; කාන්තාවන්ගේ අස්ථි, සන්ධි ඉතා පහසුවෙන් රෝගී විය හැකි නිසයි. ඒ වගේ ම ඇවිදීමට නොහැකි ආකාරයට වැඩපලක් කරගත නොහැකි ආකාරයට ගෘහණියගේ අස්ථි බිඳී ගියහොත් එය පවුෙල් සියලුම දෙනාගේ වැඩකටයුතු වලට ජීවිත වලට ඍජුවම බලපෑම් ඇති කරනවා. ඒ නිසයි අද අප අදහස් කළේ ශරීරයේ අස්ථි පද්ධතිය නිරෝගීව පවත්වාගෙන යාමට කුමක් කළ යුතු දැයි කියා සාකච්ඡා කිරීමට.
අපේ ශරීරය ඍජුව තබා ගැනීමට ඉවහල් වන්නේ අපේ අස්ථි පද්ධතියයි. හිස් කබලේ සිට උරහිස් දෑත්, කොඳු ඇට පෙළෙහි සිට දෙපාවල ඇඟිලි දක්වා තිබෙන අස්ථි පිළිබඳව සලකා බලන විට අපගේ ශරීරයේ අස්ථි 200 ක් පමණ තිබෙනවා. මෙම අස්ථි පමණක් තිබුණේ නම් අපට චලනය වීමේ හැකියාවක් ඇත්තේ නෑ. අස්ථිවලට චලනය වීමේ හැකියාව ලැබෙන්නේ
Wmqgd .ekSu is