Kitchen
ප්‍රෝන්ස් සැලඩ් සමග ස්වීට් ඇන්ඩ් සවර් සෝස්
අවශ්‍ය ද්‍රව්‍ය:
තරමක් ලොකු ඉස්සන් ග්‍රෑම් 100
ලොකු රතුපාට ඇපල් ගෙඩි 1
කොටු කපාගත් අන්නාසි කෝප්ප බාගයක්
හතරට පලාගත් ස්ට්‍රෝබෙරි ගෙඩි 6
සාදන ක්‍රමය:
ඉස්සන්
විනාකිරි සහ ලුණු මිශ්‍ර වතුරේ දමා තම්බන්න. එහි වතුර බේරා පසෙකින් තබන්න.
කොටු කපාගත් අන්නාසි වලට සීනි මේස හැඳි 1 දමා ස්ටු කර එහි ඉස්ම පසෙකින්
තබන්න. ඇපල් ගෙඩිය කොටු කපා අයිස් වතුරේ තබන්න.
සවර් සෝස්
අවශ්‍ය ද්‍රව්‍ය:
අන්නාසි ස්ටු පැනිය
ඇපල් සයිඩ් විනාකිරි මේස හැඳි 1
කහපාට පැණි බීම තේ හැඳි 2
ලුණු ස්වල්පයක්
වතුර කෝප්ප බාගයක්
සාදන ක්‍රමය:
ඉහත
සියල්ල බඳුනකට දමා උතුරුවන්න. උතුරන විට කෝන් ෆ්ලවර් තේ හැඳි 1 වතුරින්
දියකර මිශ්‍රණයට දමන්න. එය තරමක් උකුවට සාදන්න. ඉස්සන් සමග කපාගත් ඇපල්,
අන්නාසි, ස්ට්‍රෝබෙරි හැන්දෙන් මිශ්‍ර කරන්න. පිඟානක සලාද කොළ තබා ඒ මත
ඉස්සන් මිශ්‍රණය දමා සාදා ගත් සෝස් එක දමන්න.
(under the courtesy of sithmalyaya.com web)