SexEducation
ප්‍රථම ලිංගික එක්වීමෙන් වසර 5ට පසු කළයුතු දේ මෙන්න
ශ්‍රී ලංකාවේ කාන්තාවන්ට සැදෙන පිළිකා අතුරින් ගැබ් ගෙල පිළිකාව දෙවැනි ස්ථානය ගන්නවා. පුර්ව පිළිකා අවධියේදී හඳුනා ගත්තේ නම් එම තත්ත්වය පිළිකාවක් බවට පත් වීම වැළැක්විය හැකියි.
ගැබ් ගෙල පිළිකාව බොහෝ දුරට ගැබ් ගෙල ආශ්‍රිතව හියුමන් පැපිලෝමා වෛරසය ආසාදනය දිගුකල් පැවැතීම මඟින් ඇති විය හැක.
පූර්ව පිළිකා අවදියේදී රෝග ලක්ෂණ නොමැති වූවත් පැප් පරීක්ෂණයක්මඟින් රෝගය හඳුනා ගෙන නිසි ප්‍රතිකාර මඟින් පිළිකාව ඇති වීම වැළැක්වීය හැකි බවයි පැවසෙන්නේ.
ගැබ් ගෙල පිළිකාවක රෝග ලක්ෂණ යෝනි මාර්ගයෙන් අක්‍රමවත් රුධිර වහනය, ලිංගික සංසර්ගයට පසු රුධිර වහනය, යෝනි මාර්ගයෙන් අධික දුර්ගන්ධයකින් යුතු ශ්රාවයක්පිට වීම, මාස්ශුද්ධිය නැවතී ඇති කාන්තාවන්ගේ යෝනි මාර්ගයෙන් රුධිරය පිට වීම වැනි රෝග ලක්ෂණයන්ය. මෙම රෝග ලක්ෂණ පිළිකාවක්නොවන තත්ත්වවලදීද ඇති විය හැකි බව සිහි තබා ගත යුතුයි.
ගැබ් ගෙල පිළිකාවක අවදානම වැඩි කවුරුන්ටද?
හියුමන් පැපිලෝමා නමැති වෛරස ආසාදිත කාන්තාවන්ට, අඩු වයසින් ලිංගික ජීවිතය ඇරඹු කාන්තාවන්ට, බහු පුරුෂ සේවනයේ යෙදෙන කාන්තාවන්ට, බහු ස්ත්‍රී සේවනයේ යෙදෙන පුරුෂයන් සමඟ ලිංගිකව සම්බන්ධ වන කාන්තාවන්ට, අක්‍රියව හෝ දුම් පානයේ යෙදෙන (සිගරට් දුම ආඝ්රාතය කරන) කාන්තාවන්ට, විවිධ රෝග සඳහා ප්‍රතිශක්තිකරණය හීන කරවන බෙහෙත් ගන්නා කාන්තාවන්ට, ලිංගිකව බෝවන රෝග සෑදී ඇති කාන්තාවන්ට.
ගැබ් ගෙල පිළිකාවක්හඳුනා ගැනීම සඳහා පැප් පරීක්ෂණයකට සහභාගි වීමේදී මාස්ශුද්ධිය නොමැති දිනෙක පරීක්ෂණ සඳහා යොමු විය යුතුයි. පැප් පරීක්ෂණය නිරෝගි කාන්තාවන් වෙනුවෙනි. අවුරුදු 35 වැඩි කාන්තාවන් මේ සඳහා යොමු විය යුතු අතර, ලිංගික සම්බන්ධතා පවත්වන කාන්තාවන් පැප් පරීක්ෂණයට යොමු කරනු ලැබෙනවා.
ලිංගික සම්බන්ධතා පවත්වන කාන්තාවන් ප්‍රථම ලිංගික එක්වීමෙන් වසර 5 කට පසු පරීක්ෂණයට යොමු විය යුතුයි.
රෝහල් මඟින් පැවැත්වෙන ප්‍රදේශයේ සුවනාරි සායන තුළින් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල මඟින් පවත්වනු ලබන සුවනාරි සායනයෙන් පිළිකා කලින් හඳුනා ගැනීමේ ජාතික සායනයෙන් නොමිලේ පැප් පරීක්ෂාව සිදු කර ගත හැකියි.
Wmqgd .ekSu ��r mqj;am; weiqfrks