දවල් "පච්ච" රෑට "රූබි" (අභඡර) (රතු) ලෙස අනුවර්ථ නාමයකින් හඳුන්වන පසිංගල් සහ පසිංගල් වෛරෝඩි යන මැණික් වර්ග දෙක හරිම විජ්ජාකාරී මැණික් ලෙස හඳුන්වන්න පුළුවන්. මොකද මෙම මැණික් දහවල් කාලයේ පෙනෙන වර්ණයට හාත්පසින් වෙනස් වර්ණයකට රාත්‍රි කාලයේ පන්දම් ආලෝකය හෝ ටංස්ටන් ආලෝකය හමුවේ දිස්වන නිසා.
දවල් "පච්ච" රෑට "රූබි" (අභඡර) (රතු) ලෙස අනුවර්ථ නාමයකින් හඳුන්වන පසිංගල් සහ පසිංගල් වෛරෝඩි යන මැණික් වර්ග දෙක හරිම විජ්ජාකාරී මැණික් ලෙස හඳුන්වන්න පුළුවන්. මොකද මෙම මැණික් දහවල් කාලයේ පෙනෙන වර්ණයට හාත්පසින් වෙනස් වර්ණයකට රාත්‍රි කාලයේ පන්දම් ආලෝකය හෝ ටංස්ටන් ආලෝකය හමුවේ දිස්වන නිසා.
පසිංගල් දහවල් ආලෝකයේදී හොඳ කොළ වර්ණය එනම් පච්ච පාටට දිස්වෙනවා. එම ගලම රාත්රියේදී රතු වර්ණයට එනම් ආලෝක පන්දමක ගින්දර හමුවේ හෝ ටංස්ටන් බල්බයක කහ ආලෝකය හමුවේ රක්ත වර්ණ ගැන්වෙනවා. ඉස්සර ඒ කියන්නෙ මීට වසර එකසිය පනහකට පමණ කලින් මෙය අපූරු විජ්ජාවක් ලෙස සැලකුවත් අද එයට හේතුව විද්‍යාව මඟින් තහවුරු කරගෙන තිබෙනවා.
ක්‍රිසෝබෙරිල් කුලයට එනම් "කණක" කුලයට අයත් මෙම පසිංගල් තුළ කේරා්මියම් කියන රසායනිකය යම් ප්‍රමාණයක් අන්තර්ගතව තිබීම මෙසේ හරිත වර්ණ ක්‍රිසෝබෙරිල් ගල තුළින් ටංස්ටන් ආලෝකය හමුවේ රතු වර්ණය දිස් වීමට හේතුවක්.
මෙම කේරා්මියම්වලට අමතරව ක්‍රිසෝබෙරිල් එනම් කණක වර්ණයේ ගලක් තුළ අයන් අන්තර්ගතව තිබීම තුළින් පසිංගල් ස්වභාවය ලෙස කෙනකුට දිස්වන්න පුළුවන්. මොකද අයන් යන සංඝටකය හමුවේද මෙම ක්‍රිසෝබෙරිල් ගල ටංස්ටන් ආලෝක කදම්භයක් වෙත එල්ල කළොත් රතු වර්ණයට පෙරළී දිස්වන බැවින්. නමුත් අයන් සංඝටකය නිසා වර්ණය වෙනස් වන කණක ගලක් කිසි විටෙකත් "පසිංගල්" ලෙස අර්ථ දැක්වීම නොකළ යුතුයි.
අද සමාජයේ ව්‍යාජ මැණික් උපදේශකවරු වැහි වැහැල ඉන්න අවධියක නිවැරැදි පුද්ගලයන් කවුද කියන එක තෝරාගැනීම ඔබේ බුද්ධියට භාර කළ යුතු දෙයක්.
මා මෙසේ සඳහන් කළේ මැණික් ගලක් හඳුනා ගැනීම ආවාට ගියාවට සිදුකළ නොහැක්කක් බව ඔබට ඒත්තු ගැන්වීමටයි. කණක වර්ගයේ මැණිකක් තුළ කේරා්මියම් අන්තර්ගත නම් පමණක් එය පසිංගල් ලෙස හැඳින්විය යුතු අතර එතුළ අයන් අන්තර්ගත වීම අපද්‍රව්‍යයක් ලෙස අපි හඳුන්වනු ලබනවා.
මෙසේ කේරා්මියම් අන්තර්ගත කණක පසිංගලය පියවි ඇසට දහවල් හිරු එළියේ කොළ වර්ණය තුළින් යන්තම් පෙනෙන නොපෙනෙන දම් වර්ණයක් ලෙස දිස්වෙනවා. ඒ වගේම අයන් අන්තර්ගත කණක ගලක් දහවල් හිරු එළියේදී කොළ වර්ණය තුළින් දුඹුරු වර්ණය දිස්වෙනවා. කෙසේ නමුත් මේ තත්ත්වයන් හරිහැටි වටහා ගැනීමට ඔබ මැණික් විද්‍යාව තුළ බොහෝ ගැඹුරු අත්දැකීම් ඇති අයකු විය යුතුයි.
මොකද මෙසේ වර්ණ වෙනස්වීම සිදුවන්නේ පසිංගල් තුළම පමණක් නොවන නිසා. තෝරමල්ලි සහ වර්ණ වෙනස් කෙරෙන ගානට් මැණික්ද මේ කණක පසිංගල් වගේම වර්ණ වෙනස්වීම සිදු කෙරෙනවා. එම ගල්ද කොළ වර්ණයේ සිට රතු වර්ණයට වර්ණ වෙනස් කිරීම ටංස්ටන් ආලෝකය හමුවේ සිදු කරන අතර කලාතුරකින් ස(ර්)කන් (ජාගුන් තෝර) මැණික්ද මෙලෙස වර්ණ වෙනස් කිරීමේ හැකියාව ඇතිව හමුවෙනවා. ඒ වගේම අනෙක් මතක් කළයුතු කරුණු තමයි කෘත්‍රිමව නිෂ්පාදනය කළ පසිංගල් ද අද බහුලව වෙළෙඳපොළේ දක්නට ලැබීම. මේ නිසා මා ඔබට නැවතත් මතක් කරන්නෙ පිළිගත් මැණික් පරීක්ෂණ ආයතනයක සහතිකය සහිතව මැණික් ගලක් මිලදී ගැනීමට ඔබ සැලකිලිමත් වන්න කියලයි.
පසිංගලය කපා ඔප දැමීම සිදු කරන්නෙ පට්ටම් ස්වභාවයට. නමුත් මෙම පසිංගලයම මලුක්කම් හැඩයට කැපීමෙන් එහි ඇති "සිල්කි ගුණය" එනම් වෛරෝඩි ගුණය ඇත්නම් එය පසිංගල් වෛරෝඩි කියන අති දුර්ලභ මැණික් වර්ගය අපට ලබාගන්න පුළුවන්. තවත් විදියකින් කියනව නම් කොළ වර්ණයේ එනම් හරිත වර්ණයේ කණක වෛරෝඩියක කේරා්මියම් අන්තර්ගතවීම තුළ එය ස්වාභාවික ආලෝකයේ කොළ පැහැ වෛරෝඩියක් ලෙසත් ටංස්ටන් ආලෝකයේ හෝ ගින්දර හමුවේ රතු පැහැති වෛරෝඩියක් ලෙසත් පෙනෙන්නට ගන්නව.
ඉතින් මේ පසිංගල් සහ පසිංගල් වෛරෝඩි පැලඳීමේදී ද යම් මට්ටමකට ඔබගේ කේන්දරය පිළිබඳ අවබෝධයක් ලබාගත යුතු වෙනව. කේන්දරයේ කුජ, බුධ සහ කේතු යන ග්‍රහ පිහිටීම්වල ස්වභාවය සලකා බලා අවබෝධ කර ගැනීමෙන් පසිංගල් සහ පසිංගල් වෛරෝඩි පැලඳීම සිදු කළ යුතුයි.
එසේ සැලකීමෙන් පැලඳිය හැකිනම් පසිංගල් හෝ පසිංගල් වෛරෝඩි ව්‍යාපාරික භවතුන්ටත් රජයේ තනතුරු තානාත්තර බලාපොරොත්තු වන්නන්ටත් කියාපු මැණික් ගලක්. මොකද පසිංගල් පැලඳීම තුළ ඔබ ආයතනයේ රජ කරවන බව කියැවෙන අතර ව්‍යාපාරිකයකු නම් පසිංගල් සහ පසිංගල් වෛරෝඩි පැලඳීම තුළ හදිසි ධන ලාභ, කටුක ව්‍යාපාරික ස්වභාවයෙන් අත්මිදීම සිදුවන අතර ඔබට පැමිණෙන ජීවිතයේ අපහසු අවස්ථා මඟහැර යෑමටත් එසේත් නැතිනම් එවැනි අවස්ථාවන්ට අති සාර්ථකව මුහුණදී ජය ගැනීමටත් ඔබට හැකිවනු ඇති.
ශ්‍රී ලංකාව සහ ඉන්දියාවේ ඔරිස්සා වැනි ප්‍රාන්ත වල ඉතා හොඳ තත්ත්වයේ පසිංගල් හමුවන අතර මෙම පසිංගල් ඉතා දුර්ලභ ඒ වගේම වටිනාකමින් ඉතා වැඩි අධික ඉල්ලුමක් පවතින මැණික් වර්ගයක්. බොහෝ දෙනකුට පැලඳීම සුදුසු මෙම වාසනාවන්ත මාණික්‍යයේ සාඩම්බර හිමිකරු වී ඔබත් එහි අපූරු බලය හරිහැටි අත්විඳින්න.