iranama
පලඳින මැණික සිරුරේ ගැටිය යුතුද?
මැණික් පැලඳීම සිදු කරන්නෙ මීට වසර දහස් ගණනකට පෙර ඉඳලා කියන එක අපි දන්නවනෙ. ඉතින් යම් කිසි කාරණාවක් තහවුරු කරගෙන එය සමාජයට දායාද කළාට පස්සෙ නොයෙකුත් ආකාරයෙන් එම ක්‍රමවේදය කාලයත් සමඟ වෙනස්කම්වලට භාජන වෙනවා. මැණික් පැලඳීමත් අද වෙනකොට මේ වගේ කාලයේ ඇවෑමෙන් එක එක කාලවකවානුවලට අනුව වෙනස් වීම්වලට භාජන වෙලා තිබෙනවා. මා මේ ලිපිය ඉදිරිපත් කරන්නට කල්පනා කළේත් දුරකතනය ඔස්සේ පාඨක ඔබ අසන්නා වූ නානාප්‍රකාර ප්‍රශ්න නිරවුල් කර ගැනීමට රුකුලක් ලෙසයි.
අපි මැණික් පලඳින්නේ ඇයි?
කියන පැනයට පිළිතුරු අපි මුලින් සොයාගෙන ඉඳිමු.
අපි කරන ලද පින් සහ පව් අපට බලපාන ආකාරය ජොතිෂයට අනුව පල සහ අපල ලෙස අපි හඳුන්වනවනෙ. ඉතින් මේ අපල අවස්ථාවන්ට මුහුණ දීමට අපහසු තත්ත්වයක් යටතේ ඒවාට ශක්තිමත්ව මුහුණ දීමට අවශ්‍ය ආධ්‍යාත්මික ශක්තිය, චිත්ත ශක්තිය සහ බාහිර පරිසරයේ රුකුල ලැබීම සඳහා මේ මැණික් ගල් පැලඳීම උපකාරී වෙනවා. මේ කියන සියල්ල පාලනය වෙන්නෙ මිනිසාගේ වටා ඇති තේජෝ මණ්ඩලය හෙවත් ඕරා (ඒභපච) වළල්ලෙහි ඇති තීව්‍රතාව මත බව මා පෙර ලිපිවලත් කිහිප විට විස්තර කරලා දීලා තිබෙනවා. අපල අවස්ථාවන්හිදී එම කාලවකවානුවලදී අපගේ දුර්වල වන ඕරා ශක්තිය කුමක්දැයි තේරුම් අරගෙන එය ශක්තිමත් කිරීම තමයි මේ මැණික් ගල්වලින් සිදු වෙන්නෙ.
ඒ වගේම අපට පල දෙන උදවු කරන යම් ග්‍රහ බලපෑමක් වේ නම් එම බලපෑම තවත් ශක්තිමත් කිරීමද මේ මැණික් පැලඳීම තුළ අපට සිදු කළ හැකි වෙනවා. ඔබ සිතට ගත යුතු තවත් දෙයක් තමයි කිසි විටෙකත් මැණික් ගලකින් කිරණ පරාවර්තනය සහ ග්‍රහ බලපෑමක ශක්තිය අඩු කිරීම කළ නොහැකි බව. ඒ කියන්නෙ අපි නිතරම මැණික් පලඳින්නෙ ග්‍රහ බලපෑමක ශක්තිය වැඩි කරන්න මිසක් ශක්තිය අඩු කරන්න නොවේ. උදාහරණයක් ලෙස සෙනසුරු දශාව ලැබූ අවස්ථාවක් සිතමු. සෙනසුරු දශාව කියලා කියන්නෙ කෙනකුගේ චක්‍ර හතෙන් මූලාධාර චක්‍රය දුර්වල වන කාල පරාසයටයි. ඉතින් මේ කාලයේ සෙනසුරු ලැබූ පුද්ගලයාගේ ඕරා වළල්ලේ වර්ණ නිරීක්ෂණය කළහොත් සෙනසුරුට අදාළ ඕරා වර්ණය වන දම් වර්ණය දුර්වලව තිබෙනු අපට දකින්නට පුළුවන්. මේ ඕරා වළල්ල කියලා කියන්නෙ අපිට පැමිණෙන අපලවලින් අපිව ආරක්ෂා කරන ආරක්ෂක වළල්ලටයි. එහි සෙනසුරුට අදාළ ඕරා වළල්ල දුර්වල වෙලා කියලා කියන්නෙ සෙනසුරු කාලයේ අපට පල දීමට ඇති අපලවලට අප ශරීරය හා සම්බන්ධ විය හැකිය යන්නයි. මේ අවස්ථාවට අප කළ යුත්තේ අපගේ දුර්වල ඕරාව ශක්තිමත් කර ගැනීමයි. මෙය සිදු කළ හැකි ක්‍රමවේදයන් අතර සාර්ථකම ක්‍රමය තමයි සෙනසුරුට අදාළ දම් පැහැ විශ්ව කිරණ (ඍඪතඪබ ඛ්ධඵථඪජ අචර) ඇදගැනීම සිදු කළ හැකි නිල් මැණික් පැලඳීම.
මේ ආකාරයෙන් අනෙක් ග්රහයන්ටත් ඒ ඒ ඕරා වර්ණවලට ගැළපෙන මැණික් පැලඳීම තුළ අපට අවශ්‍ය කරන බලවත් කිරීම් සිදු කරගන්නට පුළුවන්.
මෙසේ මැණික් පැලඳීමේදී නිතරම කේන්දර සටහනට අනුව අපි මැණික් තෝරාගැනීම සිදු කළ යුතු වන්නේ අපට අප පලඳින මැණික් තුළින් ගෙන එන්නෙ සතුරු බලපෑමක්ද මිතුරු බලපෑමක්ද යන්න තේරුම් ගැනීමටයි.
ඒ වගේම තවත් අප නඟන ප්‍රශ්නයක් තමයි අපි පලඳින මැණික් ගල ඇඟේ ස්පර්ශ විය යුතුමද? කියන එක.
"ඇත්තෙන්ම නැහැ"
මැණික් ගලක් ඇඟේ ස්පර්ශ වුණත් නැතත් එම මැණික් ගල ඇත්තේ ඔබේ ඇඟේ සිට අඟලක තරම් දුරක් තුළ නම් එහි ශක්තිය ඔබට ලැබෙනවා. ගොඩක් අය මැණික් ගලක් පැලඳීමේදී එය ශරීරයට ස්පර්ශ විය යුතු යැයි සිතන්නට සහ කියන්නට හේතුවක් තිබෙනවා. ඒ තමයි මැණික් ගල් බොහොමයක් සඳහා කැපුම යොදන්නෙ එහි අඩිය යම් තරමක් ගැඹුරට සිටින පරිදියි. අපි මෙය අඩි වාසිය ලෙස හඳුන්වනවා. ඉතින් මේ අඩි වාසිය නිසා මැණික් ගල් මුදුවලට හෝ පෙන්ඩන්වලට සවිකර පැලඳීමේදී සියයට අනූ පහක පමණ මෙසේ ඇඟට ස්පර්ශ වී තිබෙනු අපිට දකින්නට පුළුවන්. ඒ වගේම තවත් සමහරු අහනවා මේ මැණික් ගල්වල අඩිය කපා පැලඳිය යුතුද කියන එක. මෙසේ අඩිය කැපීම සහ අඩිය ඇතිව මැණික් පැලඳීම තුළ පරාවර්තනය සහ අවශෝෂණය කියන කාරණය මේ පුද්ගලයන් ඉස්මතු කරන්නට උත්සාහ ගැනීමත් සිදුවන දෙයක්. මැණික් ගලක අඩිය තුඩ කපා පැලඳීම කිසිසේත් සිදු නොකළ යුතු දෙයක්. නමුත් දියමන්ති පැලඳීමේදී නම් එහි අඩිය කිසි විටෙකත් ඇඟේ ස්පර්ශ වීමෙන් වැළකෙන ලෙස තමා පලඳින මුදුව හෝ පෙන්ඩන්ට් එක සාදාගත යුතු වෙන්නෙ දියමන්තිවල විකිරණශීලී හැකියාව නිසා ඇඟේ ස්පර්ශ වීම අහිතකර වන බැවින්. කෙසේ වෙතත් මැණික් පැලඳීම එක එක මතවාදයන්ට තුඩුදී ඇති කරුණක් බැවින් ඔබ මැණික් පැලඳීම පිළිබඳ ලබාගන්නා උපදේශනය හරි හැටි මැණික් පිළිබඳ දැනුමක් ඇති ආයතනයකින් ලබා ගැනීමට වඩාත් උචිත බව සිතට ගන්න.
Wmqgd .ekSu u