Life
නොමේරු දරු උපත් වැඩි වෙන්නේ ඇයි?
වෛද්‍ය සාරධා හේමප්රිය ප්‍රසව හා නාරිවේදී
වර්තමානය වන විට බොහෝදෙනා නොමේරූ දරු උපත් ගැන අවධානයෙන් පසුවන්නේ එය අද දුර්ලභ පුවතක් නොවන නිසයි. සාමාන්‍ය නිරෝගී දරු උපතක් ලබාගැනීම සෑම කාන්තාවකගේම බලාපොරොත්තුව වුවත් නොමේරූ දරු උපත් සිදුවීමේ ප්රවණතාවක්ද ඇති නිසා ඔබත් මේ ගැන දැනුවත් වීම වැදගත්ය.
නොමේරූ දරු උපතක් යනු
සාමාන්‍ය දරු උපතක් ලෙස සලකනු ලබන්නේ සති 40ක කාලසීමාවයි. දින 280ක් ලෙස හඳුනාගනු ලබයි. එය සලකන්නේ අවසන් වරට ඔසප් වීම නැවැතුණු දිනයේ සිට දින 280ක් පෙරටය. මෙය මාස 10ක් නොව මාස 9යි දින 7ක කාල සීමාව තුළ සිදුවන්නකි. දරුවාගේ පෙණහලු මේරීම සිදුවන්නේ සති 37කදීය. මෙම කාලසීමාවෙන් පසුව දරුවා ප්‍රසූත කරන විට ගැටලු ඇති නොවේ. සති 37කට පෙර සිදුවන දරු උපතක් නම් එය නොමේරූ දරු උපතකි. සති 8කින් පසුව දරුවා ප්‍රසූත කළ විට එය නොමේරූ දරු උපතක් වුවද දරුවා අවදානම් තත්ත්වයක පසුනොවේ.
Wmqgd .ekSu u