Health
නොගැලපෙන ශ්‍රවණාධාරක නිසා ඇතිවන විවිධාකාර සංකූලතා
ඕනෑම භාණ්ඩයක් මිලට ගන්න විටදී ඔබ කෙතරම් ඒ පිළිබඳ විමසිලිමත් වෙනවාදරෑ නමුත් ඒවා කෙතරම් හොඳ තත්ත්වයේ තිබුණත් ඔබගේ අවශ්‍යතාවට නොගැලපෙනවා නම් ඉන් කිසිදු ප්‍රයෝජනයක් නොමැති විය හැකියිග ශ්‍රවණ ඌනතා සඳහා පළඳින ශ්‍රවණාධාරක පිළිබඳව කථාබහ කිරීමේදී ඒවා සම්බන්ධව ද පවතින්නේ ඉහත පැහහැදිලි කළ ආකාරයේ තත්ත්වයක්ග එනම් ශ්‍රවණාධාරක මිලදී ගන්නා විටත් ඒවා කෙතරම් ඔබගේ ශ්‍රවණ පරාසය හා ගැලපෙනවාද යන කරුණ පිළිබඳව එහිදී සැලකිලිමත් විය යුතු අතර එසේ නොවුණහොත් ඔබට මුහුණ දීමට සිදුවන සංකූලතා ප්‍රමාණය තව තවත් වැඩි වේවිග
ශ්‍රවණ ඌනතා සුව කර ගැනීමට වෛද්‍ය ප්‍රතිකාර තිබේදරෑ
ශ්‍රවණ ඌනතාවක් තාවකාලිකව මෙන්ම ස්ථීර ලෙසද මිනිසා තුළ ඇතිවිය හැකියිග ඇසීමේ යම් අඩුකමක් දැනුන විට ඔබ උගුර කන නාසය සම්බන්ධ වෛද්‍යවරයෙකු මුණගැසිය යුතුයිග එම වෛද්‍ය උපදෙස් මත ඔබට වැළඳී ඇති ශ්‍රවණ ඌනතාව සුව කළ හැකි තාවකාලික තත්ත්වයේ එකක් නම් ඊට අදාළ වෛද්‍ය ප්‍රතිකාර ලබා ගත හැකියිග නමුත් සුව කළ නොහැකි ස්ථීර තත්ත්වයේ ශ්‍රවණ ඌනතාවක් නම් ඒ සඳහා විසදුමක් ලෙස ශ්‍රවණාධාරක (Hearing Aids) භාවිතය සඳහා උපදෙස් ලබාදෙනු ලැබේග
එවැනි ශ්රවණාධාරයකින් සිදු කෙරෙන කාර්යය කුමක්දරෑ
ශ්‍රවණාධාරක යනු ශබ්දය ඇසීම සඳහා උපකාරී වන උපකරණයකිග ශ්රවණාධාරයක ආධාරයෙන් යම් ශ්‍රවණ ඌනතාවක් සහිත පුද්ගලයෙකුට පෙරදී පැහැදිලිව නොඇසුණු ශබ්ද හොඳින් ඇසීමේ අවස්ථාව උදාකර ගත හැකියිග මේ නිසා අදාළ පුද්ගලයාට තමාගේ පවුලේ සාමාජිකයින් සමඟ පෙර මෙන් කථාබහේ නිරත වීමට පමණක් නොවේ සිත්සේ විනෝද වීමට ද අවස්ථාව උදා වී තිබේග යම්ලෙසකින් ශ්‍රවණාබාධයට ලක් වූයේ පාසැල් දරුවෙක් නම් මෙම ශ්‍රවණාධාරක උපකරණ හරහා ඉතා හොඳින් තම අධ්‍යාපන කටයුතුවල නිරත වීමට එය උපකාරී වනවා මෙන්ම තමාගේ මිතුරු මිතුරියන් සමඟ කටයුතු කිරීමට ද ඉතාමත් පහසුවක්ග
ඕනෑම ශ්රවණාධාරකයක් ඕනෑම පුද්ගලයෙකුට ගැලපෙනවාදරෑ
ස්ථීර වශයෙන් පවතින ශ්‍රවණාබාධ සඳහා ප්රතිකර්මය ශ්‍රවණාධාරක භාවිතය වුවත් වෙළඳපලේ තිබෙන ඕනෑම ශ්රවණාධාරකයන් ඕනෑම අයෙකුට නොගැලපේග උදාහරණ වශයෙන් යම් අක්ෂි දුර්වලතාවක් සහිත අයෙකුට ඔවුනොවුන්ටම අන්‍ය වූ පෙනීමක් තිබෙන අතර එම පෙනීමේ පරාසයට අදාළ ඇස් කණ්ණාඩි භාවිතය වඩාත් සුදුසු වන්නා සේ ඇසීමේ විවිධ පරාස අනුව ඊට අදාළ ශ්‍රවණ පරාස සහිත ශ්‍රවණාධාරක භාවිතය වඩාත් සුදුසු වේග මන්දයත් පෙනීම මෙන්ම ඇසීමේ ඌනතාවන් ද පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වන බැවිනිග ඒ නිසා යම් ශ්‍රවණාධාරයක් භාවිතා කිරිමට පෙර ඊට අදාළ පුද්ගලයාගේ ශ්‍රවණ මට්ටම පරීක්ෂා කර බැලීම ඉතාම වැදගත්ග එම පරීක්ෂණවල තොරතුරු දත්ත අනුව තමාට සුදුසු ශ්රවණආධාරක මොනවාදරෑ යන්න පිළිබඳ ශ්‍රවණ චිකිත්සකවරුන් විසින් ඉන් අනතුරුව ඔබට උපදෙස් ලබාදෙනු ලැබේග
නමුත් ඇතැම් අය තමාගේ සිතුමතේට වෙළඳපලෙන් මිලදි ගන්නා තත්ත්වයෙන් බාල ශ්‍රවණාධාරක පැළඳ ඔවුන්ගේ පවතින ශ්‍රවණ දුර්වලතාව තව තවත් ගැටලුකාරී බවට පත් කරනු ලැබේග මේ පිළිබඳව උදාහරණයක් මඟින් පැහැදිලි කළොත්ල යම් අයෙක් පරීක්ෂණවලට ලක් නොවී සිතුමතේට ශ්රවණාධාරකයක් මිලදී ගත්තා යැයි සිතන්නග එම ශ්රවණාධාරයන් මඟින් ශබ්දය ඉතා අධික ලෙස වර්ධනය කර දෙනවා නම් එය පළඳින පුද්ගලයාට පවතින්නේ සුළු ශ්‍රවණ ආබාධයක් නම් එම ශ්‍රවණාධාරකය පැළඳීම හරහා අදාළ තැනැත්තා සුළු වශයෙන් හෝ පවතින ශ්‍රවණ තත්ත්වයට ඉන් හානි සිදුවිය හැකියිග මීට අමතරව අධික ශබ්දය නිසා හිස කැක්කුම වැනි සංකූලතා ද ඇති කරවිය හැකියිග ඒ වගේම තමාගේ ඇසීමේ මට්ටමට වඩා අඩු ලෙස ශබ්දය වර්ධනය කර දෙන ශ්රවණාධාරකයක් පැළඳීමෙන් ද තමාට අවශ්‍ය හඬ පැහැදිලිව ශ්‍රවණය කිරිමේ අවස්ථාව ද නොලැබී යනු ලැබේග ඒ නිසා සෑම විටෙකම ඔබ මතක තබා ගත යුත්තේ ශ්රවණාධාරකයන් මිලදී ගැනීමේදී හැමවිටෙකම තමාගේ ශ්‍රවණ මට්ටමට උචිත ශ්‍රවණාධාරක මිලදී ගැනීමටයිග එසේ නොවුණහොත් ඔබේ ශ්‍රවණය සම්බන්ධව පවතින දුර්වලතාව තව තවත් උත්සන්න වීමට ද හැකියිග
Wmqgd .ekSu