Beauty
නිසි ලෙස ස්ක්‍රබ් කරමු
සමේ තදින් හා ගැඹුරින් පිහිටා ඇති මැරුණු සම ඉවත් කිරීමට සිදු කළ හැකි
පහසුම ක්‍රමය නම් ස්ක්‍රබ් වර්ගයක් ආලේප කර සම සීරීමකින් හෝ ඇදීමකින් තොරව
ඉවත්කර ගැනීමයි.
ස්ක්‍රබ් කිරීම මගින් මැරුණු සම ඉවත්කර ගන්නා අතර මුහුණට ෆේෂල් කිරීම ද
වැදගත් වෙයි. රූපලාවණ්‍යාගාරවල නම් ස්ක්‍රබ් කිරීම්වල දී ෆීල් ඕෆ් මාස්ක්
භාවිත කරයි. එහෙත් ස්ක්‍රබ් එක සිදුකරන්නේ ගෙදරදී නම් ඒ සඳහා ඔබට ස්වභාවික
ද්‍රව්‍ය යොදාගත හැකි ය.
මැරුණු සම ඉතාමත් තුනී ය. ඒ නිසා එය ඉවත් කරන විට ඊට යටින් ඇති සමට හානි නොවන අන්දමින් ඉතා ප්‍රවේශමෙන් කළ යුතු වේ.
ස්ක්‍රබ් එක සිදු කළ යුත්තේ කුමන ආකාරයෙන් ද?
කම්මුල මත දබරැඟිල්ල සහ මැදඟිල්ල තබා අනිත් අතේ දබරැඟිල්ලෙන් සෙමෙන් සෙමෙන්
පිරිමැදීමයි. මෙය ඉතා පරිස්සමෙන් සෙමෙන් කළ යුතුයි. නැතිනම් යටි සමට හානි
සිදු වී සම කළු වේ.
නිවැරැදිව ස්ක්‍රබ් කිරීමෙන් සමේ මෘදු බව, පැහැපත් බව රැක ගැනීමට ඔබට හැකි ය. ස්ක්‍රබ් කළ හැම වතාවකම ටෝනර් ගැල්වීමට මතක තබාගන්න.
මෙම සත්කාරය මසකට වරක් හෝ සතියකට වරක් වුව ද කිරීම වරදක් නැත. ස්ක්‍රබ්
කිරීමෙන් බ්ලැක් හෙඩ්ස් සහ වයිට් හෙඩ්ස් ආදිය ඇත්නම් ඒවා පහසුවෙන් ඉවත් කර
ගත හැකි ය.
Wmqgd .ekSu oekqu weiqfrks